Spread the News

නිජබිම් අයිතිය තහවුරු කරන්නට මලබාර්වරු ලංකාදෙමළ කිරීම
පෘතුගීසීන්ගෙන් ඕලන්දයට හුවමාරු වූ
ද්‍රවිඩ මලබාර් වහල් වෙළඳාම

II වැනි කොටස

ටික්‌කම මහින්ද කුමාර

පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්‌දිව උතුර හා නැඟෙනහිරට දුම්කොළ වැවීමට වහලුන් ලෙසට ගෙන ආ දෙමළ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 4.5% පමණකි. මේ මලබාර් දෙමළුන්ට මිෂනාරි කතෝලික පාසල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් නිලධාරීන් පෙලැන්තියක්‌ ලවා සමස්‌ථ ශ්‍රී ලංකාව පාලනය ඇරඹීය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැඟෙනහිරට ගෙන්වා පදිංචි කල “සියලුම මලබාර් දෙමළුන්ට” ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ”ලංකා දෙමළ ලෙසට” නීති ගත කලේ ක්‍රි.ව. 1881 ජනසංගණන වාර්තාව සකස්‌ කල දෙමළ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1881 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ ලෙසට හැඳින්විය. එතෙක්‌ මේ අය මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1881 තෙක්‌ සඳහන් විය.

ක්‍රි.ව. 1661

ඕලන්දයන් තම කොම්පැනිවල වැඩ කිරීමට 10,000 ද්‍රවිඩ වහලුන් කොළඹ හා ගාල්ලට ගෙන්වන ලදී. ක්‍රි.ව. 1678 වන විටත් යාපන අර්ධ ද්වීපයේ සිටි සිංහල ජනයා 30% (50,789) ගෙන් වැඩි ප්‍රමාණයක්‌ ඉවත් වී සිටියා. සිංහල ආරිය අට්‌ට බ්‍රහ්මණ පරපුරේ අරිට්‌ට කයිලෙය වන්නියා තම පාලනයේ පැවති වඩමාරට්‌ටි ප්‍රදේශය අතහැර නුවරකලාවියට පැමිණ යාපනය නැවත ලබා ගැනීම සඳහා ආයුධ සාදන ලදී. යාපනයෙන් ආ සිංහල වංශවත් බ්‍රහ්මණ හා වෙල්ලාල මිශ්‍ර මඩාප්පුලිවරු සමග ලී අට්‌ටාල ගසා ඒ මත පදිංචි වූ තැන මඩා අට්‌ටු ගම මඩාටුගම විය. කයිලෙය වන්නියා විසින් සශ්‍රීක කල ප්‍රදේශය කයිලෙය පත්තුව ලෙසට නම් විය. යාපනයෙන් ගෙන ආ ස්‌කන්ධ (මුරුගන්) පිළිම වඩමවු තැන (කන්ද) මුරුගන් හිටි දේවාලය නොහොත් මුරුගා හිටි කන්ද ලෙසට අදටත් සඳහන් වේ. නාගදේවාලයක්‌ ද මේ ගමේ තවම ඇත. ක්‍රි.ව. 1678 සිංහල වන්නිවරු සමග එකතු වී උඩරට රජුගේ (II රාජසිංහ) උදව් සේනා ඇතිව යාපනේ රාජ්‍යය උරුමය ඇති ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ආ රාජවංශිකයන් 8 දෙනාගෙන් පැවත ආ ආරිය චන්ද්‍රවංශික වරරාම කුමාරයාට යාපාපටුනේ වඩමාරට්‌ටි, තෙත්මාරට්‌ටි, වල්ලිකාමන් නම් ත්‍රීනම් ත්‍රී භූමිය (ත්‍රී භූල්) මෞර්ය වංශික ධර්මාශෝක අධිරාජ්‍යයාගේ නියමයෙන් දේවානම්පියතිස්‌ස රජු විසින් (බුද්ධ රාජාවලිය) ලබාදුන් ත්‍රිබුල් බණ්‌ඩාර පෙලපතින් පැවති වීදිය බණ්‌ඩාරගේ 3 පරපුරේ මුනුබුරු වූ තුඩුගල මද්දුම රාළ සහ යාපනේ රජවූ ගංගා බ්‍රහ්මණ පරපුරේ පරනෘපසිංහ රජුගේ 6 පරපුරේ කයිසියනාර් සහ ඔහුගේ ඇවැස්‌ස මාමාවූ කයිලෙය වන්නියා සමඟ එකතු වී යාපනේ රාජ්‍ය නැවත අත්පත් කර ගැනීමට කැරැල්ලක්‌ දියත් කළහ.

එය අසාර්ථක වීමෙන් පසුව ක්‍රි.ව. 1681 සිංහලයන් බොහොමයක්‌ම සමඟ සිංහල රජ පවුලේ සියලු දෙනාම පුනරීන් සහ වන්නියට හා මඩාටුගම පුත්තලමට හා මාතලේ වල්ලිවෙලට පදිංචියට පැමිණියහ.

ක්‍රි.ව. 1680 වන විට යාපනේ සිංහල ජනගහණය 30% වූ 50789 විය. මුවර් ජනගහනය 39% විය. දෙමළ වඩුකර් පරදේශීන් (සෙබළු) හා විල්ලාලර් සහ ගෝවෙන් ගෙන ආ ගොවි වහලුන් වූ කුරුම්බි ජනයා 31% ක්‌ විය. යාපනේ දිස්‌ත්‍රික්‌කයේ සමස්‌ත ජනගහනය 169 299 ක්‌ විය. කැරැල්ල නිසා ඕලන්දයන් ගෝවෙන් ගෙන්වූ වහලුන් වූ කුලහීන දෙමළ කුරුම්බි ජනයා නැවත ඉන්දියාවට ගියහ.

සිංහල ජනයා යාපනයෙන් ක්‍රමයෙන් ඉවත්වීම

ක්‍රි. ව. 1682 සිංහල කැරැල්ලෙන් පසුව (ක්‍රි.ව. 1695 පමණ) යාපනේ ජනගහනය ඉතාම අවමයක්‌ බවට පත්වී ඇති බවත් පැරණි ගම්වූ වල්ලිකාමන් වල 5000 සිංහල ගොවින්ද, වඩමාරච්චිවල 5000 පමණ සිංහල ගොවින් සිටි බව මහාචාර්ය සින්නයියා අරසරත්නම් සඳහන් කරයි. තෙන්මාරච්චිවල ද සිංහල 5000 ඇති බවට ඔහු අනුමාන කර ඇත. මෙසේ ක්‍රි.ව. 1682 කැරැල්ලෙන් පසුව බොහෝ සිංහල ජනයා යාපනයෙන් ඉවත් වූ බවට සාධක ඇත.

මෙම සිංහල ගොවි වෙල්ලාල ජනයා වෙනුවට දෙමළ වෙල්ලාහල වහලුන්ගේ පැමිණීමෙන් පසුව යාපනය ක්‍රමයෙන් දෙමළ වහලූන්ගෙන් පිරී ගියේය. ක්‍රි.ව. 1695 දී සිංහල වෙල්ලාල ගොවීන් 15,000 සිටි බවත් අනිකුත් කුලවල සිංහල ජනයා සමග මුළු සිංහල ජනයාගේ එකතුව 40,500 පමණ විය.

ඕලන්දයන්ගෙන් බ්‍රිතාන්‍යයට හුවමාරු වූ ද්‍රවිඩ වහල් වෙළඳාම

ක්‍රි.ව. 1780 පමණ දී ඕලන්දයන් විසින් මලබාර් වලින් යාපනයට ගෙන්වන ලද දෙමළ වහලුන් දම්වැල්වලින් බැඳ බෙල්ලට යකඩ වලල්ලක්‌ යොදා (යකඩ විල්ල ඉවත් කළ නිසා විල්ලා හල විය) දුම්කොළ වැවීමට හා කොම්පණිවල වැඩ කිරීමට ගෙන්වන ලදී. ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර දෙමළ මලබාර් කොලනිසේම, ඇමරිකාවේද කළු ජාතික අප්‍රිකානුවන්ගේ වහල් කොලනි රාශියක්‌ ඇමෙරිකාවේ ද ඇති විය. මේ ආකාරයට උතුරු නැගෙනහිර මුහුදුබඩ පළාත්වල දෙමළ වහලූන් පදිංචි කරමින් දෙමළ මලබාර් වෙල්ලාහල කොලනි ඕලන්දයන් විසින් ආරම්භ කරන ලදී. ඡේම්ස්‌ රුටිනම්ගේ පර්යේෂණ අනුව (tribune – 1957) සඳහන් වන්නේ දකුණු ඉන්දියාවෙන් යාපනයට ගෙන ආ ආර්මුග පිල්ලායි යාපනේ ගුරුදාවිල්වල නම් සිංහල ගමේ පදිංචි වී ඇත, ඔහුගේ පුත් කුමාරස්‌වාමි විය. ඔහුගේ දියණිවරුන්ගෙන් පැවත ආ පරපුර (උපත ක්‍රි.ව. 1814) පොන්නම්බලම් අරුනාචලම් විය.

එලෙස උතුරේ මලබාර් දෙමළ වහල් කොලනි ඇති විය. A Genology of the residents of manipay පොතේ ක්‍රි.ව. 1780 පමණ කම්කරුවන් ලෙසට ගෙන ආ වහලුන් අතර විවිධ (විල්ලාහල/ වෙල්ලාහල/ වෙල්ලාල්/ වෙල්ලාවර්/ වෙල්ලාලර් කුල) මලබාර් දෙමළුන් විවිධ සේවා සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද බව පැවසෙයි. ඉහත පොතේ පරම්පරා 74 ක්‌ මනිපායි, පේදුරුතුඩුව ආදී ස්‌ථානවල පදිංචි වී ක්‍රි.ව. 1900 දක්‌වා ඔවුන්ගේ පරම්පරා 5ක්‌ පමණ පැවතීම විස්‌තර කර ඇත. ඉහත පොතේ කරුණු අනුව වර්තමානයේ දී යාපනයේ බොරු නිජ බිමක්‌ සැකසූ අයවලුන්ගේ ඉතිහාසය මෙසේ විස්‌තර කෙරේ. මේ සඳහා තවත් පොතක්‌ (බොරු මලබාර් ඉතිහාසය ගැන) ලියූ කනකසභාපති ඉහත පොන්නම්බලම් අරුනාචලම්ගේ මස්‌සිනා විය. කනකසභාපතිගේ මුණුබුරු වූයේ වත්මන් උතුරු පළාතේ මහ ඇමැති විග්නේශ්වරම්ය.

ඉහත Manipay පොතේ (නො. 13 හි පිටුව 25) පරිදි වෙල්ලාහල කුල උලගනාදර් මාතර්ගේ පුත් වූ උලගනාගර්මාතර් කතිරගාම කනනකර් (උපත ක්‍රි.ව. 1765) තම මලබාර් ඥාතීන් සමග ක්‍රි.ව. 1780 දී ඕලන්දයන්ට කම්කරු වහලුන් ලෙසට කේරලයෙන්, යාපනයේ මනිපායිවලට පැමිණ පදිංචි විය. ඔහුගේ පුත් (උපත ක්‍රි.ව. 1790) තිල්ලෙයි අම්බලම් අරුනාචලම් විය. ඔහුගේ පුත් (උපත ක්‍රි.ව. 1814) අරුනාචලම් පොන්නම්බලම් කතෝලික අධ්‍යාපනය ලබා Gate Mudaliyar තනතුර ලබා ගන්නා ලදී. මෙවකට ඇමෙරිකානු මිෂනාරීන් ක්‍රි.ව. 1812 දී බ්‍රිතාන්‍ය යුගයේ දී යාපනයට පැමිණ අධ්‍යාපනය වැඩිදියුණු කරන ලදී. ක්‍රි.ව. 1818 දී ලංකාවේ හොඳම ඉංග්‍රීසි අධ්‍යාපන තත්ත්වය යාපනයේ පමණක්‌ ඇති කිරීමට මිෂනාරිවරු සමත්විය. ක්‍රි.ව. 1849 දී වෙල්ලාහල කුල ආර්මුග නාවලර් කතෝලික ඉංග්‍රීසි භාෂාව ඉවත් කර හින්දු ආගමික ද්‍රවිඩ භාෂාවෙන් අධ්‍යාපනය යාපනයේ ආරම්භ කළහ.

මේ අනුව ක්‍රි.ව. 1875 ලංකාවේ ප්‍රථම සිවිල් සේවකයා වූයේ (උපත ක්‍රි.ව. 1814) පොන්නම්බලම් අරුනාචලම් ය. ක්‍රි.ව. 1878 දී පොන්නම්බලම් අරුනාචලම් ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි උගත් රෙජිස්‌ට්‍රාර් ජෙනරාල් විය. ඔහු විසින් මෙතෙක්‌ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ඕලන්ද හා ඉංග්‍රීසින් විසින් ගෙන ආ දෙමළ මලබාර් වහලුන්ට (වෙල්ලාහල) ලංකා දෙමළ නම භාවිතා කිරීම නීත්‍යානුකූල තත්ත්වයට පත්කරන ලදී. මේ අයිතිය හිමිකර දුන්නේ ඔහුද මලබාර් වෙල්ලාහල කුලේ අයකු වූ බැවිනි. අනෙකුත් දකුණු ඉන්දියානු දෙමලුන් ඉන්දීය දෙමළ ලෙසට හංවඩු ගැසීම සිදුකළේ ද ඔහු විසිනි.

ද්‍රවිඩ මලබාර් වහලුන්ගේ පැමිණීම නිසා සිංහල ජනයා යාපනයෙන් ඉවත් විය

සිංහල ජනයා සමග උතුරුකරයෙන් ඉවත් වූ සිංහල මඩප්පල්ලිවරු ගැන A manual of the Vanni District, Ceylon states, Ceylon Civil Service – J.P. Lewis පොතේ සඳහන් වන්නේ ආරිය සිංහල රදල වංශවරතුන් වන මඩප්පල්ලිවරු වන බ්‍රහ්මන වංශ හා සුළු රාජවංශ හා වෙල්ලාල වරුන්ගෙන් පැවත එන ගම් 500 ක නායකයන් වන මඩප්පල්ලි ජනයා යාපනේ ක්‍රි.ව. 1817 දී 150 පමණ සිටි බවත් එය ක්‍රි.ව. 1890 දී එක්‌ පුද්ගලයකු බවට පහත වැටුණු බවත් වව්නියාවල ක්‍රි.ව. 1817 දී මඩප්පල්ලි ජනයා 92 පමණ සිටි බවත් ක්‍රි.ව. 1890 දී එය එකකු දක්‌වා අඩු වූ බවත්, ක්‍රි.ව. 1817 දී මුලතිව්වල සිටි 60 මඩප්පල්ලිවරු ක්‍රි.ව. 1890 වන විට කිසිවක්‌ ඉතුරු නොවී පැවති බවත්, ඉහත කී සියලුම ආරිය සිංහල රදල යාපා බණ්‌ඩාර/ මඩප්පල්ලිවරු වන්නි දිස්‌ත්‍රික්‌කයේ 152 දක්‌වා උතුරෙන් වන්නි ප්‍රදේශවලට පැමිණ පදිංචි වූ බව (EMC, Vol p 798 & 803) සඳහන් වේ. තවද පුත්තලම හරහා පැමිණ කොච්චිකඩේ දකුණින් මෙම මඩප්පල්ලිවරු නතර වූ තැන මඩප්පැල්ල ලෙසට එම ගම් නම් විය. මෙම සිංහල ආරිය මඩප්පල්ලිවරුන් සහ ආරිය සිංහල මහ වෙල්ලාලගේ, කුඩා වෙල්ලාලගේ සහ වෙල්ලාල වංශවතුන්ගේ නාමය මලබාර් වෙල්ලාහල වහලූන්ට භාවිතා කිරීමට අයිතියක්‌ නැත.

යාපනය මලබාර් ද්‍රවිඩයන්ගෙන් පිරීයාම.

ක්‍රි.ව. 1682 පෙර යාපනේ ද්‍රවිඩ මලබාර්වරුන්ට යාපනේ භූමිය තුළ පාරම්පරික ඉතිහාසයක්‌ නැත. ඕලන්ද ජාතික පිලිප්ස්‌ බැල්දියස්‌ ක්‍රි.ව. 1682 පසුව සඳහන් කරනු ලැබුවේ A True and Exact Description of the Island of Ceylon පොතෙන් සඳහන් කර ඇත්තේ ප්‍රථම මලබාර් ද්‍රවිඩයන් කේරලයන් ගොඩ බැස්‌ස බවත්ය. බැල්දියස්‌ යාපනයේ ජීවත්ව සිටිය කාලයේ දී ඕලන්දයන් තමිල්නාඩු හා නාගපට්‌ටන්වලින් 10,000ක්‌ මලබා_ ද්‍රවිඩ වහලුන් ලෙස යාපනයට ගොඩ බැස්‌ස බව සඳහන් කර ඇත. ඒ ක්‍රි.ව. 1682 පසුවය. මේ අය විල්ලාවර් හා විල්ලාලර් හා විල්ලාහල නම් ද්‍රවිඩ ජනවර්ගවලට වැඩි දෙනෙක්‌ අයිති විය.

මෙසේ පැමිණෙන ද්‍රවිඩ වහලුන් සමඟ එකට ජීවත්වීමට සිංහල වැසියන් අකමැති විය. ඒ අනුව ක්‍රි.ව. 1695 වන විට සමස්‌ත යාපනයේ අර්ධ ද්විපයේ ජනගහනය 150,000 පමණ විය. සිංහල 27% මුස්‌ලිම් 41%, ද්‍රවිඩ 32% පමණ විය. මෙසේ පැමිණෙන ද්‍රවිඩ වහලුන් යාපනයේ පදිංචි කිරීමට යොදාගත්තේ ජර්මනියේ භාවිතා කල “ජූස්‌ මැන්ඩාස්‌ ට්‍රයිබල්” නීතිය එවකට ඕලන්දයේ භාවිතා කර පසුව ද්‍රවිඩ මලබාර් යටත් විජීතවලට හඳුන්වා දුන් ක්‍රි.ව. 1707 දී මලබාර් ද්‍රවිඩ දේශවල නීතිය ලෙසට ඕලන්දයන් විසින් හඳුන්වා දුන් නීතියට යාපනයේ බලහත්කාරයෙන් ක්‍රියාත්මක කර ද්‍රවිඩයන් යාපනේ පදිංචි කළේ එම නීතියම (තේසාවලම් නම්) බලයෙන් ක්‍රියාත්මක කරගෙනය.

ලංකාවට මලබාර් ද්‍රවිඩයන් ගෙන ආ පනත හා ඊට විරුද්ධ වූ සිංහල රජ පවුලේ උරුමකරුවන්ගේ කැරැල්ල.

බ්‍රිතාන්‍ය රජයේ පාර්ලිමේන්තුව විසින් 1807 මාර්තු 25 අනුමත කරන ලද 1807 වහලුන් වෙළෙඳාම් කිරීමට පනතට අනුව දකුණු ඉන්දියාවෙන් දුම්කොළ වගාව සඳහා මලබාර් රටින් විල්ලාහල කුල වහලුන් ගෙන්වන ලදී. ඊට විරුද්ධව උඩරට ෂ විමලධර්මසූරිය රජුගේ සහ ලේනව පරපුරේ දෝන කැත§නා කුසුමාසන දේවියගේ පුත් කුමාරසිංහ කුමරුගේ පරපුරෙන් පැවත ආ කෝරලගේ සින්නෝ අප්පෝ සහ හල්පිට ටික්‌කමගේ ඕවිට සිටි කුමාරයා සහ තුඩුගලගේ ඒබ්‍රහම් සේනාරත්න ඇතුළු කැරලිකරුවන් විසින් ක්‍රි.ව. 1796 -97 දී පාතරට ප්‍රදේශවල සිංහල ආධිපත්‍ය තහවුරු කරගත් කැරැල්ලට හේතු වූයේ සිංහල නිලධාරීන්ගේ තනතුරුවලට මලබාර් ද්‍රවිඩයන් පත්කිරීමත්, ඒ අනුව මලබාර් නිලධාරීන්ගෙන් රට පිරීයාම හා බදු බර සිංහලයන් පිට පැවරීමයි. ක්‍රි.ව. 1998 දී හල්පිට ටික්‌කමගේ ඕවිට අවට පැවති නිවාස 104 ගිනිබත්කර පිරිස පලවා හරින ලදී.

ක්‍රි.ව. 1805 වන විට යාපනේ වැඩිම ජනගහනය මුවර් ජනයාය. ක්‍රි.ව. 1807 පසුව දෙමළ වහලුන් යාපනේ පැලපදියම් වීම නිසා යාපනේ මලබාර් වඩුකර් ජන සංඛ්‍යාව මුස්‌ලිම්වරු අභිබවා ක්‍රමයෙන් වැඩි විය. ක්‍රි.ව. 1818 තන්ජූර්වල බදු එකතු කරන ප්‍රධානියා විසින් වහලුන් ගෙන්වන කොන්ත්‍රාත්කරුවන් 150 ලවා වැඩට සුදුසු දෙමළ වහලුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලදී. ක්‍රි.ව. 1823 සිට මෙම දෙමළ මලබාර් වහලුන්ගේ සංක්‍රමණය වැඩිවිය. යාපනේ දුම්කොළ හා උඩරට කෝපි වගාව පදනම් කරගෙන සිදුවූ සංක්‍රමණය අද රට කොටස්‌වලට කඩා ඔවුන්ට නිජබිම් අයිතිය ලබාදීම දක්‌වා වර්ධනය වී ඇත. බ්‍රිතාන්‍ය යටතේ වූ ඉන්දීය රජය යටතේ පනත් අංක 14 යටතේ ක්‍රි.ව. 1839 විශාල වශයෙන් දෙමළ කම්කරුවන් ලංකාවට ගෙන්වන ලදී. 1823-40,000 ක්‌ ද, 1837-10,000 ක්‌ ද, 1839- 70,000 ක්‌ ද, 1842-13,935 ද, 1843-31,201 ද, 1844 – 71,173 ද, ගෙන්වූ බවට වාර්තා ඇත. 1845-67,278, 1846-34,971, 1847-46,140, 1848-32,000, 1867-46,407. දෙමළ වහලුන්ගෙන් ලංකාව පිරී ගියේය.

මේ වන විට 350,000 වඩා වැඩි ගනණය කළ නොහැකි වහලුන් ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ බවට ලිත සංඛ්‍යාලේඛන ඇත. මේ අනුව 1871-203,300, 1881-320,200, 1891-313,300, 1901-497,900, 1911-563,800, 1921-635,700, 1931-854,800, 1964 – 816,200 දක්‌වා ශ්‍රී ලංකාවේ මලබාර් හා වතු දෙමළ ජනගහනය වැඩිවිය.

ක්‍රි.ව. 1869 වසරේ ජූලි 5 වන දින ඉන්දියානු මලබාර් කුලී (ජමකසරැ ජදදකසැs) වහලුන් පිළිබඳව බ්‍රිතාන්‍ය පරිපාලන ආගමන වාර්තාවට අනුව ඤඤරරුsචදබාeබජැ දෙ ඵ්ක්‌ඉaර ජදදකසැs සබ Ceහකදබ – භ්එසදබ්ක Aරජයසඩැs Deච්රපැබඑ නැඅ ඛ්බාදබ % පසුගිය 25 වසරක්‌ ඇතුළත්ව ( ක්‍රි.ව. 1843-1867) ලංකාවට ගෙන් වූ ද්‍රවිඩ වහලුන් 1,446,407 රැගෙන ආ බවත් එයින් 839,897 නැවත තම මවුරට බලාගිය බවත් 356,510 මගදී මියයන්නට ඇති බවත් දල වශයෙන් 250,000 පමණ දිවයිනේ නොයෙක්‌ රැකියා කරමින් ස්‌ථිරවම පදිංචි වූ බවත් පැවසේ.

පොන්නම්බලම් අරුනාචලම්ගේ පුතුන් වූ පොන්නම්බලම් රාමනාදන් (උපත 1851) සර් පොන්නම්බලම් අරුනාචලම් ද, පොන්නම්බලම් පද්මනාදන් ද විය. දියණිවරු ද සිටියා. මේ අයගේ මස්‌සිනා වූයේ ඉංග්‍රීසි භාෂාව උගත් සෙල්ලප්පා සභාපති මුදලියාර් විය. පුලෝලිවලට වහල් කම්කරුවකු ලෙසට මලබාර් රටින් පැමිණි නල්ලන් ගේ දියණියක්‌ වූ තයිවනා පිල්ලායි සෙල්ලප්පා සින්නතංගච්චි හා විවාහ වූ සෙල්ලයියා සභාපති ගේ පුත් වූ සෙල්ලප්පා සභාපති කනක සභාපති විය. (උපත ක්‍රි.ව. 1880) ඔහු කනගම සෙල්ලප්පා දියණිය සමඟ විවාහ වි ලැබූ පුතුන් වූ කනක සභාපති විශ්වලිංගම් විග්නේෂ්වර (උපත ක්‍රි.ව. 1939) වර්තමානයේ උතුරු පලාතේ මහ ඇමැති වූ සී. වී. විග්නේශ්වර විය. අවුරුදු 235 නොවැඩි මලබාර් දෙමළ ඉතිහාසයක්‌ ශ්‍රී ලංකාව තුළ ගොඩනන්වන්නේ මලබාර් වෙල්ලාහල කුල විග්නේශ්වරන් ගේ පරපුරයි.

බ්‍රිතාන්‍යයන් විසින් 1807 මාර්තු 25 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ද්‍රවිඩ වහලුන් වෙළෙඳාම් කිරීමේ පනත අනුව ගෙන ආ දෙමළ මලබාර් වහලුන් යාපනේ දුම්කොළ වගාවට හා නැගෙනහිරට පදිංචියට පැමිණි ගල්ඔයට ගෙන ආ දෙමළ වහල් කම්කරුවන්ගෙන් පැවත එන ඒ රාජවරෝතියන් ගල්ඔය ව්‍යාපෘතියේ ගබඩා ප්‍රධානියා විය. ඔහුගේ පුත් ආර්. සම්බන්ධන් මලබාර් විල්ලාහල කුල ද්‍රවිඩයා අද ලංකාවෙන් උතුරු නැඟෙනහිර වෙන්කර ද්‍රවිඩ ඊලාම් ෆෙඩරල් රාජ්‍යයක්‌ කර සිංහලයාගේ රාජ්‍යයෙන් ඊලාම් ද්‍රවිඩ රාජ්‍යයක්‌ බෙදා වෙන් කිරීමට ව්‍යවස්‌ථාදායක කමිටුවට යෝජනා ඉදිරිපත් කරයි.

ඊළාම් රාජ්‍යයේ බලයට පොරකන
ද්‍රවිඩ විල්ලාහල, විල්ලාලර්, විල්ලාවර්,
නලවර් කුල හා කරෙයියර් සටන

කේරලයේ කෝලම් ගමට ආසන්නව ඇති පුන්තාලතස්‌නම් ගමේ ද්‍රවිඩ කරෙයියර් නම් කුලහීන තිරුමිනියාර් පවුලෙන් ඕලන්දයන් විසින් ලබාගත් වහලුන්ව නාවික භාණ්‌ඩ ප්‍රවාහනයට යොදාගත්හ. ඔවුන්ගේ එක්‌ අයකු වූ (උපත ක්‍රි.ව. 1775 පමණ) අයියම් පිල්ලායි වද කුඩා කාලයේ සිට වහලකු ලෙසට තම පියා (උපත ක්‍රි.ව. 1740) සමග නාවික භාණ්‌ඩ ඉන්දියාවේ වෙරලබඩ සිට යාපනය දක්‌වා භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමට ඕලන්දයන් විසින් ක්‍රි.ව. 1795 දක්‌වා යොදාගත් බවට ලිත සාක්‍ෂි ඇත. අයියම් පිල්ලායි විසින් යාපනයෙන් දුම්කොල නිෂ්පාදන හා වෙනත් භාණ්‌ඩ වරින් වර ඕලන්ද නැව් හරහා ඉන්දියානු වෙරළට භාණ්‌ඩ ප්‍රවාහනය කළ ද්‍රවිඩ වහල් කුලී කම්කරුවකු විය. ඔහුගේ පුත් (උපත ක්‍රි.ව. 1830) වේලායුධම් ද තම පියාගේ අඩිපාරේ යමින් බ්‍රිතාන්‍යයන් සමඟ එකතු වී වෙළඳාමේ භාණ්‌ඩ ප්‍රවාහනය කල හා ගබඩා පාලකයකු ලෙසට සිටි වෙළෙන්දෙක්‌ බවට ධනවත් කමින් උසස්‌ වූ බවට සාධක ලැබේ. ඔහුගේ පුත් (උපත ක්‍රි.ව. 1875) වෙන්කට සාලම් තමාගේම භාණ්‌ඩ ප්‍රවාහන වෙළඳාමින් දකුණු ඉන්දියාව හා යාපනය වැල්වැටිතුර අතර සිදුකළ බවට සාධක ඇත. ඔහු බුරුමය, මලයාසියාව අතර වෙළඳාම සිදුකළ ධනවත් වෙළෙන්දෙක්‌ බවට පත්වී සිංහල වැසියන් විසින් අත්හැර දමන ලද වැල්වැටිතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ ක්‍රි.ව. 1940 පමණ බ්‍රිතාන්‍යයන්ගෙන් මිලදී ගත් බවත්, එහි ශිවන් දේවාලයක්‌ ද ආරම්භ කළ බවට සාධක ඇත. ඔහුගේ එකම පුතු (උපත ක්‍රි.ව.1920 පමණ) කේරලයේ දී උපත ලබා තම පියා සමග අවුරුදු 22 දී වැල්වැටිතුරේට පැමිණ අතීත සිංහල ජනයා ඉවත් වී ගිය ඉඩම් ඉංග්‍රීසීන්ගෙන් එසේ මිලදී ගත් ඉඩම්වල පදිංචි විය. ඔහු යාපනේ මිෂනාරි ඉංග්‍රීසි පාසල් ගුරුවරයකු වූ අතර එහිදී විවාහ විය. එම විවාහයෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් උපත ලැබීය.

ප්‍රභාකරන්ගේ මවගේ පස මාමා වල්ලිපුරම් වේලුපිල්ලායි ද තුරුනෙවල්ලී කෘෂි පාසලක ගුරුවරයක්‌ විය. ප්‍රභාකරන්ගේ පිය පාර්ශවයේ නෑනා වන ජානකී අම්මායි කෝරලයේ තම ඥාතීන් අතර අද දක්‌වා ජීවත් වෙති. ප්‍රභාකරන්, තමිල්නාඩුවේ උපන් මධිවතාන් හා ක්‍රි.ව. 1984 දී විවාහ විය. මෙවැනි දකුණු ඉන්දියානු කේරල ද්‍රවිඩ උරුමයක්‌ ඇති ප්‍රභාකරන් යාපනේ නිජබිම් උරුමයක්‌ ඉල්ලමින් ඊළාම් රාජ්‍යයක්‌ පැතීමට සාධාරණ අයිතියක්‌ ඇති බවත්, එය ආක්‍රමණයක්‌ නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. (ඒ කොටි අල්ලස්‌ නිසාය.) යාපනේ මිෂනාරි ආගමට බැදුණේ වේලුපිල්ලේ නම් ප්‍රභාකරන්ගේ පියාය. මේ අය විසින් උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක්‌ සෑදීමේ ඊළාම් යුද්ධය 1983 සිට 2009 දක්‌වා අවුරුදු 26 පවත්වාගෙන ගියහ. ඒ සඳහා නෝර්වේ/ ඕලන්ද රාජ්‍යයේ ආධාර හා මිෂනාරීන්ගේ ආධාර බිලියන ගණනක්‌ ලංකාව ආක්‍රමණය සඳහා යෙදවීය. අද ද එම නෝර්වේ වෑයම ඉදිරියටත් කරගෙන යනු ලැබේ. ඊළාම් ද්‍රවිඩ රාජ්‍යය ලබා ගැනීමේ දී වෙල්ලාහල හා කරෙයියාර්වරු මරා ගත්හ. යාපනේ නගරාධිපති වෙල්ලාහල දොරේ අප්පා ඝාතනය කළේ කරෙයියාර් ප්‍රභාකරන් විසිනි. කරෙයියාර් ප්‍රභාකරන් හා මඩකලපුවේ මුක්‌කර ගෝත්‍ර කරුණා අම්මාන් ගැටුම, ඩග්ලස්‌ දේවානන්දා හා ප්‍රභාකරන් අතර ගැටුම තවත් දෙමළ කුල අතර සටනකි.

මතු සම්බන්ධයි