Spread the News

නාවික කඳවුරට හා

පොලිසියට ගල් මුල් ප්‍රහාර

කින්නියා නගරය
යුද පිටියක්‌ වෙයි

ඒ.එස්‌.පී. ඇතුළු පොලිසියේ 4කට
නාවික සෙබළු 4කට තුවාල
සිවිල් වැසියන් 5 දෙනෙක්‌
වෙඩි කා රෝහලේ

හේමන්ත රන්දුණු සහ සමන් මල්ලවආරච්චි

ත්‍රිකුණාමලය කින්නියා නගරයට පෙරේදා (14 වැනිදා) රාත්‍රි පැමිණි තුන්දහසකට අධික පිරිසක්‌ නාවික හමුදා කඳවුරට සහ පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස්‌ ජීප් රථවලට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරීම නිසා එම ප්‍රදේශය එකම යුද පිටියක්‌ බවට පත්විය.

කින්නියා µයිසා නගර් ප්‍රදේශයට පැමිණි නාඳුනන පුද්ගලයන් තිදෙනකු කන්දල්කාඩු නාවික හමුදා කඳවුරට ඇතුළු වී සැඟවුණු බව කියමින් මෙම කලහකාරී පිරිස නාවික හමුදා කඳවුර වටකරගෙන ඊට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය උද්ගත විය. මෙහිදී කලහකාරීන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ මුතූර් සහකාර පොලිස්‌ අධිකාරි කපිල
සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු සහ නාවික හමුදා සෙබළු සිව්දෙනකු තුවාල ලැබූ අතර සාමාන්‍ය වැසියෝ 5 දෙනෙක්‌ වෙඩි ප්‍රහාරවලට ලක්‌ව බරපතළ තුවාල ලැබූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 35 දෙනෙක්‌ කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් කෝපයට පත් වූ කලහකාරී පිරිස්‌ ඔවුන් වහාම නිදහස්‌ කර කන්දල්කාඩු නාවික හමුදා අනුඛණ්‌ඩය එම ස්‌ථානයෙන් වහාම ඉවත් කරන ලෙස කියමින් උද්ඝෝෂණය කළහ.

මෙම මුස්‌ලිම් ගම්මානයේ පදිංචිකරුවන් පෙරේදා රාත්‍රි 8.30 ට පමණ කන්දල්කාඩු නාවික හමුදා කඳවුර වටකරගෙන එහි ඇතුළු වූ බව කියන තිදෙනා වහාම දෙන ලෙස කියමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ.

කලහකාරීහු නාවික හමුදා කඳවුරට දිගින් දිගටම ගල්මුල් ප්‍රහාර එල්ල කරන්නට වූහ. ඒ අවස්‌ථාවේ මුතූර් සහකාර පොලිස්‌ අධිකාරි කපිල සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ නාවික හමුදා කඳවුර වෙත පැමිණ ඇති වී තිබූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළහ.

එහෙත් තවත් කෝපයට පත් වූ කලහකාරීන් පොලිස්‌ ජීප් රථයකට පහර දී ඊට ගිනි තැබූහ. ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා සහකාර පොලිස්‌ අධිකාරි ඇතුළු පොලිස්‌ නිලධාරීහු සිව්දෙනෙක්‌ තුවාල ලැබූහ.

රාත්‍රි 12.00 ට පමණ මෙම කලහකාරී පිරිස්‌ කින්නියා පරණ රෝහල අසල පිහිටි නාවික හමුදා අනුඛණ්‌ඩයක්‌ ද වටකරගෙන ඊට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ.

ඒ අවස්‌ථාවේ එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් 5 දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇත.

අලුයම 3.30 ට පමණ එම ප්‍රදේශයට පැමිණි යුද හමුදාව සහ පොලිසිය කලහකාරීන් විසුරුවා හැර ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් 25 දෙනකු අත්අඩංගුවට ගත්හ.

ඊයේ දහවල් වනතුරුත් කලහකාරී පිරිස්‌ කින්නියා නගරයේ ප්‍රධාන මාර්ග අවහිර කර උද්ඝෝෂණය කරමින් සිටියහ. ප්‍රධාන මාර්ගවල ටයර් පුළුස්‌සා දමා කොට දමා වාහන ධාවනය අවහිර කර තිබිණි.

ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා අමතර පොලිස්‌ බළඇණි සහ හමුදා කණ්‌ඩායම් කීපයක්‌ම කින්නියා ප්‍රදේශයට යෑවීමට කටයුතු කළ බව පොලිස්‌ ප්‍රධානියෙක්‌ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නැගෙනහිර යුද හමුදා ආඥපති මේජර් ජෙනරාල් බොනිµස්‌ පෙරේරා, බ්‍රිගේඩියර් හෙට්‌ටිආරච්චි, ත්‍රිකුණාමලය මහ දිසාපති මේජර් ජෙනරාල් ටී. ටී. ආර්. සිල්වා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ පිරිසක්‌ ඊයේ පෙරවරුවේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියහ.

ඒ අවස්‌ථාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටකරනු ලැබූ තුන්දහසකට අධික පිරිසක්‌ නැගෙනහිර ආඥපතිවරයා ඇතුළු පිරිසට එම කාර්යාලයෙන් පිටතට ඒමට ඉඩ නොදී ඔවුන් නිවාස අඩස්‌සියේ තබාගෙන තම ඉල්ලීම් ඉටුකර දෙන ලෙස කියමින් උද්ඝෝෂණය කිරීමට පටන් ගත්හ.

මේ හේතුව නිසා කින්නියා නගරය ඊයේ දවස පුරාම දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි.

විරෝධතාකරුවන් විසින් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රඳවාගෙන සිටි ආරක්‍ෂක සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනා සහ ත්‍රිකුණාමල දිසාපතිවරයා ඇතුළු පිරිස ඊයේ දහවල් මුදාහරිනු ලැබුවේ උද්ඝෝෂණය නැවැත්වීමෙන් පසුවය. ඇමැතිවරුන් වූ රවුµa හකීම්, ඒ. එච්. එම්. µවුසි, රිෂාඩ් බදියුදීන් යන මහත්වරු විරෝධතාවයේ යෙදී සිටි පිරිස සමඟ සාකච්ඡා කර පොලිසියට සහ නාවික හමුදාවට පහර දීම නිසා අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් නිදහස්‌ කිරීමෙන් පසු උද්ඝෝෂණය මෙලෙස අවසන් වී තිබේ.

 බලවේග ප්‍රශ්නය :

මුසල්මානුවන්ගේ ත්‍රස්ත වාදයේ මුල් අවස්තාවක් බව හැගී යයි ඔබට හැගෙන දේ අපට දන්වන්න පිට රටින් ආ මුසල්මානුවන් නැවතත්  දගලන්නේ මුස්ලිම් සිංහල අර්බුදයක් රට තුල ඇතිකිරීමට විය හැක…හමුදාවකට පහර දීමට රාජ්ජය නිල ධාරින් කොටු කරවාගැනීමට පිටු පස සිට අනුබල දෙන්නෝ කවරහුද සිංහල ඇස යොමුවිය යුතු ප්‍රශ්නයකි . කොටියන්ගෙන් අපව බේරාගත් නාවුක යුධ පොලිස් බල ඇණිවලට සිවිල් ප්‍රහාර දියත් කරන්නේ ඉජිප්තුදෙසයේ උණ ලංකා තම්බි කරට ගෙන බව බලවේගය විවුර්තව ප්‍රකාශ කිරීමට කැමතිය නපුන්ෂක ජි හා ඩ යේ නිරුවත ලොවට හෙළි කොට ලංකා බිල් ලා ඩ න් ලා වැනසීමට කාලය පැමිණ ඇත.