නව ජනපති මෛත්‍රී සමග එක්‌ව කටයුතු කරනවා

Spread the News

නව ජනපති මෛත්‍රී සමග එක්‌ව කටයුතු කරනවා
– ඇමරිකානු රාජ්‍ය ලේකම් පවසයි

කීර්ති වර්ණකුලසූරිය

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්‌ සඳහා ඇමරිකානු රජය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්‌ව කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ (9 දා) ප්‍රකාශ කර ඇත.

එසේම මැතිවරණ ප්‍රතිඵල ඉතාමත් ප්‍රෙෘඪ ලෙස පිළිගැනීමට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කිරීම තමා අගය කරන බවද හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරණයේදී භාවිත වූ සෑම ඡන්දයක්‌ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාථ කරන්නක්‌ යෑයි ජෝන් කෙරී පළ කළේය.

සාහසික ක්‍රියාවලින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සහාය වූ ආරක්‍ෂක හමුදාව මැතිවරණ කොමසාරිස්‌ ඇතුළු පාර්ශව ද ඇමරිකාවේ ඇගයීමට ලක්‌ වී ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.