Spread the News

නිහීන ඇංග්ලිකන් පල්ලියේ සිංහල පාදඩයා (රනිල්ගේ මහප්පා ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා) හා අරුම පුදුම දෙමළ හිතවතා

ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ලංකාවේ ඔඩු දුවපු තවත් එක අන්තවාදී කල්ලියක්. මේකේ ෆාදර්ලා විවාහ වී දරුවන් රකින වර්ගයේ පියතුමන් වන අතර කොළඹ ශාන්ත තෝමස් විදුහල, ශාන්ත පීතර විදුහල හා ශාන්ත ජෝශප් යන සියල්ල මොවුන්ගේ ආගම් ව්‍යාප්තවාදය අනියමින් පතුරන සිංහල බෞද්ධයාගේ දරුවන් සහමුලින් පිළිකුල් කරමින් හෙළ ජාතියට රිදවන සමාගම් ලෙස පවත්වාගෙන යනු ලැබේ. ගුධයේ පියතුමා යන අර්ථයෙන් හෝ වෙන යම් විසුළු අර්ථයකින් එම පාසැල් වල ප්‍රධාන පියතුමාට ෆාදර් රෙක්ට(ම්) යන නම භාවිතා වේ. සිංහල බෞද්ධ දරුවෙක් පාසැලට ඇතුලත් කිරීමට නම් ත්‍යාග වශයෙන් කොපමණ කුට්ටියක් දීමට කැමති දැයි දෙමව්පියන් අනිවාර්‍යයෙන් කිව යුතුය. කුට්ටිය ලොකු නම් දරුවා ඇතුලත් කල හැක. සියළු කතෝලික දරුවන්ගේ පහසුකම් එම මුදලින් ලබා දෙන අතර බෞද්ධ දරුවා සියළු ආකාරයෙන් කොන් කිරීම සිදු වන්නේ අඩු තරමින් ශිෂ්‍යනායක කමක් හෝ ලබා නොදීමෙනි.

 

පෙරවදනක් සේ ඇංග්ලිකන් අන්තවාදය ගැන සුළු හෙළිකිරීමක් ඉහත ඇති අතර පහත පුවත හෙළිකරන්නේ බෞද්ධ රටක නායක කමට කිසිසේත් සුදුසු නැති නපුංසකයෙක් වන රනිල් වික්‍රමසිංහ නම් නිවට බල්ලාගේ ජාති ද්‍රෝහී ලෙයෙහි පැටිකිරියයි.

 

වම්  ඉවුර
ඇන්ග්ලිකානු පල්ලියේ දේශපාලන
සම්ප්‍රදාය බිඳ දැමූ
දෙමළ රදගුරුතුමා

පසුගිය වකවානුව පුරා ඇන්ග්ලිකානු පල්ලියේ සිංහල දේව මෙහෙය තුළ භාවිත වූ “තුති දීම”, “ප්‍රේමය” වැනි වචන වෙනුවට “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන හඳුන්වාදීමේ ප්‍රවණතාවක්‌ තිබිණි. මේ සම්බන්ධයෙන් පුරෝගාමීන් වූයේ ලක්‌දාස ද මෙල් හා ලක්‍ෂ්මන් වික්‍රමසිංහ වැනි රදගුරුතුමන්ය. සම්ප්‍රදායික ක්‍රිස්‌තියානි වාග් මාලාවට වඩා එවැනි වචන භාවිත කිරීමෙන් ක්‍රිස්‌තියානි ධර්මය දේශීය සංස්‌කෘතියට සමීප වන බව ඔවුන්ගේ අදහස විය. නමුත් ක්‍රිස්‌තියානි පූජකවරුන්ගේ මුවින් “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන අසන විට තමන් අපහසුතාවයට පත්වන බව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා µ්‍රeන්සිස්‌ රදගුරුතුමාට පවසා ඇත. ඒවා බෞද්ධයන් පාවිච්චි කරන වචන බැවින් ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ම ඒ වචන පාවිච්චි කරනු ඇසීම ඔවුන්ට අපහසුතාවයට පත් කරවන්නක්‌ය යන්න ඒ භික්‍ෂුන් වහන්සේගේ අදහස වී ඇත. මේ නිසා අදාළ ප්‍රශ්නය තම පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු µ්‍රeන්සිස්‌ රදගුරුතුමා ඇගේලිකානු පල්ලියට යෝජනා කර ඇත්තේ ඔවුන් “පින්දීම” හා “මෛත්‍රිය” වැනි වදන් පාවිච්චි නොකර කලින් කළ ආකාරයට “තුතිදීම” හා “ප්‍රේමය” වැනි වදන් පාවිච්චි කළ යුතු බවට නිර්දේශ කර ඇත.

ලංකාවේ සිංහල පාඨකයාට රදගුරුතුමෙක්‌ ගැන පුවතක්‌ අසන්නට ලැබුණොත් එය බොහෝ විට නිශේධනාත්මක ස්‌වරූපයක්‌ ගැනීමට ඉඩ ඇති තත්ත්වයක්‌ පසුගිය වකවානුව පුරාම පැවතුණි. ක්‍රිස්‌තියානි පූජක පාර්ශ්වය අතර රදගුරු තනතුරු ඇත්තේ කතෝලික පල්ලියේත් අන්ග්ලිකානු (එංගලන්ත සභාව) පල්ලිය තුළත් පමණි. ඇන්ග්ලිකානු පල්ලියට වඩා කතෝලික පල්ලිය තුළ රදගුරු තනතුරු බෙහෙවින්ම වැඩිය. බොහෝ රදගුරුවරුන් තමන්ගේ ආගමික කටයුතුවලට නැඹුරු වී පුවත් මවන්නන් වීමෙන් වැළකී සිටී. කලාතුරකින් යම්කිසි රදගුරුතුමෙක්‌ විශේෂයෙන්ම දෙමළ රදගුරුතුමෙක්‌ පුවතක මාතෘකාවක්‌ බවට පත්වුවහොත් එය බොහෝ විට මේ රටේ සිංහල බහුතරයට ගම්Hවන්නේ එක්‌කෝ රටට එරෙහිව නැතිනම් සිංහල ජාතියට එරෙහිව එසේත් නැතිනම් ආණ්‌ඩුවට එරෙහි වීමක්‌ වශයෙනි. මේ තත්ත්වය කතෝලික පල්ලිය තුළ මෙන්ම ඇන්ග්ලිකානු පල්ලිය තුළද පසුගිය වකවානුවේ පෙනෙන්නට තිබුණි. නමුත් ඇන්ග්ලිකානු පල්ලියේ කුරුණෑගල රදගුරුතුමා වන ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමන් එම ආකෘතියෙන් ඉවත්ව වෙනස්‌ ආකාරයකට පුවත් මවන්නෙක්‌ බවට පත්ව ඇත.

ඔහුට කලින් වකවානුවක කුරුණෑගල ඇන්ග්ලිකානු රදගුරුතුමා වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ සහෝදරයකු වූ ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමාය. ඔහු 1980 ගණන්වල මුලදී ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ ආඥදායක ක්‍රියාකාරකම් දැඩිලෙස විවේචනය කළා පමණක්‌ නොව දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද ප්‍රසිද්ධියේ පෙනී සිටි අයෙකි. ඔහු 1983 දී මියගියේද එම වසරේ ජූලි කලබල වලදී දෙමළ ජනතාවට සිදුවූ දේ වාවා ගැනීමට නොහැකිව බව ඇතැම්හු කියති. ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමාගේ කාලයෙන් පසු සියලුම ඇන්ග්ලිකානු රදගුරුවරුන් වෙනුවෙන් ඔහු ආදර්ශයක්‌ වූ බව කිවහැක. ඒ කාලයෙන් පසු සියලුම ඇන්ග්ලිකානු අගරදගුරුතුමන් උත්සාහ කළේ එක්‌කෝ ඒ ආදර්ශය අනුගමනය කිරීමටය. නැතිනම් අඩුම වශයෙන් එයින් කැපී පෙනෙන ආකාරයකට වෙනස්‌ නොවී සිටීමටය. නමුත් ඇන්ග්ලිකානු පල්ලිය තුළ උඩරට දෙමළ සම්භවයකින් බිහි වූ ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමන් මේ කෝව බිඳ දමා වෙනස්‌ මාවතකට අවතීර්ණ වී ඇත. ඔහු සිංහල මහ ජාතිය විවේචනය කරනු අපට නොඇසේ. ආණ්‌ඩුව විවේචනය කරනු නොඇසේ. ඔහු කතා කරන්නේ සිංහල දෙමළ සංහිsඳියාව හා එකට ජීවත්වීම ගැනය.

සංහිඳියාව ගැන කතා කිරීමේදී ඔහු කියන්නේ සංහිඳියාව යනු සෑම පුද්ගලයෙක්‌ තුළම පුද්ගලිකව ඇතිවිය යුතු තත්ත්වයක්‌ බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දෙමළ ජනතාව සමග පෞද්ගලික මට්‌ටමින් හිතවත් කමක්‌ ඇතිකර ගැනීම සඳහා ගන්නා උත්සාහයන් ගැන ඔහු ප්‍රසංශා මුඛයෙන් කතා කරයි. ඇතැම් සභාවන් ජනාධිපතිවරයා විසින් දෙමළ බසින් අමතන විට ඒ සභාවේ සිටින දෙමළ පුද්ගලයන්ගේ ප්‍රතිචාරයන් නිරීක්‍ෂණය කර ඇති ඔහු කියන්නේ රටේ ජනාධිපති දෙමළ බසින් ඔවුන්ව අමතනු ඇසෙන විට ඇතැම් දෙමළ පුද්ගලයන්ගේ මුහුණුවල මවිතයත්, තවත් අයගේ මුහුණවල ඉමහත් සතුටත් තවත් ඇතැම් අයගේ දැස්‌වල කඳුලුත් ඔහු දැක ඇති බවයි. එමෙන්ම පශ්චාත් යුද සමයේ වඩාත්ම කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ වන්නේ සිංහල ජනතාව තුළ දෙමළ බස ඉගෙනීමට ඇති කැමැත්ත බව ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමාගේ අදහස වේ. අද සෑම ප්‍රධාන නගරයකම දෙමළ බස උගන්වන පන්ති ගැන පෝස්‌ටර් අලවා තිබීමෙන් මේ උනන්දුවේ තරම සිතාගත හැකි බව ඔහු පවසයි.

නමුත් මේ රටේ දෙමළ දේශපාලනය තුළ බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ සංහිඳියාව ගැනවත් දෙමළ අයට සිංහල ඉගැන්වීම හෝ සිංහල අය දෙමළ ඉගෙන ගැනීම ගැනවත් නොව උතුරේ ස්‌වයං පාලනයක්‌ හා බලතල බෙදීම ගැනය. මෙවැනි කාරණාවලින් කිසිදාක සංහිඳියාවක්‌ ඇතිවන්නේ නැති බව µ්‍රeන්සිස්‌ රදගුරුතුමාගේ අදහස වෙයි. ඔහු දෙමළ ජනතාව පමණක්‌ ජීවත් වන නිජබිමක්‌ ගැන විශ්වාස නොකරයි. ඔහු පවසා සිටින්නේ ස්‌වයං පාලනය, බලතල බෙදීම වැනි පරණ සටන් පාඨ මතම තවදුරටත් කතා කළොත් ඉදිරියේදී තවත් අර්බුදයක්‌ හටගත හැකි බවයි. ඔහු පවසා සිටින්නේ දෙමළ සුළුතරය තුළ සිටින තවත් සුලුතරයක්‌ පමණක්‌ එවැනි ස්‌ථාවරයක සිටින බවයි. පසුගිය වකවානුවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රතිඵල වලින් එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව එක්‌තරා දේශපාලන න්‍යාය පත්‍රයකට ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවක්‌ පෙනෙන්නේ නැත්දැයි ඇසූ විට රදගුරුතුමාගේ ප්‍රතිචාරය වූයේ ජනතාව බොහෝ විට ඡන්දය දෙන්නේ ප්‍රතිපත්ති මත නොව තම අනන්‍යතාවය හා හැඟීම් නිසා වන හේතුවෙන් ඡන්ද ප්‍රතිඵල මත පිහිටා මේ ගැන නිගමනයකට ඒමට නොහැකි බවයි. එමෙන්ම මේ රටේ දෙමළ කතා කරන ජනයා කොටස්‌ හතරකට අයත් වන බව ඔහු පෙන්වා දෙයි. එක්‌ පැත්තකින් උතුරේ දමිළන්ය. අනෙක්‌ පැත්තෙන් මඩකලපුව කේන්ද්‍ර කරගත් තවත් දෙමළ ප්‍රජාවකි. ඒ දෙකටම වඩා වෙනස්‌ ස්‌ථාවරයක උඩරට දෙමළ ජනතාව සිටී. ඒ තුන්ගොල්ලටම වඩා වෙනස්‌ ආකාරයක මේ රටේ දෙමළ කතා කරන මුස්‌ලිම් ප්‍රජාව සිටී. මේ නිසා “දෙමළ ප්‍රශ්නයක්‌” යෑයි පොදුවේ සියලුම දෙමළ ජනතාවට බලපාන තනි ප්‍රශ්නයක්‌ ඇති බව ඔහුගේ මතය වෙයි. මේ එක්‌ එක්‌ දෙමළ කතා කරන ප්‍රජාවන්වලට තම තමන්ට ආවේණික ප්‍රශ්න තිබෙනවා සේම ඒ ප්‍රශ්න වලට විසඳුම්ද එකිනෙකාට වෙනස්‌ වෙයි. මේ ප්‍රජාවන්ගේ අධ්‍යාපන මට්‌ටම් ද එකිනෙකට වෙනස්‌ වෙයි. නමුත් මේ සියලු ජනකොටස්‌ මහ ජාතිය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව රදගුරුතුමාගේ අදහස වෙයි.

සහයෝගයෙන් කටයුතු කිරීම යනු යටත් වීමක්‌ නොවේ දැයි ඇසූ විට රදගුරුතුමා පෙන්වා දුන්නේ උඩරට දෙමළ ජනතාව කිසිදාක ස්‌වයං පාලනයක්‌ ඉල්ලා නොසිටි බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ මේ ජාතියේ කොටසක්‌ බවට පත්වීමට බවත්ය. උතුරු නැගෙනහිර වාසය කරන දෙමළ ජනතාවට සිංහල ජනතාව සමග එකට ජීවත් වීමට අවස්‌ථාවක්‌ නොලැබීම හේතුවෙන් ඔවුන් තුළ සිංහල ජනතාව ගැන ගැන අවිශ්වාසයක්‌ පවතින බව රදගුරුතුමාගේ අදහස විය. 1970 ගණන් හා 80 ගණන් වල උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගුරුවරුන් උඩරට දෙමළ පාසල් වල සේවය කළ අතර ඔවුන් තමන් තුළ වූ ඒ අවිශ්වාසය උඩරට දෙමළ ජනතාව අතර පැතිරවීමටද උත්සාහ ගත්බව රදගුරුතුමා කණගාටුවෙන් ප්‍රකාශ කරයි. එතුමාගේ පල්ලියේ ඉරිදා පාසල් වල පවා මේ ප්‍රශ්නය තිබුණු බව ඔහු කියයි. ඇතැම් අවස්‌ථාවල අහවල් ගුරුතුමා සිංහල මිනිසුන් නරක බවත් සිංහල මිනිසුන් සමඟ ජීවිත විය නොහැකි නිසා සටන් කළ යුතු බවත් ඊට වෙනත් මගක්‌ නැති බවත් ඔවුන්ට කී බව ඔහුට පවසා ඇත. නමුත් අද වන විට උඩරට දෙමළ පාසල් වල උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් එන ගුරුවරුන් සිටින්නේ ඉතා අල්ප වශයෙන් බව පෙන්වා දෙයි. උඩරට දෙමළ ගුරුවරුන් නම් තම සිසුන්ට සිංහල ඉගෙන ගැනීමට උනන්දු කරවන බව ඔහු කියයි. ඇන්ග්ලිකානු පල්ලියේ සම්ප්‍රදාය අනුව යමින් ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමා උඩින් පත්කරන ලද අයෙක්‌ නොව තම ප්‍රදේශයේ පල්ලියේ නායකයන් විසින් ඡන්දයෙන් පත්කරන ලද අයෙකි. ඒ අනුව දෙමළ පූජකතුමෙක්‌ වූ ඔහු පල්ලිය තුළ දැරිය හැකි ඉහලම තනතුරට පත්කොට ඇත්තේ අතිබහුතරයක්‌ සිංහල ඡන්ද දායකයන් පිරිසක්‌ විසිනි. මේ කාරණය නිසා ඔහුගේ මුලු දේශපාලන ස්‌ථාවරයම තීන්දු වී ඇත්දැයි ඇසූවිට එතුමා පෙන්වා දුන්නේ ඇන්ග්ලිකානු පල්ලිය තුළ රදගුරු තනතුර සඳහා ඡන්දයක්‌ යනු සාමාන්‍ය ඡන්දයක්‌ ආකාරයට ඇතැම් කණ්‌ඩායම් විසින් තම තමන්ගේ නියෝජිතයන් දිනවීමට කටයුතු කරන බවයි. මෙහිදී ඔහු සමඟ එම තනතුර සඳහා තරඟ කළ සෙසු සියලුම අපේක්‍ෂකයන් සිංහල පූජකවරුන් විය. එක්‌ අවස්‌ථාවක ඇතැම් පුද්ගලයන් ඒ ප්‍රදේශයේ සිංහල බහුතරයක්‌ වාසය කරන මීසම් වලට ගොස්‌ දෙමළ පුද්ගලයෙක්‌ රදගුරු තනතුරට පත් නොකරන්නැයි කියා තිබේ. එහිදී එම කණ්‌ඩායමට එක්‌ විශ්‍රාමික පාසල් ගුරුවරයෙක්‌ පවසා තිබෙන්නේ ඔහුගේ පරිපාලන හැකියාව වැනි කාරණ ගැන කථා කළා මිස ජාතිය ගැන කතා නොකළ යුතු බවයි. එමෙන්ම තලම්පිටිය ගමේ භික්‍ෂුන් වහන්සේ පවා මේ කණ්‌ඩායම පන්සලට ගෙන්වා මේ ගමට ජාතිවාදය ගේන්න එපා යෑයි ඔවුන්ට පවසා තිබිණි.

තලම්පිටිය ගමේ බෞද්ධයන් මෙන්ම ක්‍රිස්‌තියානි භක්‌තිකයන් ජීවත් වන අතර එහි පල්ලිය පිහිටියේ පන්සල් භූමියට යාබදවය. ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමා පූජකවරයෙක්‌ව සිටි සමයේ තලම්පිටිය ගමේ කාලයක්‌ සේවය කොට තිබුණු අතර යාබද පන්සලේ භික්‍ෂුන් වහන්සේ සමඟද ඔහුට තිබුණේ සුහද සම්බන්ධතාවයකි. ඔහු ඉඹුල් කිරිබත් කෑමට රුචිකත්වයක්‌ දැක්‌වූ බව දැනසිටි නායක භික්‍ෂුන් වහන්සේ හීල් දානයට ඉඹුල් කිරිබත් ලැබුණු විට “පූජක තුමා, එන්න ඉඹුල් කිරිබත් තියෙනවා” යෑයි කියා දානයට ඔහුද ගෙන්වා ගන්නා බව µ්‍රeන්සිස්‌ රදගුරු තුමා ආවර්ජනය කරයි. එමෙන්ම ඔහු කුරුණෑගල ප්‍රදේශයට සේවයට පැමිණි මුල් අවස්‌ථාවේදී ඒ ප්‍රදේශයේ සිටි ගුරුවරුන් තම සිංහල උච්චාරණය නිවැරදි කිරීමට උදවු කළ බවද ඔහු පවසයි. 1977 ජාතිවාදී කලබල වලදී ඔහු තලම්පිටිය ගමේ ජීවත් වූ අතර ඒ ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව ඔහුව ආරක්‍ෂා කළ බව µ්‍රeන්සිස්‌ රදගුරු තුමා ආවර්ජනය කරයි. එම කලබල පැවැති සමයේ රාත්‍රී 10 ට පමණ ගසක්‌ උඩ මිනිහෙක්‌ සිටිනු දැක කවුරුන් හෝ තමාට හානියක්‌ කිරීමට පැමිණ ඇතැයි සිතා යාබද පන්සලට ගොස්‌ නායක හාමුදුරුවන්ට මේ පුවත පවසා තිබුණි. නායක හාමුදුරුවන් පල්ලියේ භූමියට පැමිණ ගස උඩ සිටි පුද්ගලයාට කතාකොට තිබුණු අතර ඔහු පවසා තිබුණේ ගමේ සිටි බෞද්ධයන් පිරිසක්‌ පූජක තුමාට හානියක්‌ කළහොත් වැලැක්‌වීම සඳහා රාත්‍රී කාලයේ මාරුවෙන් මාරුවට රැකගෙන සිටින බවයි.

මේ ආකාරයට දෙමළ – සිංහල හා බෞද්ධ – ක්‍රිස්‌තියානි සංහිඳියාව ගැන පාඩම් ඉගෙනගත් ශාන්ත µ්‍රeන්සිස්‌ පූජක තුමා රදගුරු වීමෙන් පසු ඒ පාඩම් අමතක කළේ නැත. මේ තනතුරට පත්වීමෙන් පසු ඔහුට විසඳීමට සිදුවූ එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ දළදා මාලිගාවට යාබදව පිහිටි ශාන්ත පාවුලු දේවස්‌ථානයට මියගිය බැතිමතුන්ගේ දේහ රැගෙන ඒමයි. එවිට ඒ ආසන්නයේම පිහිටි කතරගම හා විෂ්ණු දේවාල වල නිල්ල නිවාරණය කිරීමට විශේෂ වතාවන් සිදුකිරීමට සිදුවෙයි. දේවාලයේ නිලමේතුමා විසින් මේ කාරණය ඔහුගේ අවධානයට ගෙනා පසු මෘත දේහ ශාන්ත පාවුලු දේවස්‌ථානයට ගෙන ඒම නවත්වා මහයියාව පොදු සුසාන භූමිය තුළ පිහිටි කුඩා පල්ලිය ප්‍රතිසංස්‌කරණය කොට එතනට මෘතදේහ ගෙනයැමට සලස්‌වන ලදී. එමෙන්ම පසුගිය වකවානුව පුරා ඇන්ග්ලිකානු පල්ලියේ සිංහල දේව මෙහෙය තුළ භාවිත වූ “තුති දීම”, “ප්‍රේමය” වැනි වචන වෙනුවට “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන හඳුන්වාදීමේ ප්‍රවණතාවක්‌ තිබිණි. මේ සම්බන්ධයෙන් පුරෝගාමීන් වූයේ ලක්‌දාස ද මෙල් හා ලක්‍ෂ්මන් වික්‍රමසිංහ වැනි රදගුරුතුමන්ය. සම්ප්‍රදායික ක්‍රිස්‌තියානි වාග් මාලාවට වඩා එවැනි වචන භාවිත කිරීමෙන් ක්‍රිස්‌තියානි ධර්මය දේශීය සංස්‌කෘතියට සමීප වන බව ඔවුන්ගේ අදහස විය. නමුත් ක්‍රිස්‌තියානි පූජකවරුන්ගේ මුවින් “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන අසන විට තමන් අපහසුතාවයට පත්වන බව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා µ්‍රeන්සිස්‌ රදගුරුතුමාට පවසා ඇත. ඒවා බෞද්ධයන් පාවිච්චි කරන වචන බැවින් ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ම ඒ වචන පාවිච්චි කරනු ඇසීම ඔවුන්ට අපහසුතාවයට පත් කරවන්නක්‌ය යන්න ඒ භික්‍ෂුන් වහන්සේගේ අදහස වී ඇත. මේ නිසා අදාළ ප්‍රශ්නය තම පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු µ්‍රeන්සිස්‌ රදගුරුතුමා ඇගේලිකානු පල්ලියට යෝජනා කර ඇත්තේ ඔවුන් “පින්දීම” හා “මෛත්‍රිය” වැනි වදන් පාවිච්චි නොකර කලින් කළ ආකාරයට “තුතිදීම” හා “ප්‍රේමය” වැනි වදන් පාවිච්චි කළ යුතු බවට නිර්දේශ කර ඇත.

2011 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් විසින් ඔහුගේ උපදේශන කමිටු වාර්තාව ප්‍රකාශයට පත්කළ පසු ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමා එය දැඩිලෙස විවේචනය කරමින් ප්‍රකාශයක්‌ නිකුත් කළ පසු ඇතැම් පිරිස්‌ එවැනි ප්‍රකාශයක්‌ කිරීම ගැන ඔහුව විවේචනය කර තිබිණි. ඔවුන්ට ඔහු දුන් පිලිතුර වූයේ පුද්ගලයන් වශයෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක්‌ දැරීමට අයිතියක්‌ තිබුණද ඇන්ග්ලිකානු ප්‍රජාවගේ නායකයකු හැටියට තම රට මූලික වන බවත් කවුරුන් හෝ මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසුවහොත් එයට ඔහු ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්‌වන බවත්ය. සැමවිටම සුලු ජාතිය පැත්තේ සිට ආණ්‌ඩුව විවේචනය කළ හිටපු අගරදගුරු ලක්‍ෂ්මන් වික්‍රමසිංහ මෙන් ඔහු කටයුතු නොකරන්නේ මන්දැයි ඇසූවිට ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරු තුමන්ගේ ප්‍රතිචාරය වූයේ මෙයයි.

“ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා හැම විටම මේ රටේ සුළු ජාතීන්ගේ අයිතීන් ගැන අවබෝධයෙන් කටයුතු කළ අයෙක්‌. ඔහු සිංහල ප්‍රභූ පවුලකින් පැවැති අතර සංහිඳියාව සඳහා දෙමළ ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කළ යුතු බව ඔහු සිතුවා. නමුත් මම දෙමළ ජාතිකයෙක්‌. සංහිඳියාව සඳහා මගේ යුතුකම වැඩ කරන්නේ අනෙක්‌ පැත්තට. මම සිංහල බෞද්ධ බහුතර ප්‍රජාව තේරුම් අරගෙන ඔවුන් සමඟ සම්බන්ධයක්‌ ඇතිකර ගත යුතුයි.”

සී. ඒ. චන්ද්‍රප්‍රේම


http://www.divaina.com/2013/09/02/feature01.html