Sun. Jan 19th, 2025
Spread the News

GTF the real reincarnation of the LTTE – Rohan Gunaratna

නෙදියවන් අත්අඩංගුවට ගත්තා සේම…

නෝර්වේ රාජ්‍යය එල්.ටී.ටී.ඊ. ය තහනම් කළ යුතුයි

නෝර්වේ ආරක්ෂක කමිටු සභාපති කියයි

දයා ඩී. ෆොන්සේකා

source link:

නෝර්වේ රාජ්‍යය විසින් එල්.ටී.ටී.ඊ. ය තහනම් කළ යුතු යැයි එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ කන්සර්වේටිව් පක්ෂයේ ආරක්ෂක කමිටු සභාපති පීටර් ගිටිමැක් අවධාරණය කරයි. යුරෝපා සංගමය මෙන් ම නෝර්වේ රාජ්‍යය ද එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධ යෙන් තද ස්ථාවරයක් ගත යුතු යැයි හෙතෙම තවදුරටත් පවසයි.

ඔහු එම ප්‍රකාශය කෙළේ පසුගියදා නෙදර්ලන්ත පොලිසිය මඟින් ඔස්ලෝහිදී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. වත්මන් නායකයා යැයි කියාගන්නා නෙදියවන් පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගත් නෙදියවන් ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේ ප්‍රධාන එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයකු බවත් ඔහු නෝර්වේ සිට එල්.ටී.ටී.ඊ. යට මුදල් එකතු කළ බව සනාථ වී ඇති බවත් පවසන නෝරිවේජියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු පිළිබඳව නෝරිවේ රජය වහා ක්‍රියාකාරී විය යුතු බව ද පවසයි.

නෙදර්ලන්ත පොලිසිය විසින් 2010 වර්ෂයේ දී මෙසේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් නෝර්වේ රටේ දී අත්අඩංගුවට ගත් අතර නෝර්වේ මධ්‍යස්ථානය කැරගෙන බොහෝ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් කටයුතු කරති. එසේ අත්අඩංගුවට ගත් අය අතර අන්තර්ජාතිකව එල්.ටී.ටී.ඊ ජාලය මෙහෙයවන ක්‍රියාකාරීන් ද සිටින බව සඳහන් කළ නෝරිවේ විපක්ෂ මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ. ය නෝර්වේ හි තහනම් කළ යුතු බව ද අවධාරණය කරයි.

මේ අතර නෙදියවන් හෙවත් පෙරිම්පනායගම් සිවපරන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රකාශයක් කරන ඔස්ලෝහි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕලන්ද හා නෝර්වේජියානු අධිකාරීන්ට සහාය වන බව පැවැසී යැයි ‘නිව්ස්’ නම් වෙබ් අඩවිය සඳහන් කරයි. නෙදියවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව පැවසූ නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිවරයා පැවැත්වෙන පරීක්ෂණ වලදී නෝර්වේජියානු හා නෙදර්ලන්ත අධිකාරීන් හා සම්බන්ධවීමට ද බලාපොරොත්තු වන බව ද පවසා ඇත.

Protected by Security by CleanTalk