Spread the News

නෙදර්ලන්ත කොටි  නායකයා
ඇතුළු  5 ක්‌ වසර 7 ක්‌ හිරේ

කීර්ති වර්ණකුලසූරිය

යුරෝ මිලියන 200 ක කප්පම් එකතු කළ නෙදර්ලන්ත කොටි නායක රාමචන්ද්‍රන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් පස්‌දෙනකුට නෙදර්ලන්ත අධිකරණය වසර 7 බැගින් සිර දඬුවම් නියම කර ඇත.

උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් සම්මත කළ ද්‍රවිඩ ජාති ඝාතන යෝජනාව අධිකරණය වෙත ඉදිරිපත් කර චෝදනාවලින් ගැලවීමට රාමචන්ද්‍රන්…

ඇතුළු කොටි කණ්‌ඩායම දැරූ උත්සාහය ද ව්‍යර්ථ වී තිබේ. රාමචන්ද්‍රන්ගේ නිවසේ තිබී සොයාගත් මෘදුකාංගයෙන් කප්පම් ගැනීමේ තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන්ට විසි වසරක සිර දඬුවම් පමුණුවන ලෙස නෙදර්ලන්ත නඩු අධ්‍යක්‍ෂවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.