නව අගවිනිසුරු සහ මුදල් ඇමති සමානාත්මතාවයේ සංකේතයක් – විග්නේෂ්වරන්

Spread the News

නව අගවිනිසුරු සහ මුදල් ඇමති සමානාත්මතාවයේ සංකේතයක් – විග්නේෂ්වරන්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම සහ මුදල් ඇමති ලෙස රවීන්ඳ්‍රන් කරුණානායගම් ලෙස පත්කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහා ඇමති.වී.විග්නේස්වරන් ප්‍රකාශ කරයි.

නව අගවිනිසුරුවරයා වශයෙන් කේ. ශ්‍රීපවන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය තුලින් රටේ නීතිය හා සාධාරණය පැහැදිලිව ඉස්මතු වන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ගති ලක්ෂණ පෙන්නුම් කරණ බවත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම නව පත්වීම් සම්බන්ධයෙන් තමන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයද දැඩි ලෙස සතුටට පත් වන බවයි.

එම සතුටට හේතුව දෙමළ ජාතිකයකුවීමම නොව ඔවුන්ගේ පත්වීම් තුලින් රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවයකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීම බව කී ප්‍රධාන අමාත්‍යවරයා මින් සමස්ත දෙමළ ජනතාවම සතුටට පවත්වනවා මෙන්ම රජය කෙරෙහි විශ්වාසයක් ගොඩ නගා ගැනීමට විශාල රුකුළක් වන බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නව දේශපාලන සන්ධිස්ථානයකට පත්ව තිබීම කෙරෙහි ලෝක ප්‍රජාවද දැඩි විශ්වාසයකට පත්ව සිටින අතර නව රජය ශ්‍රී ලංකාවේ කිසිදු ජන කොටසක විශ්වාසය පලුදු නොවන අන්දමට ක්‍රියා කරණු ඇතැයි තමන් තරයේම විශ්වාස කරණ බවද සී.වී.විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.