නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වයද අපි අගයකොට සලකමු

Spread the News

නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වයද
අපි අගයකොට සලකමු

source:
ටොරින්ටන් චතුරශ්‍රයේ මංගල ශාලාවෙහිදී පැවැත්වූ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උළෙලින් පසුව, ග්ලොස්‌ටර් ආදිපාදතුමා, එම දේවිය සහ සම්භාවනීය අමුත්තන්ද ඉදිරියේදී සිංහ කොඩිය එසවූ ඩී. එස්‌. සේනානායක අගමැතිතුමා සිංහලෙන් කතාකරමින් 1948 පෙබරවාරි 4 වෙනිදා පැවැත්වූ ශ්‍රේෂ්ඨ ඓතිහාසික කථාව.

“මේ සිහිකටයුතු ඓතිහාසික දිනයේ ලංකාවාසීන්ට වචන ස්‌වල්පයක්‌ කීම මගේ යුතුකමයයි මට හැඟේ. මෙහි රැස්‌ව සිටින සමූහයා වූ කලී සමහර විට අපේ ඉතිහාස කාලයේ කිසියම් අවස්‌ථාවක එකම තැනක රැස්‌වූ විශාලතම ජනකාය වෙන්ට පුළුවන. මෙහි රැස්‌වූ පිරිස අති විශාල වුවද එය අපේ රටේ ජනගහනයෙන් සුළු කොටසක්‌ බවට සැකයක්‌ නැත. ඒ නිසා නවීන විද්‍යාත් දක්‍ෂ පුරුෂයනුත් විසින් නිපදවා තිබෙන උපකරණ රට මුළුල්ලේම හැකි තරම් විශාල සංඛ්‍යාවකට මගේ කතාව ශ්‍රවණය කර වීමට ආධාර කොට ගනිමි.

ස්‌වාධීන ලංකාවේ පළමුවෙනි පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය නැරඹීම සඳහා මෙහි රැස්‌ව සිටින සමූහයා සමඟ එක්‌වීමට තමුන්නාන්සේලාගෙන් වැඩි දෙනකුම බොහෝ ආශා කළ බව මම දනිමි. එහෙත් කටයුතුවල අන්දමට ඊට ඉඩක්‌ නොලැබෙන්ට ඇත.

“එසේ වුවද මේ අවස්‌ථාවේ තමා වෙනුවෙන් පෙනී සිටීම සඳහා මහ රජාණන්වහන්සේ විසින් ස්‌වකීය සහෝදරයා තෝරා ගැනීමෙන් කළ උතුම් ක්‍රියාව ගැන අපේ හෘදයංගම ප්‍රීතිය ප්‍රකාශ කරන බව ම විසින් කියන විට මා ප්‍රකාශ කරන්නේ ලංකාවාසීන්ගේ ඒකමතික හැඟීම බව මම දනිමි.

“අප ප්‍රීති වන මේ අවස්‌ථාවේ ග්ලොස්‌ටර් ආදිපාදතුමාටත් එම දේවියටත් අප සමග එක්‌වීමට පුළුවන්වීම ගැන අපි බොහෝ සතුටු වම්හ.

“අපි නැවතත් නිදහස්‌ ජනතාවක්‌ වීමුයි” ප්‍රීති වන තරම් උෙද්‍යාaගයක්‌ නැති කිසියම් කෙනෙක්‌ අප අතර සිටිත් යයි මම විශ්වාස නොකරමි. ශත වර්ෂ තුනක්‌ මුළුල්ලේ අපි නිදහස ලබාගැනීම සඳහා බටහිරි ආණ්‌ඩුත් පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍යයන් සමග සටන් කෙළෙමු. 1815 මාර්තු 2 වෙනිදා උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරීටයට පවරමින් අපේ ස්‌වාධීනත්වය පිළිබඳ අන්තිම බලකොටුව අපි බාර දුනිමු. 1948 පෙබරවාරි 4 වෙනිදා බ්‍රිතාන්‍ය කිරීටය ඒ ස්‌වාධීනත්වය ලංකාවාසීන්ට බාරදුන්නේය.

“ලේ බිඳක්‌වත් නොවැගිරවීමෙන් ඒ නිදහස පවරාදීම ගැන අපි බොහෝ ප්‍රීති වම්හ. එය එසේම ඉතා සුදුසුය. ලංකාවාසී බොහෝ දෙනෙකු විසින් අදහන බුද්ධාගම ලේ වැගිරවීම නින්දිත කොට සලකයි. ලෝකය වෙනුවෙන් අප ඒ ආගම ආරක්‍ෂා කරගන සිටින බව අපට නොපැකිළ කිව හැක. අන් රජවරුද එය ආරක්‌ෂා කරමින් එය පවත්වාගෙන යාමට ප්‍රතිඥ දුන්හ. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවද එසේම එකඟ වූයේය. එහෙත් බෞද්ධ ධර්මයෙහි අංගයක්‌ වූ ඉවසීමෙන් යුත් දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ඒ ආණ්‌ඩුව සෙසු අයටද කැමති ආගමක්‌ ඇදහීමට ඇති නිදහසට බාධාවක්‌ නොකළේය. මෙය සෑම අයෙකුටම හිමි මූලික ඇදහීමට කෙනෙකුට ඇති නිදහස නැති කරන්නට පුළුවන්කමෙක්‌ නැත. අපට ලැබුණු නිදහසෙහි ඒ නිදහස ගැබ්වී ඇත්තේය.

“මේ නිදහස අප ලැබුවේ යුද්ධයෙන් පීඩිතවූ ලෝකයට අප විසින් කරන ලද සේවයන් නිසායයි අපි විශ්වාස කරම්හ. අප විසින් ඒ සේවයන් කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභිවෘද්ධියත් කාරුණිකත්වයත් සාමයත් සඳහාය. අපට ස්‌වාධීනත්වය පැවරීමෙන් උච්චස්‌ථානයට පත් ව්‍යවස්‌ථානුකූල ආණ්‌ඩු ප්‍රතිසංස්‌කරණයෙන් ඒ අපේ සේවය කෙරේ දැක්‌වූ සැලකිල්ල ගෙනහැරපානු ලැබේ.”

“ඇත්ත වශයෙන්ම අපට පැවරූ මේ ස්‌වාධීනත්වය බ්‍රිතාන්‍ය දේශපාලන නෛපුණ්‍යයේ චිරාගත උසස්‌ ප්‍රතිපත්තිවලට එකඟය. බ්‍රිතාන්‍ය බලය පැවති මේ ශතවර්ෂ එකහමාර තුළ කාලයේ සිවිල් කටයුතු සම්බන්ධයෙන් පැවති භේදයත් පොරයත් නිසා අනතුරු අඩියකට පත්වී තිබුණු සමගිය සම්බන්ධයෙන් හැඟීම යළිත් පිහිටුවනු ලැබීය. “මැස්‌නකාටා” ගිවිසුමෙහි ගැබ්වී නිදහස සම්බන්ධී ප්‍රතිපත්ති ක්‍රියාවෙහි යොදනු ලැබීය. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් හා වරප්‍රසාද වල වටිනාකම අපි දැනගතිමු. කෙනෙකුට ඇති නිදහසත් වැසියාත් දේපළත් ආරක්‍ෂා කිරීමත් කථා කිරීමට ඇති නිදහසත් ආගමකට ඇති නිදහසත් අපි අගය කොට සලකමු. නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වයද අපි අගයකොට සලකමු.

සකස්‌ කළේ- නාරද නිශ්ශංක