Spread the News

නව ආණ්‌ඩුක්‍රම සංශෝධනයක අවශ්‍යතාව

source:
සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රසිද්ධ කර ඇති නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සඳහා වන යෝජනාවලිය මේ සමඟ පළ කරමු. ඊළඟ මැතිවරණයට පෙර මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන වාර්තාව ජනාධිපතිතුමන් මගින් ම ඉටුකර ගැනීම එම ව්‍යාපාරයේ අපේක්‍ෂාව බවත්, එසේ නොවුණහොත් ඊළඟ ජනාධිපතිවරණය සඳහා අනෙකුත් සියලුම පක්‍ෂවල සහයෝගය ඇතිව විධායක ජනාධිපති අපේක්‍ෂකයකු හෝ අපේක්‍ෂිකාවක ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාර මණ්‌ඩලයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්‌ථවිරයන් ප්‍රකාශ කර සිටිති.

ශ්‍රී ලාංකීය ජන සමාජය උඩු යටිකුරු කළ 1978 ෙ-. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නිර්මාණය කරන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව ආරම්භක යුගයේදී ම එහි ඇති ආදීනව ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි පරිණත දේශපාලනඥයන් කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කරන ලදී. ඒ සියල්ල ගැන සැලකිල්ලක්‌ නොදක්‌වා මෙය සම්මත කර ගැනීමෙන් පසුව, වර්තමානයේදී ඔවුන් ප්‍රකාශ කරන ලද ආදීනව සියල්ල සත්‍යය තත්ත්වයට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිතුමාට ඇති විධායක බලය පරිහරණය කිරීම නිසා රටේ වර්තමානයේ ඇති වී තිබෙන අස්‌ථාවරත්වය විශාලය.

01. නීතියක්‌ නොමැති රටක්‌ බවට පත්වීම.

02. රට තුළ ඇති දැවැන්ත කඩාවැටීම හා ආර්ථික අවපාතය.

03. රට තුළ අසමඟිය, එකමුතුභාවය, විශ්වාසය මොහොතින් මොහොත පලුදු වීම.

04. රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස්‌ කොමිසම, අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභා ඇතුළු සියල්ලම අක්‍රිය වීම නිසා මුළු මහත් පරිපාලන ක්‍ෂේත්‍රය කඩා වැටීම.

05. තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන් ම නැති වීම.

06. මානව අයිතිවාසිකම් දිනෙන් දින උල්ලංඝනය වීම.

07. අල්ලස, දූෂණය මුළු පරිපාලන ක්‍ෂේත්‍රය තුළත් , මුළු රට තුළත්, මුල් බැස ගත් තත්ත්වයක්‌ ඇතිවීම.

08. නිදහස්‌ මාධ්‍ය පරිහරණයක්‌ කිරීමට නොහැකි වීම.

ඉහත සඳහන් සියල්ලටම මුල් වනුයේ විධායක ජනාධිපති ක්‍රමයයි. හිටපු අගමැතිනියක වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ ඇති වූ වහාම ජනාධිපති ක්‍රමය අවසන් කරන බවට ප්‍රතිඥා දී තිබිණි. ඉන් අනතුරුව බලයට පත් ජනාධිපතිනි චJද්‍රිකා කුමාරතුංග මහත්මිය ද මෙම තත්ත්වයේ ඇති බියකරු භාවය තේරුම් ගෙන මෙම බහුභූත ව්‍යවස්‌ථාව තමා බලයට පත් වූ වහාම ඉවත්කර ගන්නා බවට මැතිවරණ ප්‍රතිඥාවක්‌ ද දෙන ලදී. නමුත් ඇයගේ කාලය තුළ ද එය ඉටු නොවුණි.

ඊට පසුව වර්තමාන ජනාධිපතිතුමා ද තමා මැතිවරණයට ඉදිරිපත් වූ අවස්‌ථා දෙකකදීම මෙහි ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී බව වටහා ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙන ලදී. තම මැතිවරණ ප්‍රකාශනය වූ මහින්ද චින්තනයේ ද එය පැහැදිලිව දක්‌වා තිබිණි. ජන වරම ලැබුණමුත් මේ මොහොත දක්‌වා එය ඉටු නොවුණි. මහින්ද චින්තනය යටතේ එසේ දිවුරා පොරොන්දු වුවත් මේ වන විට ඊට වඩා හාත්පසින් ම වෙනත් අයුරින් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සමගින් සියලුම බලතල එක පුද්ගලයකු වටා ගොඩනැඟී තිබේ. නීතිය, විගණකාධිකාරී දෙපාර්තමේන්තුව වැනි පාලන ක්‍ෂේත්‍රයේ සියල්ලන්ම එක පුද්ගලයකුගේ ඒකාධිපති පාලනයක්‌ යටතට පත්ව මොහොතින් මොහොත විනාශය කරා ගමන් කරමින් පවතී.

දැන් මේ තත්ත්වය අන්තයටම පිරිහී උද්ගතව ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වාතාවරණය තේරුම් ගත් ගරුතර මහා සංඝයා වහන්සේත්, සෙසු ආගමික පූජකතුමන්ලාත්, නීතිවේදීන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති හා ප්‍රබුද්ධ ජනතාවත් දිනෙන් දින කරන ලද ඉල්ලීම් සලකා බලා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සකස්‌ කරන ලදී.

මේ සංශෝධනයත් සමඟ අප බලාපොරොත්තු වනුයේ ඊළඟ ජනධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂකයා හෝ අපේක්‍ෂිකාව ලවා දින 120 ක්‌ වැනි කෙටි කාලයක්‌ ඇතුළත මේ භයානක විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමටය. මේ ජාතික මෙහෙවර ඉටු කිරීමට ඉදිරිපත් වන කවරෙකුට හෝ මේ රටේ සමස්‌ත ගරුතර මහා සංඝයා වහන්සේත්, සෙසු ආගමික පූජකතුමන්ලාත්, සිවිල් ප්‍රජාවත්, සමස්‌ත ජනතාවත් ඒකරාශීව පෙළ ගැසෙන බව පෙනෙන්නට තිබෙන නිසා මෙවැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඉදිරිපත් කළ අතර, එහි සාරාංශගත පිටපතක්‌ මේ සමඟ ඉදිරිපත් කරමු.

සාධාරණ සමාජයක්‌ උදෙසා වූ ජාතික ව්‍යාපාරය මගින් ඉදිරිපත් කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවලිය

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සංශෝධනය කළ යුතු මෙන්ම එක්‌ කළ යුතු යෝජනා

û. විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරමින් පාර්ලිමේන්තුවට වග කියන අගමැතිවරයකු සහිත පාලන ක්‍රමයක්‌ ඇති කිරීම.

ûû. නාමික ජනාධිපතිවරයකු හා සුළු ජාතීන් නියෝජනය කිරීමට උප ජනාධිපතිවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව පත් කිරීම.

ûûû. පාර්ලිමේන්තුවේ කැබිනට්‌ අමාත්‍යවරු සංඛ්‍යාව 25 හා නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 25 සීමා කිරීම.

ûð. පාර්ලිමේන්තුවේ කාල සීමාව උපරිම වශයෙන් අවුරුදු 05 කට සීමා කිරීම.

ð. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ඊළඟ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පත්වන තෙක්‌ රජයේ පාලනය භාරකාර මණ්‌ඩලයක්‌ යටතට පත් කිරීම.

ðû. 17 ව්‍යවස්‌ථා සංශෝධනය යළි බලාත්මක කිරීම හා 18 වන ව්‍යවස්‌ථා සංශෝධනය වහාම අහෝසි කිරීම.

ðûû. මනාප ක්‍රමය අහෝසි කර කේවල හා සමානුපාතික ක්‍රමයට මහජන නියොජිතයන් පත් කර ගැනීම (දිනේaෂ් ගුණවර්ධන කමිටු වාර්තාව ද සැලකිල්ලට ගෙන)

ðûûû. ඡන්දයෙන් තේරී පත් වූ පසු පක්‍ෂ මාරු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම

ûñ. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම.

ñ. මානව හිමිකම් අයිතිය වඩාත් පුළුල් ලෙස තහවුරු කිරීම.

ñû. අධිකරණයේ හා විනිශ්චයකරුවන්ගේ ස්‌වාධීනත්වය රැකදීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් ව්‍යවස්‌ථා ආවරණයක්‌ සැකසීම.

අප විසින් ඉදිරිපත් කරනු ලබන ඉහත යෝජනාවලිය අතිගරු මහා නායක හිමිවරුන්ට හා අන්‍යාගමික නායක පූජකතුමන්ලාට පිළිගැන්වීමෙන් අනතුරුව රජයටත් විපක්‍ෂයේ සියලුම පක්‍ෂවලටත් පිළිගැන්වීම.

රජය මෙය අනුමත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 බලය තුළින් මෙය සම්මත කර ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති අතර, එසේ නොමැති වුවහොත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදී මෙය සඳහා සියලු දෙනාගේ එකඟතාවයෙන් පුද්ගලයකු ඉදිරිපත් කොට ඔහුගේ හෝ ඇයගේ ජයග්‍රහණයෙන් පසු දින 120 තුළදී මෙම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීම.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාමය ප්‍රතිසංස්‌කරණ සඳහා යෝජනා

01. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම.

විධායක ජනාධිපති ධුරය වහාම සහ සම්පූර්ණයන් ම අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමයක්‌ වෙත යා යුතුය.

සිදුවුවහොත් වඩාත් සුදුසුම දේ වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වත්මන් ආණ්‌ඩුව එකඟ වී ඊට අවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒමය.

යම් ලෙසකින් වත්මන් ආණ්‌ඩුව ඒ සඳහා එකඟ නොවන්නේ නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමති වන ජනාධිපති ධුරාපේක්‍ෂකයා ප්‍රමුඛතාව දිය යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටයි. එබඳු අපේක්‍ෂකයකු හෝ අපේක්‍ෂිකාවක සැබැවින් ම සිය මැතිවරණ ප්‍රකාශය එයම බවට පත්වන, ව්‍යවස්‌ථාමය සංශෝධන කෙටුම්පතක්‌ වෙනුවෙන් කැප විය යුතුය. එබඳු අපේක්‍ෂකයකුට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජන වරමක්‌ තිබිය යුතුය.

එබඳු අපේක්‍ෂකයකු ඊ ළඟ ජනාධිපතිවරණයේදී ජය ගතහොත්, ඇය හෝ ඔහු වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක්‍රියා කළ යුතුය. නව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක්‍රියා කළ යුතුය. නව පාර්ලිමේන්තුවේ ප්‍රථම ව්‍යවස්‌ථා කෙටුම්පත වනුයේ මෙම ව්‍යවස්‌ථාමය සංශෝධනයයි. මෙම ව්‍යවස්‌ථාමය කෙටුම්පත රජයේ කෙටුම්පතක්‌ වන බැවින්, 2/3 බහුතරය ලබා ගැනීම අපහසු නොවනු ඇත. විපක්‍ෂය ඡන්දයෙන් පරාජයට පත් වීමෙන් පසු, බලය ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා තව අවුරුදු 06 ක්‌ බලා සිටිතැයි සිතීම උගහටය. පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමයක්‌ යටතේ යළිත් බලය ලබා ගැනීමට විපක්‍ෂයට වැඩි අවස්‌ථාවක්‌ පවතී.

13 වෙනි ව්‍යවස්‌ථා කෙටුම්පත සම්බන්ධ කාරණයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක්‌ විසින් පිළිගන්නට යෙදුන, 19 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධව අධිකරණය විසින් එළඹි නිගමනය සමඟ කියෑවෙන පරිදි 04 වැනි වගන්තිය සම්බන්ධ කිසියම් සංශෝධනයක්‌ මගින් 03 වැනි වගන්තිය උල්ලංඝනය නොවන්නේ නම් ඒ සංශෝධනය සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය අවශ්‍ය නොවනනේ ය. එසේ වුවත් යම් ලෙසකින් නව සංශෝධනයට ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වන්නේ යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු වන්නේය.

පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන අතර, වෙනත් නිශ්චිත ව්‍යවස්‌ථාමය ප්‍රතිපාදන නොමැත්තේ නම් ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස්‌ අනුව ක්‍රියා කළ යුතුය.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවූ වයස අවුරුදු 35 සම්පූර්ණ නොවූ සහ පාර්ලිමේන්තු නියෝජිතයෙකු වශයෙන් තේරී පත් වීමට සුදුස්‌සෙකු නොවූ කිසිදු පුද්ගලයෙක්‌ ජනාධිපති ලෙස හෝ උප ජනාධිපති ලෙස හෝ තේරී පත්වීමට සුදුස්‌සෙක්‌ නොවන්නේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහාය ලබා ඇතැයි තම මතය අනුව, හැඟී යන මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස පත් කළ යුත්තේ ය. පාර්ලිමේන්තුව විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ සම්මත කළ විටකදීත්, විසර්ජන පනත සම්මත නොවූ විටකදීත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විටකදීත් අගමැතිවරයා ධුරයෙන් අස්‌ වූ ලෙස සැලකේ

පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වෙන කාල සීමාවේදී ජනාධිපතිවරයා භාරකාර ආණ්‌ඩුවේ ප්‍රධානියා වන්නේය.

02. උප ජනාධිපතිවරු

ජනාධිපතිවරයා අයත් ජන වර්ගයේ නොවන ජන වර්ගයන්ගෙන් උප ජනාධිපතිවරු දෙදෙනෙක්‌ පත්වෙති. ඔවුහු පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කර ගැනෙති.

03. ව්‍යවස්‌ථාමය මූලධර්මයන්

යෝජිත වගන්තිය 8 A

1. ශ්‍රී ලංකා ජනරජය පහත දැක්‌වෙන සාරධර්ම මත පදනම් කොට ඇත්තේය.

(අ) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ උතතරීතරභාවය සහ නීතියේ ආධිපත්‍යය

(ආ) නියෝජිතත්ව ප්‍රජාතන්ත්‍රවාදය, මානව ගරුත්වය, සමානාත්මතාවය හා සමාජ සාධාරණත්වය මුදුන්පත් කර ගැනීම මූලික අයිතිවාසිකම් සහ නන් වැදැරුම් නිදහස ප්‍රවර්ධනය.

(ඇ) ජනවාර්ගික, ආගමික සහ ස්‌ත්‍රී පුරුෂ සමානාත්මතාවය

(ඈ) සර්වජන ඡන්ද බලය සහිතව නියමිතව කාල පරතරයන්හිදී මැතිවරණ පැවැත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩු ක්‍රමයක්‌ යටතේ බහු පක්‍ෂ ක්‍රමයක්‌ පැවැත්වීම.

ûû. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිවන ආකාරයේ නීති පැනවීම හෝ හැසිරීම බල රහිත වේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ට ගරු කිරීම රජයේ සහ අන් සියලුම පුද්ගලයන්ගේ යුතුකම වන්නේය.

ûûû. ශ්‍රී ලංකාවේ සියලුම ජන කොට්‌ඨාස එක්‌ව සැදී ශ්‍රී ලාංකික ජනතාවට, මොනයම් හෝ ආකාරයකින් එම පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවය දුර්වල කිරීමෙන් තොරව, තම තමන්ගේ භාෂාව දියුණු කිරීමට, තමන්ගේ ආගම ආරක්‍ෂා කිරීමට, තමන්ගේ සංස්‌කෘතිය සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීමට, තමන්ගේ ඉතිහාසය සංරක්‍ෂණය කිරීමට, රාජ්‍ය ආයතනයන්හි නියෝජනය ද ඇතුළුව රාජ්‍ය බලය පිළිබඳව තමන්ට හිමි කොටස පිළිබඳව ද හිමිකම ඇත්තේය.

මෙය කිසිම ආකාරයකින් ජනරජයේ භෞමික අඛණ්‌ඩතාවය, දේශපාලන සමගිය සම්පූර්ණයෙන් හෝ කොටස්‌ වශයෙන් කඩ කිරීමට හෝ ඊට හානි කිරීමට දෙන අනුමැතියක්‌ හෝ දිරි ගැන්වීමක්‌ ලෙස වටහා නොගත යුතුය.

04. භාෂාව

2000 වර්ෂයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතෙන් යෝජිත පරිදි සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ලෙස ප්‍රකාශ කළ යුතු අතර, ඉංග්‍රිසිය ඇතුළු භාෂා තුනම ජාතික භාෂා වන්නේය.

05. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05 කි

06. භාරකාර රජය

පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුළදී භාරකාර ආණ්‌ඩුවක්‌ පවත්නේය. එයට අමාත්‍ය මණ්‌ඩලයට හිමි බලතල අයත් වන්නේය. භාරකාර ආණ්‌ඩුව ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරු දෙදෙනා සහ ධුරයෙන් ඉවත්ව යන අගමැති සහ විපක්‍ෂ නායක විසින් වෙන වෙනම පත් කරනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්‍ෂකයන් නොවන සාමාජිකයන් දෙදෙනකුගෙන් ද සමන්විත වන්නේය.

07. ව්‍යවස්‌ථාදා සභාව

17 වැනි සංශෝධනයේ පරිදි ව්‍යවස්‌ථා සභාවක්‌ මගින් ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීම සිදු වේ.

(මේ පිළිබඳව පුළුල් විස්‌තර පසුව සැපැයේ)

08. ඉහළ තනතුරු සහ ස්‌වාධීන කොමිෂන් සභා සඳහා පුද්ගලයන් පත් කරනු ලැබීම.

පහත දැක්‌වෙන පත්වීම් සඳහා ව්‍යවස්‌ථා සභාව අනුමැතිය අවශ්‍ය වේ. අග්‍ර විනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්

අභියාචනාධිකරණයේ සභාපති සහ විනිශ්චයකාරවරුන්

සභාපති හැර අධිකරණ සේවා කොමිසමේ සෙසු සාමාජිකයන්

නීතිපති

විගණකාධිපති

පොලිස්‌පති

පරිපාලනය සඳහා වූ පාර්ලිමේන්තු කොමසාරිස්‌ (ඔම්බුඩ්ස්‌මන්)

පාර්ලිමේන්තු මහ ලේකම්

පහත දැක්‌වෙන කොමිෂන් සභා සඳහා ව්‍යවස්‌ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයෝ පත් කරනු ලබන්නාහ.

මැතිවරණ කොමිසම

රාජ්‍ය සේවා කොමිසම

ජාතික පොලිස්‌ කොමිසම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා පිළිබඳ විභාග කිරීමේ නිත්‍ය කොමිසම

මුදල් කොමිසම

ඡන්ද කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කොමිසම

මෙම කොමිෂන් සභාවල සභාපති ධුරය සඳහා පත් කරනු ලැබීමට ව්‍යවස්‌ථාදායක කවුන්සිලය විසින් පුද්ගලයන් තුන්දෙනකුගේ නම් නිර්දේශ කළ යුතු අතර, ජනාධිපතිවරයා විසින් ඒ අතරින් එක්‌ අයකු සභාපති ධුරයට පත් කරනු ලබන්නේය.

09. අමාත්‍ය මණ්‌ඩලයේ ප්‍රමාණය

කැබිනට්‌ අමාත්‍ය ධුර උපරිම සංඛ්‍යාව 25 කට සීමා වන්නේය. කැබිනට්‌ නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව ද 25 කට නොවැඩි විය යුත්තේය.

10. මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්‌කරණය

යෝජිත සංශෝධන බලාත්මක වීමෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී නව මැතිවරණ ක්‍රමය ක්‍රියාවට නැංවේ. කොට්‌ඨාස ක්‍රමය හා මනාප ක්‍රමය අනුව තෝරා ගැනෙන පාර්ලිමේන්තු නියෝජිතයන් අතර අනුපාතය පිළිබඳව එකඟතාවක්‌ ඇති කර ගත යුතුය. මනාප ක්‍රමය ජාතික, පළාත් හෝ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු ද යන කාරණය ගැන ද එකඟතාවක්‌ ඇති කර ගත යුතුය. මෙම කාරණා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම දුෂ්කර කටයුත්තකි. මේ සම්බන්ධය මේ මොහොතේ උත්සාහයක්‌ කළහොත් ක්‍රියාවලිය ඇනහිටීමට ඉඩ ඇත. මෙය කළ යුත්තේ නව පාර්ලිමේන්තුව යටතේ ය.

මෙම අවස්‌ථාවේදී අපේක්‍ෂකයා විසින් කළ යුත්තේ මනාප ඡන්ද ක්‍රමය හා පක්‍ෂ මාරු කිරීමේ කොන්දේසි ඉවත ලා, කොට්‌ඨාස ඡන්ද ක්‍රමයේ සහ මනාප ක්‍රමයේ සම්මිශ්‍රණයක්‌ පිළිබඳව ඔහුගේ/ ඇයගේ කැපවීම ප්‍රකාශ කිරීමයි.

11. පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් පක්‍ෂ මාරු කිරීම.

මනාප ඡන්ද ක්‍රමය යටතේ තෝරා ගැනෙන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අවසන් වීමේදී ඔවුන්ගේ ආසනය අහිමි වේ. එබඳු විටෙක ඇති වන පුරප්පාඩුව පක්‍ෂය විසින් පුරවනු ලැබේ. කොට්‌ඨාස ක්‍රමය අනුව පත් වන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අසුන අහිමි වේ. එවිට අතුරු මැතිවරණයක්‌ පැවැත්වේ.

දැනට පාර්ලිමේන්තු නියෝජිතයකු පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම වලංගු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියොත් හැර, පක්‍ෂ සාමාජිකත්වය අහිමි වන විට පාර්ලිමේන්තු නියෝජිතයාගේ අසුන අහිමි වේ. එසේ වුවද පාර්ලිමේන්තු නියෝජිතයෝ දිස්‌ත්‍රික්‌ උසාවියට ගොස්‌ අතුරු තහනම් නියෝගයක්‌ ලබා ගෙන විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට ක්‍රියා කරති. පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ විනය ක්‍රියාමාර්ග පිළිබඳ හුදු හා තනි අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරීමෙන් මෙය වළක්‌වාලිය හැකිය. මෙම සංශෝධනය සඳහා නව මැතිවරණ ක්‍රමය පිළිබඳව එකඟතාවකට පැමිණෙන තුරු බලා සිටීම අවශ්‍ය නොවේ.

12. අයිතිවාසිකම් පනතක්‌ – මූලික අයිතිවාසිකම් පිළිබඳ නව පරිච්ඡේදයක්‌

මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලසුමෙහි සඳහන් අයිතිවාසිකම් පිළිබඳ පනත මූලික අයිතිවාසිකම් නව පරිච්ඡේදයක්‌ සඳහා හොඳ පදනමක්‌ සපයන බවට පොදු එකඟතාවක්‌ පවතී. එසේ වුවත් මෙය රට තුළ අවශ්‍ය තරම් සාකච්ඡාවට භාජන වී නැත. මෙය ගෙන ආ යුත්තේ තවදුරටත් විවාදයට භාජන වීමෙන් පසුවය. බොහෝ විට මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්‌කරණය සමඟ විය හැකිය. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට භාජන වී ඇති බැවින්, මෙම අවස්‌ථාවේ එය ඉදිරිපත් කළ හැකිය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විෂය පිළිබඳ ක්‍ෂේත්‍රය පුළුල් කිරීමෙන් ද, සමාජ ආර්ථික, සංස්‌කෘතික අයිතිවාසිකම් මෙන්ම ස්‌ත්‍රීන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් ද ඇතුළත් කිරීමෙන් ද මූලික අයිතිවාසිකම් පිළිබඳ දැනට තිබෙන පරිච්ඡේදය වැඩි දියුණු කිරීමට හේතු වන නව අයිතිවාසිකම් පනතක්‌ ඇති කිරීමට අපේක්‍ෂකයා කැප විය යුතුය.

13. මූලික අයිතිවාසිකම් බල ගැන්වීම.

මෙහි පහත දැක්‌වෙන නියෝගයන් වහාම ඇතුළත් කළ හැකිය.

පුද්ගල නීති හැර, දැනට පවත්නා සියලුම නීති හා ලිත නීති, මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට යටත්ව වටහා ගත යුතුය. රාජ්‍ය ක්‍රියාකාරකම් මගින් මූලික අයිතිවාසිකම් හා භාෂා අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව පිළියම් සැලසිය යුතුය. මූලික අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලුම් පත්‍රයක්‌ ඥාතියෙකුට හෝ මිත්‍රයෙකුට හෝ පොදු යහපත පතා හෝ ඉදිරිපත් කළ හැකි වන්නේය.

ජනාධිපති ධුරය තවදුරටත් විධායක ජනාධිපති ධුරය නොවූවත්, අගමැතිගේ උපදෙස්‌ මත ජනාධිපතිවරයා විධායක ක්‍රියාවක්‌ සිදු කරනු ඇත. එබඳු විධායක ක්‍රියා අධිකරණ විමර්ශනයට යටත් වේ.

රාජ්‍ය ක්‍රියාවන් මගින් මූලික අයිතිවාසිකම් හා භාෂා අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව ප්‍රතිකර්ම සැලසිය යුතුය.

රීට්‌ ආඥා ඉල්ලුම්පත්‍ර සඳහා බලපාන ආකාරයටම ඉල්ලුම් පත්‍රයක්‌ ඉදිරිපත් කිරීම සඳහා කාල සීමාවක්‌ නොතිබිය යුතුය. පොදු යහපත සඳහා සිදු කෙරෙන නඩු කටයුතුවලට විශේෂිතව අනුමැතියක්‌ දිය යුතුය.

අධිකරණ ක්‍රියාවක්‌ මගින් මූලික අයිතිවාසිකම් කඩ වූ විට දී ද රජය විසින් වන්දි ගෙවීම සිදු කළ යුතුය.

14 නීති පැනවීමෙහ් ව්‍යවස්‌ථානුකූල භාවය.

නීති කෙටුම්පතක්‌ න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමට අඩු තරමින් සති 02 කට ප්‍රථමයෙන් ගැසට්‌ කළ යුතුය. ‘ඉතා හදිසි’ නමින් නීති කෙටුම්පත් නොමැත.

නීති කෙටුම්පතක්‌ සම්මත කිරීමෙන් පසුව ද අධිකරණයේ විමර්ශනයට අවසර තිබිය යුතුය.

පළාත් සභාවක්‌ විසින් සකස්‌ කරනු ලබන කිනම් හෝ නීතියක්‌ හෝ ආඥාපනතක්‌ හෝ එම නීතියේ හෝ ආඥා පනතේ කිසියම් ප්‍රතිපාදනයක්‌ හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට නොගැලපෙන ප්‍රමාණයට බල රහිත බවට ප්‍රකාශයක්‌ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත්තේය.

ඉවත් කරන ලද නීතිමය ප්‍රතිපාදනයන් යටතේ යම් කිසි අයිතිවාසිකම් ලබා ගත් පුද්ගලයන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාවන් ලිහිල් කිරීම සඳහා අධිකරණය විසින් බල රහිත බව පවසමින් සිදුÊකරන ලද ප්‍රකාශය ආපස්‌සට බලපැවැත්වෙන කාල සීමාව සීමා කිරීම හෝ බල රහිත බවට කළ ප්‍රකාශය යම් කාල සීමාවකට අත්හිටුවීම සහ පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට එසේ ඉවත් කරන ලද නීතිය හෝ ආඥාපනත මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හා නොගැලපීම නවතා දැමීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වනු පිණිස නියෝගයක්‌ නිකුත් කළ හැකි වන්නේය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ‘පෙරදිසි තහනම’ චරදිචැජඑසඩැ දඩැර-රමකසබට යන විධි ක්‍රමය භාවිත කරමින් යෝග්‍ය වෙතැයි සැලකෙන නඩු වලදී බල රහිත බවට කළ ප්‍රකාශය අතීතයට බලපාන කාල සීමාව සීමා කිරීමට ක්‍රියා කළේය. දකුණු අප්‍රිකානු ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 172 ඡේදය විශේෂයෙන් මෙම සීමා පැනවීම සඳහා අනුමැතිය දෙයි.

84 වගන්තිය (ආණ්‌ඩුක්‍රම ව්‍යවසථාවට නොගැලපෙන නීති කෙටුම්පත්) ඉවත් කළ යුතුය.

15. දොaෂාභියෝගය 2000 වර්ෂයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතේ සඳහන් වගන්තීන්ට සමාන නියෝගයන් හඳුන්වා දෙනු ලැබේ.

අග්‍ර විනිශ්චයකරු සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයකදී කිනම් හෝ පොදු රාජ්‍ය මණ්‌ඩලීය රටක ඉහළම අධිකරණයෙහි විනිශ්චයකාරවරයකු ලෙස තනතුරු දැරූ හෝ දරණ පුද්ගලයන් තුන්දෙනකුගෙන් සමන්විත කමිටුවක්‌ මගින් ද අනෙකුත් කොයියම් ම හෝ විනිශ්චයකාරවරයකු සම්බන්ධයෙන් දැනට ධුරය දරන හෝ දැරූ ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්‌ මගින් ද විභාගයක්‌ පවත්වනු ලැබේ. මෙම කමිටුව ඉදිරියෙහි තමන් ම හෝ තමන් වෙනුවට නියෝජිතයකුගේ මාර්ගයෙන් පෙනී සිටීමට, සවන් දෙනු ලැබීමට, අග්‍ර විනිශ්චයකාරවරයාට සහ විනිශ්චයකාරවරයකුට ඇති අයිතිය සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය, ඔප්පු කරන ආකාරය ඔප්පු කිරීමේ බාරය, සිදු කළැයි සැලකෙන කිසියම් අවකල් ක්‍රියාවක්‌ හෝ නොහැකියාවක්‌ ඔප්පු කිරීම පිළිබඳ ප්‍රමිතිය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සැපයිය යුතුය.

2013/05/14 source:

නව ආණ්‌ඩුක්‍රම සංශෝධනයක අවශ්‍යතාව

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රසිද්ධ කර ඇති නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සඳහා වන යෝජනාවලිය මේ සමඟ පළ කරමු. (මෙහි මුල් කොටස ඊයේ පළ විය) ඊළඟ මැතිවරණයට පෙර මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන වාර්තාව ජනාධිපතිතුමන් මගින් ම ඉටුකර ගැනීම එම ව්‍යාපාරයේ අපේක්‍ෂාව බවත්, එසේ නොවුණහොත් ඊළඟ ජනාධිපතිවරණය සඳහා අනෙකුත් සියලුම පක්‍ෂවල සහයෝගය ඇතිව විධායක ජනාධිපති අපේක්‍ෂකයකු හෝ අපේක්‍ෂිකාවක ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාර මණ්‌ඩලයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්‌ථවිරයෝ ප්‍රකාශ කර සිටිති.

මෙය කිසිම ආකාරයකින් ජනරජයේ භෞමික අඛණ්‌ඩතාවය, දේශපාලන සමගිය සම්පූර්ණයෙන් හෝ කොටස්‌ වශයෙන් කඩ කිරීමට හෝ ඊට හානි කිරීමට දෙන අනුමැතියක්‌ හෝ දිරි ගැන්වීමක්‌ ලෙස වටහා නොගත යුතුය.

04. භාෂාව

2000 වර්ෂයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතෙන් යෝජිත පරිදි සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ලෙස ප්‍රකාශ කළ යුතු අතර, ඉංග්‍රිසිය ඇතුළු භාෂා තුනම ජාතික භාෂා වන්නේය.

05. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05 කි

06. භාරකාර රජය

පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුළදී භාරකාර ආණ්‌ඩුවක්‌ පවත්නේය. එයට අමාත්‍ය මණ්‌ඩලයට හිමි බලතල අයත් වන්නේය. භාරකාර ආණ්‌ඩුව ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරු දෙදෙනා සහ ධුරයෙන් ඉවත්ව යන අගමැති සහ විපක්‍ෂ නායක විසින් වෙන වෙනම පත් කරනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්‍ෂකයන් නොවන සාමාජිකයන් දෙදෙනකුගෙන් ද සමන්විත වන්නේය.

07. ව්‍යවස්‌ථාදා සභාව

17 වැනි සංශෝධනයේ පරිදි ව්‍යවස්‌ථා සභාවක්‌ මගින් ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීම සිදු වේ.

(මේ පිළිබඳව පුළුල් විස්‌තර පසුව සැපැයේ)

08. ඉහළ තනතුරු සහ ස්‌වාධීන කොමිෂන් සභා සඳහා පුද්ගලයන් පත් කරනු ලැබීම.

පහත දැක්‌වෙන පත්වීම් සඳහා ව්‍යවස්‌ථා සභාව අනුමැතිය අවශ්‍ය වේ. අග්‍ර විනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්

අභියාචනාධිකරණයේ සභාපති සහ විනිශ්චයකාරවරුන්

සභාපති හැර අධිකරණ සේවා කොමිසමේ සෙසු සාමාජිකයන්

නීතිපති

විගණකාධිපති

පොලිස්‌පති

පරිපාලනය සඳහා වූ පාර්ලිමේන්තු කොමසාරිස්‌ (ඔම්බුඩ්ස්‌මන්)

පාර්ලිමේන්තු මහ ලේකම්

පහත දැක්‌වෙන කොමිෂන් සභා සඳහා ව්‍යවස්‌ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සාමාජිකයෝ පත් කරනු ලබන්නාහ.

මැතිවරණ කොමිසම

රාජ්‍ය සේවා කොමිසම

ජාතික පොලිස්‌ කොමිසම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා පිළිබඳ විභාග කිරීමේ නිත්‍ය කොමිසම

මුදල් කොමිසම

ඡන්ද කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කොමිසම

මෙම කොමිෂන් සභාවල සභාපති ධුරය සඳහා පත් කරනු ලැබීමට ව්‍යවස්‌ථාදායක කවුන්සිලය විසින් පුද්ගලයන් තුන්දෙනකුගේ නම් නිර්දේශ කළ යුතු අතර, ජනාධිපතිවරයා විසින් ඒ අතරින් එක්‌ අයකු සභාපති ධුරයට පත් කරනු ලබන්නේය.

09. අමාත්‍ය මණ්‌ඩලයේ ප්‍රමාණය

කැබිනට්‌ අමාත්‍ය ධුර උපරිම සංඛ්‍යාව 25 කට සීමා වන්නේය. කැබිනට්‌ නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව ද 25 කට නොවැඩි විය යුත්තේය.

10. මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්‌කරණය

යෝජිත සංශෝධන බලාත්මක වීමෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී නව මැතිවරණ ක්‍රමය ක්‍රියාවට නැංවේ. කොට්‌ඨාස ක්‍රමය හා මනාප ක්‍රමය අනුව තෝරා ගැනෙන පාර්ලිමේන්තු නියෝජිතයන් අතර අනුපාතය පිළිබඳව එකඟතාවක්‌ ඇති කර ගත යුතුය. මනාප ක්‍රමය ජාතික, පළාත් හෝ දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ක්‍රියාත්මක විය යුතු ද යන කාරණය ගැන ද එකඟතාවක්‌ ඇති කර ගත යුතුය. මෙම කාරණා සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම දුෂ්කර කටයුත්තකි. මේ සම්බන්ධය මේ මොහොතේ උත්සාහයක්‌ කළහොත් ක්‍රියාවලිය ඇනහිටීමට ඉඩ ඇත. මෙය කළ යුත්තේ නව පාර්ලිමේන්තුව යටතේ ය.

මෙම අවස්‌ථාවේදී අපේක්‍ෂකයා විසින් කළ යුත්තේ මනාප ඡන්ද ක්‍රමය හා පක්‍ෂ මාරු කිරීමේ කොන්දේසි ඉවත ලා, කොට්‌ඨාස ඡන්ද ක්‍රමයේ සහ මනාප ක්‍රමයේ සම්මිශ්‍රණයක්‌ පිළිබඳව ඔහුගේ/ ඇයගේ කැපවීම ප්‍රකාශ කිරීමයි.

11. පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් පක්‍ෂ මාරු කිරීම.

මනාප ඡන්ද ක්‍රමය යටතේ තෝරා ගැනෙන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අවසන් වීමේදී ඔවුන්ගේ ආසනය අහිමි වේ. එබඳු විටෙක ඇති වන පුරප්පාඩුව පක්‍ෂය විසින් පුරවනු ලැබේ. කොට්‌ඨාස ක්‍රමය අනුව පත් වන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අසුන අහිමි වේ. එවිට අතුරු මැතිවරණයක්‌ පැවැත්වේ.

දැනට පාර්ලිමේන්තු නියෝජිතයකු පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම වලංගු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියොත් හැර, පක්‍ෂ සාමාජිකත්වය අහිමි වන විට පාර්ලිමේන්තු නියෝජිතයාගේ අසුන අහිමි වේ. එසේ වුවද පාර්ලිමේන්තු නියෝජිතයෝ දිස්‌ත්‍රික්‌ උසාවියට ගොස්‌ අතුරු තහනම් නියෝගයක්‌ ලබා ගෙන විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට ක්‍රියා කරති. පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ විනය ක්‍රියාමාර්ග පිළිබඳ හුදු හා තනි අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරීමෙන් මෙය වළක්‌වාලිය හැකිය. මෙම සංශෝධනය සඳහා නව මැතිවරණ ක්‍රමය පිළිබඳව එකඟතාවකට පැමිණෙන තුරු බලා සිටීම අවශ්‍ය නොවේ.

12. අයිතිවාසිකම් පනතක්‌ – මූලික අයිතිවාසිකම් පිළිබඳ නව පරිච්ඡේදයක්‌

මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලසුමෙහි සඳහන් අයිතිවාසිකම් පිළිබඳ පනත මූලික අයිතිවාසිකම් නව පරිච්ඡේදයක්‌ සඳහා හොඳ පදනමක්‌ සපයන බවට පොදු එකඟතාවක්‌ පවතී. එසේ වුවත් මෙය රට තුළ අවශ්‍ය තරම් සාකච්ඡාවට භාජන වී නැත. මෙය ගෙන ආ යුත්තේ තවදුරටත් විවාදයට භාජන වීමෙන් පසුවය. බොහෝ විට මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්‌කරණය සමඟ විය හැකිය. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට භාජන වී ඇති බැවින්, මෙම අවස්‌ථාවේ එය ඉදිරිපත් කළ හැකිය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විෂය පිළිබඳ ක්‍ෂේත්‍රය පුළුල් කිරීමෙන් ද, සමාජ ආර්ථික, සංස්‌කෘතික අයිතිවාසිකම් මෙන්ම ස්‌ත්‍රීන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් ද ඇතුළත් කිරීමෙන් ද මූලික අයිතිවාසිකම් පිළිබඳ දැනට තිබෙන පරිච්ඡේදය වැඩි දියුණු කිරීමට හේතු වන නව අයිතිවාසිකම් පනතක්‌ ඇති කිරීමට අපේක්‍ෂකයා කැප විය යුතුය.

13. මූලික අයිතිවාසිකම් බල ගැන්වීම.

මෙහි පහත දැක්‌වෙන නියෝගයන් වහාම ඇතුළත් කළ හැකිය.

පුද්ගල නීති හැර, දැනට පවත්නා සියලුම නීති හා ලිත නීති, මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට යටත්ව වටහා ගත යුතුය. රාජ්‍ය ක්‍රියාකාරකම් මගින් මූලික අයිතිවාසිකම් හා භාෂා අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව පිළියම් සැලසිය යුතුය. මූලික අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලුම් පත්‍රයක්‌ ඥාතියෙකුට හෝ මිත්‍රයෙකුට හෝ පොදු යහපත පතා හෝ ඉදිරිපත් කළ හැකි වන්නේය.

ජනාධිපති ධුරය තවදුරටත් විධායක ජනාධිපති ධුරය නොවූවත්, අගමැතිගේ උපදෙස්‌ මත ජනාධිපතිවරයා විධායක ක්‍රියාවක්‌ සිදු කරනු ඇත. එබඳු විධායක ක්‍රියා අධිකරණ විමර්ශනයට යටත් වේ.

රාජ්‍ය ක්‍රියාවන් මගින් මූලික අයිතිවාසිකම් හා භාෂා අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව ප්‍රතිකර්ම සැලසිය යුතුය.

රීට්‌ ආඥා ඉල්ලුම්පත්‍ර සඳහා බලපාන ආකාරයටම ඉල්ලුම් පත්‍රයක්‌ ඉදිරිපත් කිරීම සඳහා කාල සීමාවක්‌ නොතිබිය යුතුය. පොදු යහපත සඳහා සිදු කෙරෙන නඩු කටයුතුවලට විශේෂිතව අනුමැතියක්‌ දිය යුතුය.

අධිකරණ ක්‍රියාවක්‌ මගින් මූලික අයිතිවාසිකම් කඩ වූ විට දී ද රජය විසින් වන්දි ගෙවීම සිදු කළ යුතුය.

14 නීති පැනවීමෙහ් ව්‍යවස්‌ථානුකූල භාවය.

නීති කෙටුම්පතක්‌ න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමට අඩු තරමින් සති 02 කට ප්‍රථමයෙන් ගැසට්‌ කළ යුතුය. zඉතා හදිසිZ නමින් නීති කෙටුම්පත් නොමැත.

නීති කෙටුම්පතක්‌ සම්මත කිරීමෙන් පසුව ද අධිකරණයේ විමර්ශනයට අවසර තිබිය යුතුය.

පළාත් සභාවක්‌ විසින් සකස්‌ කරනු ලබන කිනම් හෝ නීතියක්‌ හෝ ආඥාපනතක්‌ හෝ එම නීතියේ හෝ ආඥා පනතේ කිසියම් ප්‍රතිපාදනයක්‌ හෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට නොගැලපෙන ප්‍රමාණයට බල රහිත බවට ප්‍රකාශයක්‌ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇත්තේය.

ඉවත් කරන ලද නීතිමය ප්‍රතිපාදනයන් යටතේ යම් කිසි අයිතිවාසිකම් ලබා ගත් පුද්ගලයන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාවන් ලිහිල් කිරීම සඳහා අධිකරණය විසින් බල රහිත බව පවසමින් සිදුÊකරන ලද ප්‍රකාශය ආපස්‌සට බලපැවැත්වෙන කාල සීමාව සීමා කිරීම හෝ බල රහිත බවට කළ ප්‍රකාශය යම් කාල සීමාවකට අත්හිටුවීම සහ පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට එසේ ඉවත් කරන ලද නීතිය හෝ ආඥාපනත මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හා නොගැලපීම නවතා දැමීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වනු පිණිස නියෝගයක්‌ නිකුත් කළ හැකි වන්නේය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය zපෙරදිසි තහනම prospective over-ruling යන විධි ක්‍රමය භාවිත කරමින් යෝග්‍ය වෙතැයි සැලකෙන නඩු වලදී බල රහිත බවට කළ ප්‍රකාශය අතීතයට බලපාන කාල සීමාව සීමා කිරීමට ක්‍රියා කළේය. දකුණු අප්‍රිකානු ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 172 ඡේදය විශේෂයෙන් මෙම සීමා පැනවීම සඳහා අනුමැතිය දෙයි.