නවි පිල්ලේගෙන් නිර්දේශ

Spread the News

නවි පිල්ලේගෙන් නිර්දේශ

කීර්ති වර්ණකුලසූරිය

source:

ශ්‍රී ලංකා රජයට සහ හමුදාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්aතර විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මහත්මිය නිර්දේශ කර ඇත.

ඇය මෙම නිර්දේශය කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47 ක්‌ වෙතින් විමසීමක්‌ නොකරය.

ශ්‍රී ලංකා රජය යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට ක්‍රියා කර නැති බව ඇය ප්‍රකාශ කර ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුව මාර්තු 3 දා ආරම්භ වන අතර ඊට පෙර එවන් නිර්දේශයක්‌ කිරීම නීතිවිරෝධී බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර නවි පිල්ලේගේ මෙම නිර්දේශයට එරෙහිව රුසියාව හා චීනය ප්‍රතියෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.

එකී යෝජනාවෙන් ඇමරිකාව හා බ්‍රිතාන්‍ය සිදුකළ යුද අපරාධ ගැන ද විමර්ශනයක්‌ කළ යුතු යෑයි ඉල්ලා සිටිනු ඇත.