මෙය බොහෝ ගුණනය වූ වීඩියෝවක් !
මෙය නිර්මාණය කල පුද්ගලයාට අතිශයින් ස්තුතිවන්ත විය යුතුය. ඔහුට එක් වරක් නොව දහස් වරක් නැතිනම් ඊටත් වැඩි වාරයක් ස්තුති කල යුතුය. හේතුව ඔහු මේ ලොවට පෙන්වුයේ අද ලොවෙහි සැඟවීගත්තා වූ යථාර්ථයයි.
ගුණධර්ම කියා යම් දෙයක් ලොවෙහි ඇත. ඒවා යමෙක් ඉපදෙනකොට රැගෙන එන දේ නොව ඉපදුනු පසු ඉගෙනගන්නා දේවල්ය. ඉගෙනගැනීමට නම් ඔහුට හෝ ඇයට ඒවා ඉගැන්විය යුතුය. ඉගැන්වීමක් නොමැතිව ගුණධර්ම මිනිසකුට නොපිහිටයි. ඉගැන්වීමට නම් පළමුව උගන්න්වන්නෝ ගුණධර්ම පිළිගත්තෝ විය යුතුය.
ගුණධර්මයක් ඉගැන්වීමට හෝ ඉගෙනගැනීමට නම් පළමුව එම ගුණධර්මය ලොව සුරැකි තිබිය යුතුය.
උදා; සතකු නොමැරීම ගුණධර්මයකි. ඊට අදාළ ඉගැන්වීම් තවමත් ලොව සුරැකි පවතී. ඒවා තමන් විසින්ම ඉගෙනගැනීමෙන් හෝ ඉගැන්වීමෙන් පසුව මිනිසා අන් සතකු මැරීමෙන් , අන් සතකුට හිංසා කිරීමෙන් වලකි. ඔහු ඉන් පසුව සතුන්ට මෛත්‍රිය කරයි. කරුණාව දක්වයි.
සමාජය යහපත්කරන සමාජය ලස්සන කරන මෙවැනි වූ බොහෝ ගුණධර්මයන් අදටත් වාසනාවට ලොව විරාජමානව පවතී.
ප්‍රශ්නයක් අහන්නද ?
යමෙක් යම් ගුණධර්මයක් ගුණනොවන ධර්මයක් හෙවත් අධර්මයක් සඳහා පාවිච්චි කෙරේ නම් එතන ඇත්තේ ගුණධර්මයක්ද ? එවැනි වූ ගුණදහම් ප්‍රදර්ශනයක් ගුණධර්මයක් නොව ගුණධර්ම විකාරයකි.
උදා; සතෙකුට ආදරය කරනා ගුණධර්මය සතෙකුට දක්වා ඔහු ලඟට ගෙන්වාගෙන ඔහු මරාදමයි නම් ?
පරපණනැසීම උදෙසා මෙවැනි වූ උපක්‍රමයන් වත්මන් ලෝකයේ බහුලව භාවිතා කෙරේ.
නැවතත් ප්‍රශ්නයක් අහන්නද ?
ගුණධර්මය තම වාසිය උදෙසා යොදාගනී නම් ?
ගුණධර්ම යයි කියා දෙයක් ගැන ඉගැන්වීම් නොමැති, ගුණධර්ම කියා දෙයක් පිළිනොගන්නා , ගුණධර්මයක් යනු කුමක්දැයි නොදන්නා . ගුණධර්ම වල ප්‍රයෝජන ගැන කිසිත් නොදන්නා (මෙලොවක් පරලොවක් ගැන ඇදහීම් නොමැති , කර්මය සහ විපාකය ගැන කිසිත් විශ්වාස නොකරන හෙවත් පින්\පව් කියා දෙයක් නොඅදහන) , ගුණධර්ම යයි කියා දෙයක් නොඅදහන නමුත් ගුණධර්ම ගැන අසා ඇති , එහි ප්‍රායෝගිකත්වය දැක හුරුපුරුදු වූ මිනිසකුට එම ගුණධර්මය, ගුණධර්ම රකින මිනිසුන් අතරේ තම වාසිය සඳහා යොදාගත හැකිවීම පුදුමයක් නොවේ. එනම් එය වත්මන් බසින් කියතොත් ගුණධර්මය මාකට්කිරීමකි. මාකටින් වලින් ලැබෙන්නේ තමන්ට වාසියකි. පිනක්\කුසලයක් නොවේ.
එවැනි වූ රඟපෑමක් සරලම බසින් කියුවොත් “ව්‍යාජබව” හෙවත් ව්‍යාජත්වය කියා හැඳින්වේ.
මෙයත් එවැන්නක් විය නොහැකිද ?