Spread the News

නවිපිල්ලෙ එන්නෙ ජාත්‍යන්තර විමර්ශනයකට
– තමාරා කුමානායගම්

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයකට කරුණු සෙවීම සඳහා ඇමරිකාව මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේව ශ්‍රී ලංකාවට එවන බව ජිනිවා හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් හෙළිකරයි.

නවිපිල්ලේ මානව හිමිකම් සමුළුවට යොමුකළ වාර්තාවෙන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි ප්‍රකාශ කර තිබුණා. මෙකී වාර්තාවේ විමර්ශකයා කවුද කියා නැහැ. එහෙත් ඇය තමයි විමර්ශකයා. ඇගේ මේ ක්‍රියාව කපටි ක්‍රියාදාමයක්‌. මේ බව අපට අවබෝධ වී නැහැ යෑයි ඇය තවදුරටත් කියා සිටියේය.

2013 සැප්තැම්බර් මස 5 දා ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයට ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමට අප ක්‍රියාකරන බව තවදුරටත් සඳහන් කරන තමාරා කුමානායගම් බටහිර රටවලට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ ක්‍රියාදාමය මත යෑපිය යුතුයි යන අරමුණ තහවුරු කරගැනීම යෑයි ද පළ කළේය.

මානව හිමිකම් ප්‍රශ්නය ඉදිරියට දාලා බටහිර රටවල් ශ්‍රී ලංකාව ගැන ක්‍රියාමාර්ග ගැනීම බාරදී ඇත්තේ නවිපිල්ලෙට යෑයි ද ඇය කීවාය.

මේ අතර නවිපිල්ලේගේ මේ රහස්‌ අරමුණුවලට සහය වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන 47 ක්‌ ඇයට සංදේශයක්‌ යවමින් හිටපු කොටි ත්‍රස්‌තවාදීන් රඳවා ඇති ස්‌ථානවලට ගොස්‌ විමර්ශනය කරන ලෙසත් උතුරේ පිරිස්‌ පුද්ගලිකව හමුවී තොරතුරු විමසන ලෙසත් ඉල්ලා ඇත.