නිදහස්‌ සාධාරණ ශුද්ධවූ මැතිවරණයක්‌ පවත්වමු මල්වතු-අස්‌ගිරි මහ නාහිමිවරුන්ගෙන් සහ කතෝලික රදගුරු සමුළුවෙන් ඉල්ලීමක්‌

Spread the News

නිදහස්‌ සාධාරණ ශුද්ධවූ
මැතිවරණයක්‌ පවත්වමු
මල්වතු-අස්‌ගිරි මහ නාහිමිවරුන්ගෙන්
සහ කතෝලික රදගුරු
සමුළුවෙන් ඉල්ලීමක්‌

සිරිල් විමලසුරේන්ද්‍ර

නිදහස්‌ සාධාරණ අපක්‍ෂපාතී මැතිවරණයක්‌ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු ඉල්ලා සිටිති.

සියම් මහා නිකායේ මල්වතු අස්‌ගිරි උභය පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා පොලිස්‌පතිවරයා සහ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත නිකුත් කර ඇති නිවේදනයකින් එසේ ඉල්ලා තිබේ.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමි සහ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්‌ත මාහිමිගේ අත්සනින් නිවේදනය ඊයේ (5 දා) නිකුත් කර තිබේ.
ෙත්‍රෙනිකායික මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පසුගියදා ද රජය හා විපක්‍ෂය වෙත නිවේදනයක්‌ නිකුත් කරමින් ජනාධිපති මැතිවරණය පැවැත්වීමේදී පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමී මැතිවරණයක්‌ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්‌ කර තිබුණු බව මල්වතු අස්‌ගිරි අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේගේ ඒකාබද්ධ නිවේදනයෙහි පවසා තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ අතීතයේ පටන් මහා සංඝරත්නය වෙත පැවරී ඇති පරිදි රටේ ජනතාව යහපත් දැහැමි පිsරිසක්‌ ලෙස සමගියෙන් සාමදානයෙන් සහජීවිනයෙන් ජීවත්වීමට අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය ලබාදීමේ එකම අභිලාෂයෙන් බවද එම නිවේදනයේ දැක්‌වේ.

පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් සහ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් වෙත යවන ලද නිවේදනයේ තවදුරටත් කරුණු දක්‌වන අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සාමකාමී තත්ත්වයක්‌ පවත්වාගෙන යාම සඳහා මෙතෙක්‌ ගෙන තිබෙන ක්‍රියා මාර්ගයන් වෙනුවෙන් සතුට පළකරන බවද සඳහන් කර තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති ශුද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනාධිපතිවරණයේදී ක්‍රියාවට නංවන ලෙස කතෝලික රදගුරු සම්මේලනය කතෝලිකයන්ගෙන් හා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.