Spread the News

පරයාගේ නීතියේ උගුලට පල්ලිය හා පොලීසිය විසින් නිකරුනේ හසුකරදෙන උතුම් සඟරුවන


තලාහේන කල්වාරියට පහරදීමේ නඩුව
බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටීම නිසා
භික්‍ෂුවට අද උසාවිවල පෙනී සිටින්න සිදුවෙලා
ගලගොඩඅත්තේ ඥනසාර හිමි සාés දෙමින් කියයි

සමන්ත ඉලේපෙරුම

කිසිවෙකුට අඩන්තේට්‌ටම් කිරීමට කවුරුවත් තමන් වෙත බලයක්‌ ලබාදී නැති බවත් රටේ නීතියට සියලු දෙනා යටත් බවත් බොදු බල සේනාවේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි ඊයේ (3 දා) කොළඹ මහාධිකරණය හමුවේ පැවසූහ.

ඥනසාර හිමියන් එසේ පවසා සිටියේ 2008 ජුලි 7 දා තලාහේන අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට පහරදීමේ නඩුවේ විත්තියේ සාක්‍ෂිකරුවකු ලෙස සාක්‌ෂි දෙමිනි.

සිද්ධියට අදාළව එස්‌. ඒ. අතුල සෙනවිරත්න, ඩබ්. එම්. සුදු බණ්‌ඩා, එච්. තමරා බියටි්‍රස්‌, ඒ. කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර පෙරේරා, ඩී. එස්‌. පී. කඳනආරච්චි, ටී. කේ. සෝමදාස, ඊ. එච්. වික්‌ටර් රත්නායක, කේ. ඩබ්. කරුණානන්ද, ඊ. එච්. එම්. රත්නායක, අක්‌කරගම ඥනවිමල හිමි, ගලගොඩඅත්තේ ඥනසාර හිමි, අගුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා ධනුෂ්ක සංජිව නමැති විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

වර්ෂ 2008 ක්‌ වූ ජුලි මස 7 දා හෝ ඊට ආසන්න දිනයකදී නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් තලාහේන අරලිය පෙදෙසේ කල්වාරි දේවස්‌ථානයට පහරදී රුපියල් 50 කට වැඩි අනර්ථයක්‌ සිදුකිරීම, එහි පාස්‌ටර්වරුන් වන සිඩ්sන් රොෂාන් ඇන්ඩී්‍රසන් හා ජෝන් ඇන්ටන් ඇන්ඩී්‍රසන් යන අයට පහරදී තුවාල සිදුකිරීම, ජෝන් ඇන්ටන් ඇන්ඩී්‍රසන් සන්තකයේ තිබූ රුපියල් 15,000 ක්‌ වටිනා ජංගම දුරකථනය පැහැර ගැනීම, සිඩ්නි රොෂාන් ඇන්ඩී්‍රසන් සන්තකයේ තිබූ රුපියල් 50,000 ක්‌ වටිනා රත්‍රන් මාලයක්‌ කොල්ල කෑම, ආදී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙකී චෝදනා ගොනු කර ඇත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක මහත්මිය හමුවේ නීතිඥ නිහාල් ගුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ තවදුරටත් සාක්‌කි දෙමින් උන්වහන්සේ මෙසේද පැවැසූහ.

2003 වන විට බෞද්ධ විරෝධී ව්‍යාපාරයන්ට එරෙහිව රට පුරා විවිධ සංවිධාන බිහිවන්නට වුණා. මේ වෙනුවෙන් පත්කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවෙන් පවා මෙම කරුණු පුළුල්ලව සාකච්ඡාවට ලක්‌ කරනු ලැබුවා. ගැටුමකින් තොරව අන්‍යාගමික කරණයෙන් බෞද්ධයන් මුදා ගැනීම සඳහා පාලකයන්ටත් නීති සම්පාදකයන්ටත් කරුණු දැක්‌වීමට භික්‍ෂූන් වහන්සේලා මූලික වුණා.

සදාචාර විරෝධී හා නීති විරෝධී ලෙසින් අන්‍යාගමිකකරණයට සංවිධාන 406 ක්‌ පමණ බිහිවිS තිබුණා. එයින් සංවිධාන 374 ක්‌ ලියාපදිංචිය ලබාගෙන තිබුණත් ඇතැම් ඒවා හඳුනා ගැනීමට නොහැකි ලෙසින් ක්‍රියා කළා.

2008 දී මගේ ඇස්‌ දෙකෙන්ම දැක්‌කා දෙමළ පාස්‌ටර් කෙනෙක්‌ කුලියට ගත් ශාලාවක්‌ තුළ බුද්ධ ප්‍රතිමාවක්‌ පාගාගෙන “මේ යක්‍ෂයා නිසා තමයි අපිට දියුණු වෙන්න බැරිවෙලා තියෙන්නේ” කියා දේශන පවත්වනවා. එදා සිට අපි මෙම කෲරතර ක්‍රියාදාමයට එරෙහිව හඬ නඟන්න සංවිධානය වුණා.

කාදිනල්වරයා පවා මෙම විවිධ නම්වලින් පෙනී සිටිමින් සිදුකරන අන්‍යාගමිකකරණය කතෝලික ජනතාවටද හානිකර බව පවසා තිබුණා.

මෙම විවිධ සංවිධානවල මෙහෙයවීම් සිදුකරන පාස්‌ටර්වරුන් හඳුනා ගැනීමට නොහැකි පිරිසක්‌. අනෙක්‌ සියලු ආගමික පූජකයන්ට ඒ අයගේ අනන්‍යතාවක්‌ තිබුණත් පාස්‌ටර්ලාට එහෙම එකක්‌ නෑ. ඔවුන් ටයිකෝට්‌ හැඳගත් සාමාන්‍ය පුද්ගලයන් ලෙසින් පෙනී සිටින පිරිසක්‌.

කලින් කලට විsවිධ අවශ්‍යතා මත විවිධ සංවිධාන ඇතිවෙනවා. මෙරට 68% ක්‌ පමණ වන බෞද්ධයන්ට කිසිදු සහනයක්‌ නෑ. ප්‍රජා නායකයකු ලෙසින් භික්‍ෂුව ප්‍රදේශයේ විවිධ ප්‍රශ්න ගත සිද්ධීන්ට මුල්වී ක්‍රියා කරනවා. පොලිසිය කිසිම සොයා බැලීමකින් තොරව උන්වහන්සේලාව උසාවියට ඉදිරිපත් කරනවා. බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් අද වන විට භික්‍ෂුවට උසාවිවල රස්‌තියාදු වෙන්න වෙලා තියෙනවා.

2007 මැයි 7 දා පිහිටුවා ගත් බොදුබල සේනා සංවිධානය බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීමට එරෙහිව ක්‍රියා කරනවා. බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක්‌ නැති නිසා බෞද්ධයන් වෙනුවෙන් වන අසාධාරණයට එරෙහිව බොදුබල සේනාව ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් වෙනවා.

තලාහේන අරලිය පෙදෙසේ යාඥ මධ්‍යස්‌ථානයට පහරදීමේ සිද්ධියට අදාළව ඇතිවූ සිද්ධියට බොදුබල සේනාව සම්බන්ධ වුණේ ඒ අසල බෝධිරුක්‌ඛාරාමයේ නායක හිමියන්ගේ දැනුම් දීමකට අනුවයි. ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පීඩාකාරී ලෙසින් පවත්වා ගෙන ගිය මෙය කුලියට පවත්වන යාඥ මඩුවක්‌. මෙවැනි ස්‌ථානවල සිටින අයම තමයි ඒ තැන්වලට අලාභ හානි කර ගන්නේ. ගමෙන් එන විරෝධය මැඩ ගන්න වෙනත් පිරිසක්‌ පහරදුන් බව පෙන්වනවා.

සාක්‌ෂි ලබාදෙන අතරතුරදී දහවල් දානය ගැනීමට අවශ්‍යදැයි අධිකරණයෙන් කළ විමසීමට පිළිතුරු දුන් ඥනසාර හිමියන් සාසනය වෙනුවෙන් එක දවසක්‌ බඩගින්නේ සිටිය හැකි බව දන්වා සිටියහ.

රට තුළ ක්‍රියාත්මක ඇතැම් නීති විරෝධී ආගමික මධ්‍යස්‌ථානයන්ට පොලිස්‌ නිලධාරීන්ගේ දේශපාලනඥයන්ගේ සහායද ලැබෙනවා. එය ඉතා ලැඡ්ජා සහගත කරුණක්‌. රටේ පාලකයන් බුදුදහම රැක ගැනීම උදෙසා ව්‍යවස්‌ථාවෙන්ම බැඳී සිටිනවා. තලාහේන පැවැති යාඥ මධ්‍යස්‌ථානයට එරෙහි යාබද විහාරස්‌ථානවල හිමිවරුන් බලධාරීන් දැනුවත් කර තිබුණත් ඒ කිසිම ආයතනයක්‌ නිසි පියවර ගෙන තිබුණේ නෑ.

එදා එතැන මෙවැනි කලබලකාරී තත්ත්වයක්‌ ඇති වුණේ එහි සිටි පොලිස්‌ නිලධාරීන් නිසයි. මේ වන විට එතැන ඩෝසර් කරලා. ඔවුන් එය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ නීති විරෝධීව බව පැහැදිලියි. මෙහි සාක්‌ෂි දුන් පැමිණිලිකාර පාස්‌ටර්වරුන් දෙදෙනා සහෝදරයන්. ඔවුන් වැඩ කරන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ. ඇමරිකානු තානාපති කාර්යාලය බෞද්ධයන් ආගම්වලට හරවා ගැනීමට ඩොලර් මිලියන ගණන් වියදම් කරනවා.

අපි එතැනට යන විටත් ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ එහි රැස්‌ව සිටියා. ටික වේලාවකින් ගල් වරුෂාවක්‌ ආවා. රැස්‌ව සිටි පිරිස මධ්‍යස්‌ථානයට කඩා ගෙන ගියා. පසුව විවිධ ශබ්ද ඇසුණා. බිම වැටිලා හිටිය පාස්‌ටර්ව සිවුරෙන් වසා ගෙන බේරාගෙන එළියට අරන් ආවේ මමයි. රැස්‌ව සිට පිරිස කොහෙන් ආවාද දන්නේ නෑ.

ලෝකය පුරා විසිරී ඇති උගතුන් බුද්ධිමතුන් මේ වන විට අවබෝධයක්‌ ඇතිව බුදු දහම වැළඳ ගැනීමට පෙළඹී සිටිනවා. මෙය වතිකානුවට වගේම බටහිර යුරෝපයට දරාගත නොහැකි කරුණක්‌ වෙලා තියෙනවා. ඇමරිකාවේ පවා දැන් පන්සල් 100 ක්‌ විතර තියෙනවා. මේ කිසිම භික්‍ෂුවකට චෝදනාවක්‌ නෑ. ආගම්වලට හරවා ගන්න බවට. බෞද්ධ රටවල ජනතාව ම්ලේච්ඡයන් බවට ලෝකයාට පෙන්වීමට මෙවැනි පාස්‌ටර්වරුන් ගම්වලට ගෙන්වාගෙන ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කරනවා.

පොලිසියේ හැසිරීම නිසා තමයි එදා ගල් වරුෂාවක්‌ ආවේ. හූ හඬ ආවේ. යාඥ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල වුණේ. කිපුණු මිනිසුන් රැස්‌ව සිටින අවස්‌ථාවක හෝ ස්‌ථානයක හැසිරිය යුතු ආකාරය පිළිබඳව පොලිසියට අවබෝධයක්‌ නෑ. පොලිසියේ ක්‍රියා කලාප නිසා තමයි මෙවැනි සිද්ධීන් ඇති වූයේත්, ඇති වන්නේත්. ඇතැම් විට ටිකක්‌ තදින් කතා කළත් කාටවත් අඩන්තේට්‌ටම් කරන්න කවුරුවත් අපිට බලයක්‌ දීලා නෑ. රටේ නීතියට සියලු දෙනා යටත්.

රජයේ නීතිඥ දමිත්‍රි ද සිල්වා මහත්මියගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එදින කිසිවෙකුට පහරදීමක්‌ හෝ කලහකාරී ලෙස හැසිරීමක්‌ සිදුනොවූ බවද මෙවැනි ස්‌ථාන රැසක්‌ ගැන තමන් කටයුතු කර ඇති බවට පොලිසියට දන්වා සිටි බවද කියා සිටියහ.

උන්වහන්සේගේ සාක්‌කි විමසීම එතැනින් අවසන් වූ අතර වාචික දේශනය සඳහා නඩුව ලබන 7 දාට කැඳවන ලෙසට විනිසුරුවරිය නියෝග කළාය.

http://www.divaina.com/2014/02/04/news20.html