Spread the News

පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාව වරදකරු කරයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කළ පරීක්‍ෂක මණ්‌ඩලය එකී චෝදනාවලට ශ්‍රී ලංකාව වරදකරු යෑයි තීරණය කර ඇත.

මේ බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේෂ් සුරේන්ද්‍රන් විසින් හෙළිකර තිබේ.

මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව වරදකරු කිරීමේ ප්‍රකාශය නිකුත් වන බවද ඔහු සඳහන් කර ඇත.

සුරේෂ් සුරේන්ද්‍රන් කළ ප්‍රකාශය ශ්‍රී ලංකා රජය වෙත වාර්තා වී තිබේ.

මෙම පරීක්‍ෂණ මණ්‌ඩලය ඒකපාර්ශ්විකව කටයුතු කර ඇති අතර සාවද්‍ය පෙත්සම් 4800 ක්‌ ඊට ඉදිරිපත් කර ඇතැයි ජිනීවා ආරංචි මාර්ග පවසයි.