Spread the News


නයිජීරියාවේ ඕවෝ නුවර ශාන්ත ප්‍රැන්සිස් කතෝලික දේවස්ථානයට ඊයේ එල්ලවූ නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන 50 ඉක්මවා ඇතැයි වාර්තාවේ.ඉරුදින දේව මෙහෙයට සහභාගීවූ බැතිමතුන් ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.යතුරුපැදියකින් පැමිණ ඇති මෙම තුවක්කුකරුවන් පිටත සිට දේවස්ථානය වෙත වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.මියගිය අය අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

Divaina