Spread the News

රාජපක්ෂ පවුල විසින් වරින් වර සොරා කන ලද ජනතාවගේ මුදල් කෙසේ වෙතත් පියාවන මහින්ද රාජපක්ෂ යුද්ධය පැවති සමයේ දුරකථනයෙන් ලිබියාවේ රාජ්‍ය නායක කර්නල් මුවන්මර් ගඩාෆි අමතා යුද්ධයට ආධාර කරන ලෙස ඉල්ලා සිටි විට ඒ ශ්‍රේෂ්ඨ ලිබියානු නායකයා වතාවල් දෙකකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් හා සති කිහිපයකට පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 585ක් පරිත්‍යාග කළත් ඒ මුදල රාජ්‍ය භාණ්ඩාගාරයට බාර දෙනු වෙනුවට
ඩුබායිවල ඇති පවුලේ කෙනෙකුගේ ගිණුමට බැර වූ බව කටකතාවක් සේ පැතිර ගියා.

මේ මුදල ලංකාවට පරිත්‍යාග කළ බව සත්‍යයක් නිසා එම මුදල 100%ක්ම යුද්ධය සඳහා පාවිච්චි කිරීමට මහා භාණ්ඩාගාරයට භාරදුන් බවට මේ වන තුරුත් කිසිම සඳහනක් නැහැ.
“පුදන කොටම කාපි යකා” කීවාක් මෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වෙන්න වසරකටත් කලින් සුනාමි ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ආධාර වලින් රුපියල් මිලියන 85ක්
තමන්ගේ පුද්ගලික ගිණුමට බැර කරගත් ආකාරය හිටපු අග්‍ර විනිශ්චකාර සරත් එන්. ද සිල්වා රස කර කර රටට කියූ ආකාරය අදටත් දෙසවන දෝංකාර දෙනවා.

දැනට මාස කීපයකට ඉහතදී මා පෞද්ගලිකව සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ “අනාගත ඔටුන්න හිමි කුමාරයා ” වූ නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටියා ඔහුගේ නමත් පවුලේ නමත් රටේ නමත් රැක ගැනීම සඳහා ගඩාෆි විසින් පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් මිලියන 1085 මහ භාණ්ඩාගාරයට ලැබුණු බව සහතික කරන ලියවිල්ලක් ඉදිරිපත් කරන්න කියා.
මේ වනතුරුත් ඊට ප්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනෙන්නේ එම මුදල රාජපක්ෂ පවුල විසින් ගසා කෑ බවයි.
මම නැවත වතාවක් මහින්ද රාජපක්ෂගෙන් හෝ නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ අනාගත ජනාධිපති වීමේ සිහිනය මොහොතකට පසෙකලා ඩොලර් මිලියන 1085ට සිදුවූයේ කුමක්ද කියා ලොවට කෙසේ වෙතත් රටට හෙළි කරන ලෙසයි.

එහි විනිවිදභාවය රටට හෙළි කරන තාක්, නාමල් එම මුදලින් ඩුබායිවල Marriott හෝටලය මිලදී ගත් බවට ඇති රාවය සත්‍යයක් වීම නොවැළැක්විය හැකි බව සිත්හි දරාගෙනම සටනට අවතීර්ණ වන්න!

මෙවර ජනාධිපති සටන පවතින්නේ දුෂ්ඨයින් අතර පමණක් නම්, හෙට දවසේ හිනැහෙන්න නාමල්ටත් තියෙන අයිතියට අභියෝග කරන්න කාටවත් අයිතියක් නැත.

මෙතෙක් රට පාලනය කළේ හොරුන් නම්, හෙට රට බාරගන්න සූදානම් වන්නෙත් හොරුන් නම් හොරුන් ගැන තබා හොරකම් ගැනවත් කතා කිරීම නිෂ්ඵල බව සිතට ගන්න.

-තෙවැනි ඇස-
07.08.2024