Spread the News

නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් සමග සාකච්ඡාවෙන් පසු
අම්පිටියේ සුමනරතන හිමි මාරාන්තික උපවාසය අත්හරී

source:
හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා

නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් කොල්ලකෑම ප්‍රදේශයේ විහාරස්‌ථානවලට කෙරෙන කෙනෙහිලිකම් සහ ඇතැම් රජයේ නිලධාරීන් පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමට එරෙහිව මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ඊයේ (14 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා ඊයේ (14 වැනිදා) සවස උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් පසු උපවාසය අත්හැර දැමීමට උන්වහන්සේ පියවර ගත්හ.

මඩකලපුව මංගලාරාම විහාරය ඉදිරිපිට ඉදිකරගත් විශේෂ කුටියක සිය උපවාසය ආරම්භ කළ අතර උන්වන්සේගේ සහායට විවිධ ප්‍රදේශවලින් භික්‍ෂූන් වහන්සේ පිරිසක්‌ ද වැඩම කර සිටියහ.

මාරාන්තික උපවාසය ආරම්භ කළ නාහිමියන් සමග ඊයේ (14 වැනිදා) සවස 5.00 ට පමණ එම ස්‌ථානයට පැමිණි නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් මහතා විනාඩි 40 ක පමණ කාලයක්‌ සාකච්ඡා කර උන්වහන්සේ ඉදිරිපත් කළ කරුණු කෙරෙහි ඉක්‌මණින් අවධානය යොමුකර සාධාරණයක්‌ ඉටුකර දෙන බවට වූ පොරොන්දුව මත උපවාසය අත්හල බව හිමිනමක්‌ “දිවයින”ට ඊයේ (14 වැනිදා) රාත්‍රි පැවසීය.