Spread the News

ප්‍රහසන කලාකාරියක් කියාගන්නා නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාව සම්බුද්ධ ශාසනයට පරිභව කිරීම නිසා ඇයව ශ්‍රි ලංකා පොලීසියට 2007 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ ලැබෙන පැමි මේ මස 27 දින රාත්‍රී අත්අඩංගුවට ගැනීම පිලිබඳව විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පලවෙමින් ඇත.

නටාෂ එදිරිසූරිය නිර්දෝෂී බව හැඟවීමට ඇඟේ සටන් සගයන් විසින් අන්තර් ජාලයේ පෙත්සමක් ද අත්සන් කෙරෙමින් පවතී.

අන්තර් ජාලයේ පෙත්ස ම : https://chng.it/mdVDg5Cy

එම පෙත්සමේ සදහන් කර ඇත්තේ නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම නීතී විරෝධී බවත්, අත්අඩංගුවට ගැනීම මගින් නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවත්, ඇයගේ ප්‍රහසනය මගින් බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමක් බලාපොරොත්තු නොවූ බවයි.

නමුත් බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය ප්‍රකාරව සදහන් බව සියලු රටවැසියන් සහ පුරවැසියන් දැනගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය උල්ලංඝනය කිරීම නිසා මෙරට ඓතිහාසික බෞද්ධ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වෙයි.

බුද්ධ ශාසනයට හානියක් වන සෑම අවස්ථාවකදීම රාජ්‍යය විසින් සම්බුද්ධ ශාසනය, සුරක්ෂිත කිරීමට, ආරක්ෂා කිරීමට, සහ පෝෂණය කිරීමටත් බැඳී ඇති ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීම ගැන ඉහළ සිට පහළට නඩු පැවරීමට හැකියාව සැම සිංහල බෞද්ධයෙකු සතු පරම අයිතියකි.

බුද්ධ ශාසනයට එරෙහිව සිදුවන අපරාධ පිලිබඳව පොලිසිය විසින් අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීම් කළ යුතු වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාපිත වගකීම් ඉෂ්ඨ කිරීමට පොලීසිය බැඳී සිටින බැවිනි.

තවද, අන්තර් ජාලයේ පෙත්සම්කරුවන් කියා සිටින්නේ බුද්ධ ශාසනයට නිගරුවක් කිරීම මගින් නටාෂා එදිරිසූරිය විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත උල්ලංඝනය කළා යැයි කියා අත්අඩංගුවට ගැනීම මගින් ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරන මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත ජාත්‍යන්තර පිලිගත් ලොව බොහෝ රටවල ජනවාර්ගික ගැටුම් අවම කරගැනීම සඳහා පිළිගෙන සම්මත කර ගන්නා ලද නීතියකි. එය ශ්‍රි ලංකාවේ ද පොදු නීතිය වෙයි.

නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත Anglo Saxon, Roman Jurisprudence එක මගින් ගොඩනගන ලද ජාත්‍යන්තර නීතියකි.

නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට බුද්ධ ශාසන නීතිය මගින් නොවේ. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් කඩවීමක් ඇයට සිදුවී නැත.

කරුණු විකෘති කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රි ලංකාව ගැන විරෝධය මතු කර ගැනීමටත්, ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමටත් ගන්නා කුමන්ත්‍රණයක් ලෙස අන්තර් ජාලයේ පෙත්සමක් නිකුත් කරමින් පෙත්සම්කරුවන් බලාපොරොත්තු වෙයි. ඔවුනට ද මෙරට ඇති නීති අණපනත් මගින් අධිකරණමය කටයුතු ආරම්භ කළ යුතුය.

  • ඉන්දික සහභණ්ධු
    භූදේශපාලනික කටයුතු නිරීක්ෂක.
    ආසියානු සහශ්‍රකය.
  • ————————————————————————————————

Natasha Ediriyasooriya and artistry of “sarcasm” against Buddha Sasana

A dangerous display of vulgarism has been demonstrated by Nathasha Edirirsooriya who finds cheap thrills from the mockery of Buddhism.

Not only has she tried to publicly insult Buddha for personal gain but she has followed in the footsteps of extremists who seek to harm the national identity of Sri Lanka.

There is a wider problem with this incident both across Sri Lanka and in the larger Buddhist world where such religious mockery is leading to a decline in personal ethics as seen with the increase of drug use among people who have fallen away from Buddhism.

A similar incident of mockery at the holiest shrine of Shwedagon Pagoda in Yangon, Myanmar occurred by a person with enough wisdom in life, like Nathasha Edirirsooriya, to know better when he set up a display of sex dolls on sacred grounds.

This incident in Yangon also lead to an arrest of the individual for their very poor choice of actions.

The consequences of these individuals cannot be tolerated because in a larger context this will influence others to mock our cultural identity; allowing for a rise in anti-Buddhist extremism to freely proliferate.

Nothing good has come from the detestable actions of Nathasha Edirirsooriya making Buddha the subject of her jokes.

Indika Sahabandu ,
Geopolitical Observer for Asian Millennium