Spread the News

නැගෙනහිරින් බෞද්ධ උරුමය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට පනතක්

source:

ත්‍රස්තවාදී අරගලත් සමගම උතුරු නැගෙනහිර දෙපළාතෙන් බෞද්ධ උරුමය මහා පරිමාණයෙන් විනාශ වී ගියේය. එල්.ටී.ටී.ඊ  ත්‍රස්තවාදීන්  හා මුස්ලිම් අන්තවාදීන් විසින්  එසේ විනාශ කලත් මුළුමනින්ම ඒවා විනාශ කිරීමට නොහැකිවෙන තරම් ස්මාරකයන් ඉදිව තිබිණ. එනිසාම අද වන විටත් එම  දෙපළාතෙන් පුරාවිද්‍යා නටබුන් දැකිය හැක. ඊලාම් රාජ්‍යක සිහින දුටු දෙස් විදෙස් අන්තවාදීන්ට ඒ සඳහා බෞද්ධ නටබුන් ඉමහත් හිසරදයක් විය. අදටත් එය නැති වී ගොස් නොමැත.  නැගෙනහිර පළාත පුරාවිද්‍යාත්මක අතින් වැදගත්ම පළාතයි.     එසේ තිබියදී පවා ‘’නැගෙනහිර පළාතේ පළාත් පුරාවිද්‍යාත්මක නටබුන් ප්‍රඥප්තිය’’   යනුවෙන් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කොට ඊලාම් රාජ්‍යට  අවැසි ශක්තිය ලබා දීමට මේ වනවිටත් කටයුතු සම්පාදනය කොට ඇත.  මේ අනුව 03 මාර්තු මස 22 වන දින මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජිනිව උණුසුම අස්සේ මේ පනත ඉදිරිපත් කිරීම තුළම ඇත්තේ ව්‍යාජ භවකි. කෙසේ වෙතත් මේ පනතේ දැක්වෙන පරිදි නැගෙනහිරට පමණක් වෙනම පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු පත් කොට සියලු බල තල පළාත් සභාව සතු කිරීමට නියමිතය. එවිට නරියට කුකුල් කුඩුව භාර දුන්නා සේ නොවන්නේද? මේ අයුරින් මේ දෙන්නට හදන්නේ 13 එහා දෙනවා යයි කියූ දේවල්ය. රණවිරුවන් දිවි දී රැකගත්  මේ පින් බිම බලය වෙනුවෙන් පාවා දීම  මේ පනත හරහා සිදු නොවන්නේද? පිටු 38 කින් සමන්විත මේ පනත කොටස් 10 කින් යුක්තය.     මෙම පනතට  එරෙහිව  වහාම නැගී සිටිය යුතුය. එසේ නොවුනහොත් මේ සිංහල දේශයෙන් නැගෙනහිර පළාත ඊළමක් කොට බෞද්ධ උරුමය අන්තවාදීන්ට පාවා දී නිවටයන් සේ හිදීමට සිදු වන්නේය.