Spread the News

නෝර්වේ හා මෙරට ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට මහනුවර – පල්ලේකැලේදී සිංහල රාවයෙන් අමතක නොවන පාඩමක්

source:


නෝර්වේ රාජ්‍ය යනු මේ රටට කිසිදු ලෙසකින් සුගතියක් ගෙන දුන්නවුන් පිරිසක් නොව. මේ රටේ එල්. ටී .ටී. ඊ පෝෂණය කරමින් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වූ උතුම් දළදා සමිදුන්ට පවා ප්‍රහාර එල්ල කළවුන් පිරිසක්ය. ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිබදව අමුතුවෙන් සිහිකළ යුතු නැත. අද වන විට ඔවුන්ගේ නවතම උපක්‍රමය වන්නේ ‘‘නෝර්වේ බෞද්ධ සංවිධානය“ යන නමින් ව්‍යාජ සංවිධානයක් පිහිටුවා ගනිමින් මේ රටේ අන්‍යාගමික කරනය වගේම සර්වාගමික කරනය තුළින් දේව රාජ්‍යක් බිහි කිරීමයි. එහි දැවැන්ත අදියරයක් ආරම්භ වූයේ දළදා මාළිගාවට අනුබද්ධ පල්ලේකැලේ ඉදි වු බෞද්ධ මධ්‍යස්ථානයට ආධාර කරමින්ය. මේ උගුලට හසු වූ අපේ රටේ නරුමයන් එම ඇම හොදින් ගිල්ලේය. අද වන විට එම ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ බූදලයකි.

කෙසේ වෙතත් දේව රාජික සිහිනය උදෙසා නෝර්වේ නොනිමි අරගලය මෙවර දියත් වූයේ එහි දිර්ඝකාලීන වැඩසටහනක් ලෙසය. මේ අනුව මේ රටේ අන්‍යාගමික කරන වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට අනුගමනය කළයුතු නව ක්‍රියාමාර්ග පිළිබදව අධ්‍යනය කිරීම සදහා 2012-01-04 දින හා 05 යන දෙදින තුළ සම්මන්ත්‍රණයක් පල්ලේකැලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සිද්ධ වූ අතර පළමු දින සම්මන්ත්‍රණය කිසිදු බලපෑමකින් තොරව සිදු වී ඇත. මේ සම්මන්ත්‍රණය සදහා චීවරයට මුවා වූ ඇතැම් භික්ෂූන් වහන්සේලාද සම්බන්ධ වී සිටීම අතිශය කණගාටු දායකය. රාස්සගල සීවලී හිමි හා අකුරැටියේ නන්ද හිමි යන හිමිවරු සේම මහාචාර්ය අසංග තිලකරත්න හා උගතුන් කිහිප දෙනෙක් සම්බන්ධ වූ අතර මෙහි ප්‍රධානියා ලෙස මහාචාර්ය ජී. ඒ සෝමරත්න මහතා කටයුතු සිදු කොට ඇත. මීට අමතරව පාදිලියෝ රැසක් හා තවත් පිරිසක් මේ සදහා සම්බන්ධ වී ඇති අතර ඇතැම් බෞද්ධ ප්‍රභූවරුන් මේ සදහා ගෙන්වාගෙන ඇත්තේ සර්වාගමික සංකල්පය හා අන්තර් ආගමික සහජීවනය යන පුහු සංකල්පයන් ඔස්සේ රවට්ටමිනි. මෙම උගුල පිළිබද මනා අවබෝධයක් ඇති බෝහෝ ආරාධිතයන් මේ සදහා සම්බන්ධ නොවූ බවද පවසන්නේ ඔවුන් සියලු දෙනාට කරන ගෞරවයක් ලෙසය.
දෙවන දිනයට අද දිනයේත් (12-01-05)සම්මන්ත්‍රණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිද්දී මේ මහා උගුලෙන් සිංහල දේශයත් බෞද්ධයාත් රැක ගැනීමේ පරම චේතනාවෙන් සිංහල රාවය ජාතික සංවිධාන‍ෙය් නියෝජිතයන් පිරිසක් වහාම එහි ගොස් එය නවතා දැමීමට අවශ්‍ය සියලු පියවර ගත්තේය. මේ සදහා ජයග්‍රහණය – මහනුවර සංවිධානයේ අති පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් ඇතුළුව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ,මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන්ද වැඩම කරමින් අපට ශක්තියක් වූ අතර සවස් වරුව වන විට මේ මහා බෞද්ධ සංහාරයේ ඇතුල් පැත්ත තේරුම්ගත් මෙරට නඩේ ගුරා වූ මහාචාර්ය ජී.ඒ සෝමරත්න මහතා අස්ගිරි හා මල්වතු මහා නාහිමියන් බැහැ දැක සමාව භජනය කොට ඇත. මේ අතර තම නොදැනුවත්භාවය නිසා සිදු වෙන්නට ගිය මහා ව්‍යසනය වළක්වා ලූ සිංහල රාවයට ස්තුති කරමින් හා තමන් සර්වාගාමික කාරයින්ට දැක් වූ සහයට කණගාටුව පළකරමින් මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් නිලංග ප්‍රදීප් මහතාද අදහස් දැක්වූහ.