Spread the News

පක්‍ෂයේ නම, ඡන්ද ලකුණ දින දෙකකින්

සිරිල් විමලසුරේන්ද්‍ර

තවත් දින දෙකකින් තම පක්‍ෂයේ නම සහ එහි ඡන්ද ලකුණ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිවරණයේ පොදු අපේක්‌ෂක හිටපු ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24 වැනිදා) මහ නුවරදී පැවැසීය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගත් මෛත්‍රිපාල සිරිසේන මහතා අනතුරුව මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන්a බැහැදැකීමෙන් පසුව මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

රටට වෙනසක්‌ අවශ්‍ය වී ඇති බවත් කී මෛත්‍රිපාල මහතා තමා ජනාධිපතිවරයා වීමෙන් පසු රටේ ඉදිරි ගමනට අවශ්‍ය දර්ශනයක්‌ අනුව කටයුතු කරන බවත් කීය.

තවද සාධාරණ හා යුක්‌තිසහගත මැතිවරණයක්‌ රටට අවශ්‍ය බවත් මෛත්‍රිපාල මහතා සඳහන් කළේය.