පරීක්‍ෂණයට විරුද්ධව මන්ත්‍රීන් 9 දෙනකුගෙන් යෝජනාවක්‌

Spread the News

පරීක්‍ෂණයට විරුද්ධව
මන්ත්‍රීන් 9 දෙනකුගෙන් යෝජනාවක්‌

අජිත් අලහකෝන්

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ පරීක්‍ෂණයක්‌ සිදු නොකළ යුතු බවට යෝජනා කරමින් ආණ්‌ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ඊයේ (11දා) කථානායකවරයා වෙත විශේෂ යෝජනාවක්‌ භාර දී තිබේ.

ඒ. එම්. එම්. අස්‌වර්, ඡේ. ආර්. පී. සූරියප්පෙරුම, ශාන්ත බණ්‌ඩාර, ජනක ප්‍රියන්ත බණ්‌ඩාර, අචල ජාගොඩ, නිමල් විඡේසිංහ, උදිත් ලොකු බණ්‌ඩාර, දුමින්ද සිල්වා යන මහත්වරු සහ මාලිනී ෆොන්සේකා මහත්මිය මෙම යෝජනාවට අත්සන් තබා ඇත.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය විසින් මෙරට කරන පරීක්‍ෂණයෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරී භාවයට සහ භෞමික අඛණ්‌ඩතාවයට හානි වන නිසා එය සිදු නොකළ යුතු බවට මෙම යෝජනාවෙන් ප්‍රකාශ කර ඇත.

හදිසි යෝජනාවක්‌ සේ සලකා මෙය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්‌ඩුවේ සූදානමක්‌ ඇති අතර හෙට (13දා) පැවැත්වෙන පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒ පිළිබඳ තීරණය කිරීමට නියමිතය.