Sat. Jan 18th, 2025
Spread the News

පුවතක පසුබිම
නවි පිල්ලේගේ ශ්‍රී ලංකා ආගමනය

source:

එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවෙන් ඊශ්‍රායලය යුද අපරාධ සිදුකර ඇති බවට දක්‌වද්දී ඇය ශ්‍රී ලංකාව සම්බන්ධව පමණක්‌ ක්‍රියාත්මක වීමෙන් පැහැදිලි වන්නේ ඇගේ ද්විත්ව රංගනයයි.

එසේම චැනල් ෆො රූපවාහිනිය මෑතදී ඉන්දීය හමුදාව විසින් කාශ්මීරයේ අපරාධ සිදුකර ඇති බවට වාර්තාමය චිත්‍රපටයක්‌ විකාශනය කළේය.

ඒ ගැන නවි පිල්ලේ අද වන තුරු ප්‍රතිචාර දක්‌වා නැත. එසේම ඇමරිකාවද දැඩි ලෙස නිහඬතාවය පළකර තිබේ.එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතය. ඇගේ ශ්‍රී ලංකා සංචාරයෙන් වඩාත්ම ප්‍රමෝදයට පත්වී ඇත්තේ විදේශ අරමුදල් ලබන දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන බව පැහැදිලිය. ඇය මෙරටට එන්නේ ශ්‍රී ලංකාවට ඇති ආදරයෙන් නොවේ. ඒ ඇමැරිකාව ප්‍රමුඛ බටහිර රටවල කොන්ත්‍රාත්තුව ඉටුකරනු පිණිසය.

ජීනිවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර ඇය ඇමරිකානු බලපෑම්වලට යටවූ ආකාරය ඊමේල්වලින් සනාථ විය. මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ඇයට තොග පිටින් විද්යුත් පණිවිඩ යවමින් ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානවහිමිකම් උල්ලංඝණය කරන බව කියා සිටියහ. තමාගේ බැලැක්‌බෙරි ජංගම දුරකථනයට මෙලෙස විශාල ලෙස පණිවුඩ ලැබීම නිසා එය අක්‍රීය වූ බව වරක්‌ නවි පිල්ලේ හෙළි කළාය.

මේ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන සතුරන් සිටින්නේ විදේශ රටවල පමණක්‌ නොව මෙරට ද බව පැහැදිලිවේ. නවි පිල්ලේ මේ පසුබිම යටතේ මෙරටට එන්නේ ඇමරිකානු යෝජනාවේ ප්‍රකාර තාක්‍ෂණික උපදෙස්‌ දීමට යයි වාර්තාවේ.

මේ තාක්‍ෂණික උපදෙස්‌ කුමක්‌ද? ජීනිවා හීදී මැය පැවැසුවේ ශ්‍රී ලංකාවේ රජයට යුද අපරාධ ගැන සෙවීමට අදාළව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් තාක්‍ෂණික උපදෙස්‌ දෙන බවයි.

ඇගේ ශ්‍රී ලංකා සංචාරය ගැන මෙරට එන්ජීඕ ප්‍රධානින්, බටහිර තානාපති කාර්යාල මත යෑපෙන ඒජන්තවරු, කොටි හිතවාදීන් මාධ්‍ය මෙන්ම රාජ්‍ය විරෝධී පාර්ශ්වයන්ද දැඩි ලෙස සතුටට පත්වී ඇත. ඇයව හමුවී තවත් තොග පිටින් සාවද්‍ය තොරතුරු ඇය වෙත ලබාදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ඒ අනුව 2013 සිට දිගටම ඩොලර්, ක්‍රෝන්, යූරෝ වැනි අරමුදල් ලබා ගැනීමට ඔවුන්ට ඉඩකඩ ලැබෙයි. නවි පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පසුපස ඇමරිකාව සිටින බව පැහැදිලිය. එය සනාථ වන්නේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලෙක්‌ද මෙරට පැමිණෙන බව වාර්තා වීමයි. බ්ලෙක්‌ නමැත්තා මෙරටට එන්නේ එකොළොස්‌වැනි වතාවටයි. මේ තත්ත්වය මත නවි පිල්ලේ මෙරටට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවට රජය වෙත පවසන්නේ මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා ගැන ක්‍රියා කළ යුතු බවයි.

එසේ වුවත් අද වන තෙක්‌ ඇය ලිබියාවේ හිටපු නායක කර්නල්s ගඩාපිව ප්‍රසිද්ධියේ ඝාතනය කිරීම ගැන විමර්ශන පවත්වා නැත.

ඇමරිකානු හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් හා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ටද යුද අපරාධ චෝදනා එල්ල වූවත් ඒ ගැන පරීක්‍ෂණ පවත්වා නැති බව පැහැදිලිය.

එසේම ඊශ්‍රායලය විසින් මානව හිමිකම් කොමිසම ප්‍රතික්‌ෂේප කර ඇත. එම කොමිසමේ නියෝග පිළිපදින්නේ නැතැයි ඊශ්‍රායල් රජය ප්‍රසිද්ධියේම පවසා තිබේ.

මේ පසුබිම යටතේ නවි පිල්ලේ ද්විත්ව රංගනයක යෙදෙන බව සනාථ වේ. මේ හැර ඇය මානව හිමිකම්වලට පමණක්‌ නොව මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයටද මැදිහත්වී ඇති බව ගතවූ සමයේ කර ඇති ප්‍රකාශවලින් පෙනී යයි.

නවි පිල්ලේගේ පැමිණීම ගැන මෙරට එන්ජීඕ සමාගම් මෙන්ම මාධ්‍ය ක්‍ෂේත්‍රයට උරුමය කියන එන්ජීඕ සංවිධානද සතුට පළ කරන්නේ ඇය ලවා රජයට බලපෑම් ඇතිකරලීම සඳහා බව පැහැදිලිය.

මෙයට හොඳම නිදසුන නම් ජනමාධ්‍යෙ ල්කම් චරිත හේරත් මහතා තොතුරු දැන ගැනීමේ පණත ක්‍රියාත්මක නොකරන බව පවසා සතියක්‌ ගත වීමටත් පෙර එන්ජීඕ සංවිධාන ප්‍රතිචාර දැක්‌වීමයි. නෝර්වේ අරමුදල් ලබන නිදහස්‌ මාද්‍ය ව්‍යාපාරික ජාලය ඇතුළු සංවිධාන දැඩි ලෙස කලබලයට පත්වී ජනමාධ්‍ය ලේකම්ගේ ප්‍රකාශය ගැන කම්පනයට පත්වන බව පවසා ඇත.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ උරුමක්‌කරුවන් වීමට මේ එන්ජීඕ ක්‍රියාකාරීන්ට බලය දුන්නේ කවුද යන්නයි. කොටි හඬ ගුවන් විදුලියට ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කළ අවස්‌ථාවේදී එම ප්‍රහාරවල නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයට කම්පනයක්‌ ඇතිවිය.

එම තත්ත්වය යටතේ විදේශ අරමුදල් ලබගන්නන්ට සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඉඩදිය යුතුද? රජය විසින් පුවත්පත් මණ්‌ඩල පිහිටවූ අවස්‌ථාවේදී පවා මොවුන් ඊටද විරෝධය දැක්‌වීය. මෙලෙස නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය මෙහෙයවන්නාගේ පසුබිම කුමක්‌ද?

“අපි ද්‍රවිඩ නිජබිම පිළිගන්නෙමු. ද්‍රවිඩයන්ට සටන් කිරීමට ඇති අයිතියද පිළිගන්නෙමු යෑයි පැවැසුවේද මේ විදේශ අරමුදල් ලබන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය මෙහෙයවන්නායි. මෙවැනි බෙදුම්වාදීන්ට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට පාලනය කිරීමට ඉඩදිය හැකිද? අපට අතීතය අමතක නැත. ව්‍යාජ සටන් විරාම ගිවිසුමට ජනතාවගේ සහය ලබා ගැනීම සඳහා අරමුදල් සැපයුවේ නෝරාඩ් සංවිධානයයි. එම සංවිධානය අරමුදල් ලබා දුන්නේද ඉහත එන්ජීඕ සංවිධානවලටය. මේ තත්ත්වය යටතේ මොවුන් දැන් බලා සිටින්නේ නවිපිල්ලේ එනතුරුයි. රජය තොරතුරු දැන ගැනීමේ පණත ක්‍රියාත්මක නොකරන බව ඔවුන් නවි පිල්ලෙට කියනු ඇත. එහෙත් ඇය ශ්‍රී ලංකා රජයට දෙන උපදෙස්‌ පිළිගත යුතුද?

මෙම පණත 2004 දී ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කළ බවද එන්ජීඕ සංවිධාන කියා සිටී. එහෙත් 2004 දී ක්‍රියාත්මක වූයේ ජනතාවටත් හොරෙන් සටන් විරාම ගිවිසුම අත්සන් කර ත්‍රස්‌ත මර්දන පණතද අත්හිටවූ රජයයි.

එම රජය තවදුරටත් සිටියේනම් ප්‍රභාකරන් ඊළාම් ආණ්‌ඩුව පිහිටවනු නොඅනුමානය. මේ පසුබිම යටතේ මෙරට බහුතර ජනතාව වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට ඡන්දය දුන්නේ සුළු එන්ජීඕ කණ්‌ඩායමකගේ විදේශ න්‍යාය පත්‍රවලට එකඟවීමට නොවේ.

වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේද මෙරට එන්ජීඕ සංවිධාන බව අමතක නොකළ යුතුය. යුද අරපාධ ගැන හඬ නගන්නේ මොවුන්ය.

ප්‍රභාකරන් සමූල ඝාතන සිදුකරද්දී නවි පිල්ලේ නිහඬව සිටියාය. බස්‌ රථ, දුම්රියන්හිදී බෝම්බ පිපිරී සිවිල් ජනතාව ඝාතනය විය. එහෙත් ඇමරිකාව සහ ඇය ඊට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නැත.

ප්‍රභාකරන් යුද අපරාධකරුවකු යෑයි කීවේද නැත. එහෙත් ඇය දැන් මානව හිමිකම් ගැන හඬ නඟයි. ප්‍රභාකරන් විසින් ඝාතනය කළ සිවිල් ජනතාවගේ මානව හිමිකම් ගැන හඬ නොනැඟූ නවි පිල්ලේට මෙරටට පැමිණ මානව හිමිකම් ගැන රජය සමග සාකච්ඡා කළ හැකිද?

නවි පිල්ලේ අයත් දකුණු අප්‍රිකාවේ අප්‍රිකානු කොන්ග්‍රසය විසින් විරුද්ධවාදීන් දහස්‌ ගණනක්‌ මැරූ බවට හෙළිවිය. එහෙත් දකුනු අප්‍රිකානු කොන්ග්‍රසයට එරෙහිව ඇය හඬ නැඟූවේ නැත.

නවි පිල්ලේ යනු බටහිර රටවල් ඒජන්තවරියකි. ඊශ්‍රායලය විසින් ඇයව ප්‍රතික්‌ෂේප කරද්දී ඇය නිහඬ විය. ඒ ඊශ්‍රායලය පසුපස ඇමරිකාව සිටින බව ඇය දන්නා හෙයිනි.

එක්‌සත් ජාතීන්ගේ ගෝල්ඩ්ස්‌ටන් වාර්තාවෙන් ඊශ්‍රායලය යුද අපරාධ සිදුකර ඇති බවට දක්‌වද්දී ඇය ශ්‍රී ලංකාව සම්බන්ධව පමණක්‌ ක්‍රියාත්මක වීමෙන් පැහැදිලි වන්නේ ඇගේ ද්විත්ව රංගනයයි.

එසේම චැනල් ෆො රූපවාහිනිය මෑතදී ඉන්දීය හමුදාව විසින් කාශ්මීරයේ අපරාධ සිදුකර ඇති බවට වාර්තාමය චිත්‍රපටයක්‌ විකාශනය කළේය.

ඒ ගැන නවි පිල්ලේ අද වන තුරු ප්‍රතිචාර දක්‌වා නැත. එසේම ඇමරිකාවද දැඩි ලෙස නිහඬතාවය පළකර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk