නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමි

Spread the News

නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට
ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමි

source:

නෝමන් පලිහවඩන

16 වැනි ශුද්ධ වූ බෙනඩික්‌ට්‌ පාප් වහන්සේ විශ්‍රාම ගැනීමෙන් පසු අලුතින් පාප්වහන්සේ පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්දයට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද සහභාගි වෙති.

මෙම පාප් තනතුර සඳහා ලෝකයේ විවිධ රටවලින් කාදිනල්වරුන් 116 දෙනකු ඉදිරිපත් වෙනු ඇත.

ඉතාලියෙන් පමණක්‌ කාදිනල්වරු 21 දෙනෙකු සහභාගි වෙන බව කොළඹ අගරදගුරු මැදුරේ ආරංචි මාර්ග කියයි.

මීට පෙර පාප් තනතුරුවලට පත්වූ වැඩි දෙනෙකු සුදු ජාතිකයෝ වීම නිසා මෙවර පාප් තේරීමේදී නව මුහුණුවරක්‌ ගැනීමට බොහෝදුරට ඉඩ ඇත.

නව පාප් වහන්සේ තෝරා ගැනීම පාස්‌කුවට කලින් සිදුවිය හැකි බව අගරදගුරු මැදුර කියයි.

නව පාප්තුමන් තෝරා පත්කර ගන්නා අවස්‌ථාවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඉදිරි සතියේ රෝමය බලා පිටත්වෙනු ඇත.

පාප් තනතුර සඳහා වන ඡන්දයට කාදිනල්වරු සහභාගි වෙන රටවල් අතරින් යුරෝපයෙන් 61 දෙනෙකුද, ලතින් ඇමරිකාවෙන් 19 දෙනකුද, උතුරු ඇමරිකාවෙන්ද 14 දෙනෙකුද, අප්‍රිකාවෙන් කාදිනල්වරු 11 දෙනෙකුද, ආසියාවෙන් කාදිනල්වරු 11 දෙනෙකුද ඉදිරිපත් වෙති. මෙම 11 දෙනාට ශ්‍රී ලංකාව වෙනුවෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා අයත් වෙති.

One thought on “නව පාප් වහන්සේ තේරීමේ ඡන්දයට ශ්‍රී ලංකාවෙන් මැල්කම් රංජිත් කාදිනල් හිමි

  1. දැන් කතෝලික ‘හිමිවරු’ත් ඉන්නවද? කොහෙන්ද ඔයා සිංහල ඉගෙනගත්තෙ?

Comments are closed.