Sat. Jan 18th, 2025
Spread the News

නොදැමුණු ආශ්වාදයට වහල් වී ආගමික හික්මීම ඉවතලෑම – ඩයසකෝසා තෙකිතා

By DK, on January 4th, 2012 source:

යුරෝපයේ ප්‍රධාන දහම වූ කිතු දහමේ හා කතෝලික චින්තනයේ හැටියට, එම දහමේ ශාස්තෘවරුන්ගේ හා ඔවුන් එවන ලද දෙවියන්ගේ ප්‍රධානතම සතුරා වන්නේ සාතන් නොහොත් “යක්ෂයා” ලෙස ලංකාවට හඳුන්වා දුන් ඒ දෙවියන්ට අකීකරු වූ සත්වැනි දේව දූතයාය… බයිබලයේ ලතින් අනුවර්තනය හෙවත් “වුල්ගේට්” ග්‍රන්ථයට අනුව මේ සාතන් පිදීම “දකෝතා” නම් විය…

එවකට කතෝලික පල්ලියේ දණ්ඩනයට බියෙන් යකු පුදන යක් දෙස්සෝ හොර රහසේ සැඟව තැන්, තැන් වල තම වන්දනා කළහ… බෙල්ජියමට එවකට එවැන්නෝ බොහෝ කොට රැස්වූයේ එහි රෝම ආඥාව අවමව පැවතීම හේතුවෙනි… මේ බෙල්ජියමේ දුර බැහැර ගම්මාන වල අඳුරු ලෙන් වලට හෝ පාළු මූසල නිවෙස් වලට රොක් වන මොවුහු අතුරින් එක් අයෙකු යම් බෙරයක් පසෙක තබාගෙන වයන අතර, ලාම්පු පත්තු නොකොට යාන්තම් ඉටි පන්දම් කිහිපයක් පමණක් දල්වා, පෙනෙන-නොපෙනෙන අඩ අඳුරේ කාමයෙන් මුසපත්ව, “කොලොප්” නම් සතුන්ගේ රුධිරය යොදා පෙරන මත් විෂ පානය කොට සෙස්සෝ බෙර වයන්නා වටා රවුමක් සෑදී නටති… නටා අවසානයේ එකම භාජනයකට හලන්නේ යක්ෂයාට පුද දෙන්නටය… ඉනුත් ඉක්බිතිව ගැහැණු පිරිමි, සතුන් සේ ලිංගික සංසර්ගයේ යෙදී, උනුන් වැළඳගෙන එළිවන තුරු නිදා සිටිති…

මේ උත්සවයට අර “වුල්ගේට්” හි ලතින් බසින් භින්න වූ බෙල්ජියම් වදන් වලින් “ඩයසකෝසා ( යක්ෂයා ) තෙකිතා ( ආචාරය ) ” යැයි කියති… අදටත් මෙම චාරිත්‍රය මීට සමානුරූපීව පවතින අතර, “ඩයසකෝසා තෙකීතා”, ඉංග්‍රීසින් විසින් සිය හුරුවට “ඩිස්කොතෙක්” යන තනි වචනයට බහා ඇත… අදත් විදුළි බුබුළු අඩ ආලෝකයට අඩු කරන අතර, බෙරය වැයූ යකු පුදන්නා වෙනුවට “ඩී.ජේ” සිටී… :D

මේවා බටහිර රටවල ආගම් වලින් පවා ප්‍රතික්ෂේපිත දේවල්ය… බටහිර ජනතාව දැන්, දැන් තම ආගම් වලට පා පහර දෙන තැනට ඇවිත් ඉන්නේ මේ නිසාය… මොනවා කළත් ඔවුන්ගේ උප-විඥාණය දන්නවා තම ආගම් පැවතීම මේවා කරන්නට බාධාවක් කියන එක… ඒ නිසා දැන් ඔවුන් ඒ නොදැමුණු ආශ්වාදයට වහල් වී ආගමික හික්මීම පවා ඉවත හෙළා, ඒ පස්සේ දුවන්න උත්සාහ කරමින් සිටී… ඉතින් මේ දේවල් වලින් ලාභ එහෙම ලබන අය සිටී නම් ඒ අය තව උත්සාහ කරන්නේ අනාගත පරම්පරා වල ආගමික උප-විඥාණය නොපිහිටන තැනට කටයුතු කරන්නයි… එතකොට අනාගත පරම්පරාවම නිදහසේ මේවාට බිලි ගන්න පුළුවන්…

නමුත් සිංහල බෞද්ධ අපිට තිබෙන්නේ ආගමක් නෙමෙයි… බුදු සමය කියන්නේ ජීවන දර්ශණයක්… අනුගත වී යන මාවතක්… අපේ අයත් ඩිස්කෝ ආදිය කරනවා නම් ඒ අණුකරණ වාදීව ඒවා ” පොෂ් ” කියලා හිතන නිසයි… වෙන විදියකින් කිව්වොත් බටහිර ඇත්තන් කරන නිසයි… අපේ අය “පොෂ්” කියා හිතන්නේ ඒ දේවල් නේ… මේ ලිපිය බලන්න http://sinhalabuddhist.com/2010/09/posh/

අපගේ අරමුණ මේවා ආවේ කොහෙන්ද, මුළ කොහොමද කියා පෙන්වා දීමය… එවිට අත්හරින කෙනෙක් ඉන්නවා නම් අවබෝධයෙන් අත් හරීවි… බෞද්ධ දැක්මේ “බලහත්කාරය” නෑ… ඒ නිසා ගෙලට බයිනෙත්තුව තබා අත් හැරවීම හෝ මේවාට යන්නන්ට ගල් ගසා මරා දැමීම අපි ළඟ නෑ… එනිසා අවබෝධය දුන් විට, “මේවා අත් හැරිය යුතුය” කියා සිතන අය අත් හරියි… කරන අය ඉතින් ඉහළ ගියොත්, ඉහළ ගියැයි….

 

Protected by Security by CleanTalk