පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්න්‍යාගමිකකරණය වැලැක්විය නොහැක

Spread the News

පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්න්‍යාගමිකකරණය වැලැක්විය නොහැක

බෞද්ධයන් උදෙසාම පෙනී සිටින රුපවාහිණි නාලිකා වැඩසටහන් වල දැන් දැන් පන්සල් දියුණු කිරීමෙන් අන්න්‍යාගමිකකරණය නැවැත්විය හැකි යන තේමාව යටතේ විවිධ චලනමය හා හඬ ඇතුලත් වැඩසටහන් ප්‍රසිද්ධ කරමින් සිටි.මොවුන්ගේ මතයනම් සැදැවත් දායකයන් විශාල ප්‍රමාණයක් ඇත්ත කතා කිරීම පසෙකලා(වැරැද්ද නිවැරදි නොකොට ) නැත්තක් ඇතිකිරීම (දියුණුව තුලින් පමණක් )තුලින් බුදුදහම මෙලොවින් තුරන් කිරීමට මාන බලන දෙවෙනි වතිකානු සම්මේලනයෙන්(1962-1965) දියත් වුන ලෝක ආගමික මිෂනාරි කුමන්ත්‍රණය වැළැක්විය හැකි බවය.

ප්‍රචාරක මාධ්‍යන්  යන් උපයෝගී කොටගෙන ආගමික කුමන්ත්‍රණ කරුවන් නිතැතින්ම සිංහල බෞද්ධයන්ගෙන්(අපෙන්)අපේක්ෂා කරන ගොන් නිහඬ තාවය තවත් මර උගුලක් වන පන්සල් දියුණු කිරීමෙන් අන්න්‍යාගමිකකරණය වැලක්විය හැකි යන මාධ්‍ය මර උගුලට හිර කිරීම, බුදුදහම දිවි හිමියෙන් රැකිමේලා ඇති අප සතු උදාර කටයුත්ත අමතක කොට මුදල් මතින් හෝ පන්සල කොන්ක්‍රීට් මගින් ගොඩනගා එහි ධර්මයට ලැදි නමුත් අනාගත අප දු පුතනුවන් උදෙසා දිවි හිමියෙන් ධර්මය ආරක්ෂා නොකරන තම නිවන පමණක් අරමුණු කොටගත් තම ජාතික යුතුකම බැහැර කොට  (වගකීම් පැහැර හැර)ඉතා පහාසුවෙන් නිවන් දැකීමට (දියුණුවූ පනසල තුල සිට ) උත්සහා කරන කණ්ඩායම් ඇති කිරීම බරපතල පාප ක්‍රියාවකි.එසේම එය බුදුදහමේ මළගම සකස් කරනවුවන්ට අත්වැල් ද ඇල්ලිමකි එසේම එය තව දුරටත් බුද්ධිමත් දායකයන් සන්තාපයට පත් කරන ද කටයුත්තකි.

අප කවුරුත් හොදින් දන්නා බලන්ගොඩ ආනන්ද ෛමත්‍රිය  නායක ස්වාමින්වහන්සේගේ ප්‍රධාන ශිෂ්ශ්‍යකු වූ ෛමත්‍රි මුර්ති හාමුදුරුවන් පුජකයෙකු වූ හැටි මේ ලඳ බොළද රුපවාහිණි මාධ්‍ය වේදීන් නොදන්නවා ඇති. පන්සල කොළ අතු කැබැල්ලකින් වටවූ කුඩා කුටියක් වූවද සැබැ නිර්මල ධර්මය එහි වැඩසිටින භික්ෂුන් වහන්සේලාගෙන් දායකයන්ට ශ්‍රවනය කල හැකිනම් හා ධර්මය අප කෙහෙරෙහි වටහා දීමට සමත් ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේලා වැඩසිටීනම් එය ඉතා දියුණු පන්සලක් බව සිංහල බෞද්ධයන්ගේ මතයයි.බටහිරයන්ගේ දියුණුව හා අපේ දියුණුව අහසට පොලොව සේ අන්ත දෙකකට සදා වෙන්ව පවතී.
විවිධ රුපවාහිණි නාලිකාවල විවිධ වැඩසටහන් කරවන මාධ්‍යවේදීන් කියාගන්නා පිරිස් වර්තමානයේ උලුප්පා දක්වන්නේ තමන්ගේ ආගම පාඩුවේ අදහාගෙන ජීවත්වීම සහ ගමේ පන්සල දියුණු කිරීම (කොන්ක්‍රීට් මගින්)සැබෑ බෞද්ධ කමක් හැටියටයි. එහෙත් ඔවුන් නොදන්නා කාරණයනම් ඉතාමත් දියුණු යැයි(ඔවුන් විසින්)කියන පන්සල් අවට ගම්මානවල් වල වැඩිපුර ප්‍රතිශතයක් වශයෙන් අන්න්‍යාගමිකකරණය සිදුවෙන බවය.

ඊට ප්‍රධානම හේතුවනම් මිෂනාරීන්ගේ වැඩිම ඇස ගැසෙන්නේ මෙම ප්‍රසිද්ධ හෝ දියුණුයි කියන පන්සලය. කුමන පචයක් හෝ බොරුවක් හෝ බේගලයක් ඇද බා දෙවියන් අමුතුවෙන් හෝ මවා පෙන්නා ආගමට හැරවීමට බැරි තැන මුදල් හෝ කාන්තාවන් හෝ ලබා දී ප්‍රසිද්ධ හෝ දියුණු පන්සලේ සිටින ලොකුම උපාසක තැන හෝ නැතොත් එහි වැඩසිටින භික්ෂුන් වහන්සේ කෙනෙකු හෝ ඩෑහෑ ගන්නේ ප්‍රචාරක වාසි තකා බැවිනි.

පන්සලේ ආරක්ෂාව නොව (සිවුවනක් පිරිස ගේ ) දියුණුවේ කෙලවර පතන පතන මාධ්‍ය වේදීයානෙණි, භය නොවී, අලස, නොවී වැරැද්ද නිවැරදි කිරීමට අවස්ස්‍ය දැනුම ලබාදීමට ඔබගේ වටිනා ගුවන් කාලය යොමු කරන්න. රට වටින් ඇසෙන දියුණුවේ ශබ්දයට කොයි විටෙක නැතිවෙදොයි අප නොදනිමු. එයට නොරැවටෙන්න. බුදුදහමේ මළගම සැලසුම් කිරීමට විශාල මුදල් සම්භාරයක් ලෝක මට්ටමින් පුජකයන් හා මිෂනාරීන් වියදම් කරයි. එබැවින් පන්සල දියුණු වුවද,නැතිවුවද එය රැක ගැනීම අපේ යුතුකමකි. බොළඳ අදහස් පැහැර හැර විශේෂයෙන් අප ළමා පරපුර නොමග නොයවා අතීත මුතුන් මිත්තන් උඩනොබලා ඉඳ,දිවි පුදා සටන් කොට රැකගත් නිර්මල බුදුදහමද සිහල රට දැය රැකගැනීමට අවස්ස්‍ය චිත්ත ෛධර්ය ඇතිවෙන ආකාරයේ නිරමාණ කෙරෙහි ඔබගේ අවධානය යොමුකරන්න.

මිගේට්ටුවත්තේ ගුණානන්ද හිමි , අනගාරික ධර්මපාල,සෝම හිමි වැනි උදාර ගිහි පැවිදි උතුමන්ලා රාශියක් දිවා රැ වෙහස මහන්සිවී අද ඔබ රුපවාහිණි නාලිකා තුල සිට ප්‍රචාරය කරන බණ රැක දී තිබේ.(එය හොදින් මතක තබාගන්න) විටෙක ජිවිත තර්ජනද පසෙකලා අන්න්‍යාගමිකකරණය තර්ජන ගැන තතු පවසන ඔබවැනීම මාධ්‍යවේදීන් හැල්ලු කිරීම. අන්න්‍යාගමිකකරණය ගැන සඳහන් තොරතුරු එළිදැක්වීම අශික්කිත  හෝ වැරදි ක්‍රියාවන් වසයෙන් වියන්ගයෙන්  පැවසීම හරියට එක් කුසේ උපන් සහෝදරයෙකු මරා දැමීමට වඩා බරපතල අපරාධයකි.

ඔබ වැනි මාධ්‍යවේදීන් ගැන තෙවනි ඇසකින් බැලීමට කාලය පැමිණ ඇති බව අප බෞද්ධ සමාජයට පතුරුවන්නෙමු ….

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය

One thought on “පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්න්‍යාගමිකකරණය වැලැක්විය නොහැක

  1. Laksahan
    March 26, 2012 at 6:26 pm · Reply
    මගේ අසල්වාසී මිතුරන් වෙත,

    මේ දිනවල අප ප්‍රදේශයේ මූලධර්මවාදී කණ්ඩායමක් සැරිසරමින් සිටී. බෞද්ධයකු වශයෙන් අන්‍ය මත වලට මා ගරු කරන නමුදු මගේ ආගමට අපහාස කරන විට ¨බකන් නිලා¨ සිටීමට මා නම් සූදානම් නැත.
    ගුටි කන්න වන බව දන්න නිසාදෝ, මුන් දැන් නිවෙස් වලට එවන්නේ ගෑනුන්වය, සිංහලයෙකු ලෙස ගැහැණියකට අත ඔසවන්න මට සිත් නොදුන් නිසා කටින් ¨අ¨සා පන්නා දැමීමට මට සිදුවිය.
    මා ඔවුන්ගෙන් ඉල්වූයෙ උන්ගේ ආගමට හැරෙන්නට මම සූදානම් බවත්, නමුත් ඊට පෙර මගෙ පැනයන්ට පැහදිලි පිළිතුරු උන් දිය යුතු බවත්ය. බුදුන් ඇදහීම මුලාවක් යැයි කියා පැමිනි උන් මගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී පැන ගියේ අසල්වාසී වෙන කිසිම ගෙයක් දිහාවත් නොබලමිනි.

    මේ සතිය ඇතුලත ඔබේ නිවස් වලටද මොවුන් පැමිනෙනු ඇත. එසේ පැමිනෙන උන්ගෙන් මෙම ප්‍රශ්න වලට ¨පැහැදිලි¨ උත්තර ඉල්ලන්න.

    1. සෑම දෙයක්ම මැවුම් වාදය මත පදනම් වේද??(සියල්ලම මැවුමක්ද, මැවුමට පරිබාහිර කිසිත් ඇත්ද ?)

    2. එසේ ඇත්නම් ඒ මොනවාද? (එසේ ඇත්නම් දෙවියන් සර්වබලධාරී නොවේ)

    3. එසේ නැත්නම් දෙවියන් වහන්සේව මවන ලද්දේ කවුද? (දෙවියන් වහන්සේව කිසිවකු මවා නැත්නම් 1. සියල්ල මැවුමවාදය මත පදනම් නොවේ)

    4. (දෙවියන් වහන්සේව )මවා ඇතන්ම් ඒ කවුද? (ඔහු/ඇය පහලවුනේ/ඉපදුනේ කෙසේද?)

    5. ම්වා නැතන්ම් ඕපපාතිකද(ඉබේ පහලවූ)? නැතන්ම් හේතු ඵල මත පහලවූවක්ද?
    (කුමක් වුවත් එ දෙකෙන්ම මැවුම්වාදය බිද වැටේ)

    6. සාතන් යනු කවුද?

    7. සාතන් දෙවියන්ට විරුද්ධ වූ දේව දූතයෙක්නම්,දෙවියන් වහන්සේ සර්වබලධාරී නැත(තමා විසින් මවන ලද දේව දූතයා තමන්ට විරුද්ධ ව්න බව උන්වහන්සේ දැන සිට නැත එසේනම් උන්වහන්සේට අනාගතය පුරෝකථනය කල නොහැක – නැවතද මැවීමේ අඩුපාඩු මෙන්ම සර්ව බලධාරී කමද සැකසහිතය )

    8. දෙවියන් වහසේට වඩා ඉතිහාසයේ සාතන් බලවත්වී ඇත (න්‍යෂ්ටික බෝම්බ, කුරුස යුද්දය ඇතුලු මිනිසුන් දහස් ගණනක් මිය ගියේ ඒ නිසාය නැවතද සර්වබළදාරීකම???)-)

    9. දෙවියන් වහන්සේ කාරුණිකද? සියල්ලන්ට එක හා සමානව සලකනවාද? විශ්වාසවන්තයන්ගේ දුකේදී පිහිටට එනවාද?

    10. පිළිතුර ඔව් – එසේනම් සාතන්ට දඩුවම් දීම්ට,නැවත්වීමට, විනිශ්චයට වසර 2000ක් පමන ගියේ ඇයි? අසරන මිනිසුන් ගංවතුර,සුනාමි, ගිනිකඳු,යුද්ධ වලට මැදිවී මිය යද්දි උන්වහන්සේ ඇස් කන පියා බලා සිටියෙ ඇයි? කාගේ හො කවුරුහරි ලෙඩ උනත්, මැරුනත් අපේ මිනිසුන් ¨අනේ අපොයි¨ කියති. උන්වහන්සේ එහෙමවත් නොකීවේ ඇයි?

    11. උන්වහන්සේ සියල්ලනටම කාරුනිකනම් අන්ධයන්, කොරුන්, බිහිරුන් සහ දහස් ගානක් ලෙඩ රෝග මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ¨මවා¨ (සියල්ල මැවුම මත පදනම් වේ), දුක් පීඩා දෙමින් රිඩවන්නේ ඇයි????????

    මේ ප්‍රශ්න ටිකට් මට උත්තර දෙන්න අප්‍රේල් මාසේ අන්තිම සතියේ එන්නම් කියා ගියේ වෙන කිසිම නිවසකට ගොඩ නොවැදීය. තවත් අභියොගයක් කළෙමි,එයටද පිළිතුරු නැත.
    ශුද්ධ වූ බයිබලයේ එක තැනක මම මෙසේ කියවා ඇත්තෙමි,

    ¨යම් කෙනෙක් දෙවියන් වහන්සේ කෙරෙහි අබැටක් තරම් විශ්වාසය ඇතිව මේ ඇඹිල්ල ගස ඉදිරී ගොස් මුහුදේ පැලවේවා ‍යැයි කිවහොත් එසැනින් එය වනු ඇත.¨
    මා ඔවුනට කීවේ මිදුලෙ ඇති තණකොල ගහක් ගලවා පෙන්වන ලෙසටයි. එයද නොකරම ගියහ.

    කැමති ආගමක් ඇදහීමට තමුන්ට නිදහස ඇත, නමුත් මෙයාකරයෙන් මුදල් දී හරවා ගැනීමත්, මගේ දහමට අගෞරව කිරීමත් ඉතාමත් නීචය.

    **මා මේ පෝස්ට් එක දාන්නේ මගෙ අසල්වැසි මිතුරන්ට පෙර දනුම් දීමක් සඳහාය.

    ඔබේ ආගම ඔබ අදහන්න, මා ඒ පිලිබදව මේ වනතුරු කිසිත් කියා නැත, එනිසා මම ඔබෙන්ද එයම අපේක්ෂා කරමි.

    ලොව සිංහල බෞද්ධයන්ට අයිති රටේ මෙලෙස බහු ආගමික නිදහස තිබීම ගැන (අරාබියේ, මැදපෙරදිග මෙහෙව් නිදහසක් ඔබට නැත ), අමතක නොකරමින් ඔබෙ ආගම අදහන්න. නමුත් රටේ නියම අයිතිකාරයන්ට වින කටින්න හදන්න එපා, මොකද එදාට ඔබලට දුවන්න තැන් නැතිවේවී මේකත් ආයාචනය්ක්, හබැයි නිවටකමට කියල හිතුවොත් ආපහු මේකම වේවි

    තෙරුවන් සරණයි!!
    Say -Sineth Ruchiran Jayawardhana-(my friend)

    Read more: http://sinhalabuddhist.com/2012/03/anyagamikaranaya/#ixzz1qFf73x4d
    Under Creative Commons License: Attribution

Comments are closed.