Sat. Jan 18th, 2025
Spread the News

පල්ලිය ‘‘ශාසනාරක්‍ෂක බල මණ්ඩලයත් ’’ හොරකම් කරයි. source:

මේ රටේ අන්‍යාගමිකකරණයේ නියැලෙන ක‍්‍රිස්තියානි අන්තවාදීන් හා කතෝලික පල්ලිය  අද වන විට වසර 500 ක් ඉක්මවා එම කාර්යයයේ අඛන්ඩව නියැලී ඇතත් බලාපොරොත්තු වූ තරම් තම ගොඩ වැඩි කර ගැනීමට නොහැකි වී ඇත. එනිසා ඔවුන් දිනෙන් දින නව ක‍්‍රමෝපායන් සොයමින් අත්හදා බලති. එහි එක් අංගයක් නම් න‍්‍රිස්තියානිය දේශීය කරනය කිරීමට යැයි කියමින් බෞද්ධයන් බිලි බා ගැනීමේ අරමුණින් කිසිදු හිරිකිතයක් නොමැතිව ශාසනික වචන අමු අමුවේ මංකොල්ල කමින් පන්සිල් පද 5 වත්  නැති අමු පාදිලි ගිහියන්ට උතුම් ශාසනික වචන යොදනු දැකිය හැකිය. කිසිදු සදාචාරයක් නොමැති පල්ලියේ ලොක්කන් විසින් බෞද්ධ වචන අමු අමුවේ යොදා ගනිමින් බෞද්ධ ශාසනය හා පෑහෙන්නට පහත් ගණයේ වෑයමක නියැලෙති. අවම තරමින් ‘‘ධර්මය’’ යන චනය හෝ පල්ලියට භාවිතා කළ නොහැකිය. මන්ද ඔවුන්ට ධර්මයක් නොමැත. ඔවුන්ට ඇත්තේ පණිවුඩ කරුවන් විසින් ගෙනා පණිවුඩ හෙවත් ( ගොස්පල් ) ය. එනිසා අනෙක් වචන භාවිතය ගැන කවර නම් කතාද?  ඔවුන් මේ උත්සාහ කරන්නේ බෞද්ධයන් වෙත සමීපවීමේ කූටෝපායක් ලෙසිනි. මේ නින්දිත ක‍්‍රියාව සඳහා මාධ්‍ය මගින් ලැබෙන්නේද අනගි සහයකි. මේ වචන මංකොල්ලයේ ආසන්නතම මං කොල්ලය නම් ‘‘  ශාසනාරක්‍ෂක බල මණ්ඩලය’’ යන්නයි. ඒ අනුව ඔවුන් දැන් කතෝලික ශාසනාරක්‍ෂක බල මණ්ඩලය යන වචනය භාවිතා කරන්නට පටන් ගෙන ඇත. ඇතැම් අන්තවාදීන් මෙහිදි නගන සරල තර්කය නම් වචන වලට කාටවත් අයිතිවාසිකම් නොකිය හැකි බවටයි. එසේ නම් මෙතෙක් කල් නොමැති අන්දමින් මේ සදාචාර විරෝධී ක‍්‍රියාවේ ලහි ලහියේම දැන් ක‍්‍රියාත්මක වන්නේ ඇයි යන්න අපගේ ප‍්‍රශ්නයයි. එනිසා මොන මොන අන්දමින් තර්ක විතර්ක නැගුවත් පල්ලිය ඉතාමත් නින්දිත ආකාරයේ දේශිය කරනයක නියැලී ඇත. අප එය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර ඒ මුවාවෙන්   සිදු කරන ශාසනික වචන මංකොල්ලය වහාම  නතර කරන ලෙසද අප අවධාරණයෙන් සිහිපත් කර සිටිමු.

One thought on “පල්ලිය ‘‘ශාසනාරක්‍ෂක බල මණ්ඩලයත් ’’ හොරකම් කරයි”
  1. කතෝලික පල්ලියෙන් සෑම සති අන්තයකම ඉදිරිපත් කරන ඥාණාර්ථ ප‍්‍රදීප නම් පුවත් පත හරහා කතෝලික දේශපාලන බිරින්දෑවරුන්ට හා දේශපාලකයන්ට එක්තරා ආකාරයක තර්ජනයක් කර ඇත. පසුගිය දිනෙක පැවැති දිවංගත ජේරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතා වෙනුවෙන් පැවැත් වූ ගුණ සමරු උත්සව කිහිපයක් බෞද්ධ වතාවත් වලට මුල් තැන දී සිදු කිරීම නිසා කතෝලික සභාව උරණ වී ඇත. මහා ලොකුවට ආගමික සහජීවනය හා සර්වාගමික සංකල්පයක් පිළිබඳව උදම් අණන පල්ලිය විසින් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත මෙ සිදුවීම හරහා මැනවින් පැහැදිලි වෙ. සර්වාගමික පූට්ටුව වනාහි බෞද්ධ සංහාරය සඳහා යන්නද එයින් මැනවීන් පැහැදි වෙ. කතෝලික බිරින්දෑවරුන්ට පමණක් නොව අනෙකුත් දේශපාලකයන්ටද එම ලියවිල්ල හරහා තර්ජනාත්මක ස්වරයෙන් පවසා ඇත්තේ පල්ලියේ වැඩ පමණක් ඉටු කරන ලෙසටයි. විශේෂයෙන්ම එහිදී දැඩිව කියා ඇත්තේ පල්ලියේ වැඩ පමණක් නොකළහොත් එය පාරාවළල්ක් මෙන් විත් ඔවුන් කරදර කරනු ඇති බවයි. මෙ අනුව පල්ලියේ ඉගැන්වීම් හා මතය කුමක්ද යන්න තව දුරටත් පැහැදිලිය. මෙනිසා සර්වාගමික පූට්ටුව කරපින්නා ගත් බෞද්ධ යැයි කියා ගන්නාවූන්ට අපට සිහිපත් කරන්නට ඇත්තේ පල්ලියේ අන්තවාදී අදහස් පිළිබඳ දෙවරක් නොව සිය දහස්වාරයක් සිතා බලා බුදු දහම සුරක්‍ෂිත කිරීමට තම තම යුතුකම් ඉටුකළ යුතු බවටයි.

Comments are closed.

Protected by Security by CleanTalk