අපණ්නක ජාතකයේදී ගල්කරුවන් “යක්කුන්ට” බිළි වෙනවා.
එසේ වූයේ “යක්කුන්” මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටිමින් වාළුකා කතරක දියබරිත වස්ත්‍ර ඇඳගෙන නෙළුම් ඇට කමින් ගල්කරුවන් ඉදිරියට ආ නිසයි.
මොහොතකට මොළය පාවිච්චි කළා නම් (සම්මා දිට්ඨි) මරු කතරේ දියෙන් ගොඩගත් ගමන් නෙළුම් ඇට කන තෙත ඇඳුම් සහිත මිනිසුන් සිටිය හැකිද කියා සිතා බලන්න තිබුණා.
මෝඩකමේ වන්දිය ජීවිතවලින් ගෙවනු ලැබුවා.
වණ්නු පථ ජාතකයේ ගැල්සාත්තු නායක
“යකුන් ” ව හඳුනාගන්නවා. ඉදිරියෙන් ගිය ගැල්කරුවාට නින්ද යාම නිසා ගැල් කලින් සිටි ස්ථානයටම ආපසු පැමිණීම නිසා සිදුවන්නට ගිය විපතෙන් ගැල්කරුවන්ද ගවයන්ද බේරා ගනු ලබන්නේ බුදු වීමට පාරමිතා පුරමින් සිටි බෝධිසත්වයන් විසින්.
බුද්ධියත් වීර්ය්‍ය පාරමිතාව තුළින් බෝධිසත්වයන් පෙන්වා දුන් (භික්ෂූන්ට) උකටලී නොවී සිටීමේ මහඟු ප්‍රතිඵල අදට පමණක් නොව සදාකාලයටම වලංගුයි.
අපේ රටේ ඡන්ද දායකයින් අපණ්නක ජාතකයේ මෙන් හැමදාමත් පක්ෂ දේශපාලනයේ යක්කුන්ට බිළිවුණා.
ජවිපෙ/ජා.ජන බලවේගය කිව්වත් එජාපය කිව්වත් පොහොට්ටුව කිව්වත් මේවා යකුන් විසින් පාලනය කරන සමාජ විරෝධී බලවේග. එය විවේචනයක් නොව අතීතය විසින් ඔප්පු කරන ලද යථාර්ථයක්.
88-89දී තරුණ තරුණියන්ගේ ඇස් උගුල්ලා මිරිස් දැමීමේ සිට පණ පිටින් හැම ගසා මරා දැමීමට මුල් වූ දේශපාලකයකු ලංකාවේ මෙතෙක් පහළ වූ හොඳම දේශපාලකයා ලෙස හඳුන්වා දෙන්න ජවිපයේ ලාල්කාන්ත ඇතුළු කිහිපදෙනෙක්ම වසර 20කට පමණ ඉහතදී උත්සාහ කරනු ලැබුවා.
එම වකවානුවේදී තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබූ ආර් ප්‍රේමදාස නම් මිනිස් වෙසින් ආ යක්ෂයා මියගිය දිනය වූ මැයි පළවෙනිදා ප්‍රතිමාවට මල් මාලා දමා ගරු බුහුමන් කරන රටක ලංකාදේශපාලනයේ ඉදිරි ගමනක් පිළිබඳ මොන කතාද?
-තෙවැනි ඇස-
19.07.2024