පසුගිය දිනක පොත් ප්‍රදර්ශන භූමියකදී එක් තරුණයෙක් තවත් තරුණයකුගේ හිසට මොට ආයුධයකින් පහර දී ලේ ගලන තුවාලයක් ඇති කිරීම යුග පෙරළියක ලක්ෂණයක්ද?

Spread the News

නැතිනම් තිබුණු තත්ත්වය තවත් උග්‍ර කර මිනිසුන්ට නිදහසේ පාරට බහින්නවත් බැරි තත්ත්වයක් උදා කරන
කෲරත්වය ම්ලේච්ඡත්වය රජ කරන යුගයකට අත වැනීමක්ද?

NPP එක ජනතාව මුළාකරමින් දුන් පොරොන්දුව වූ හැරවුම් ලක්ෂය මේකද?

එක්තරා සමාජ මාධ්‍ය කණ්ඩායමක හැමෝටම වළි දාන පුද්ගලයෙක් මා ලියන දේවල් NPP ආණ්ඩුවට බාධාවක් වේ යැයි සිතා
මට ලියා තිබුණා ” උඹේ කාලය දැන් අවසන්. ඉක්මනින්ම මැරිලා පලයං ” කියා.

මම දන්නේ නෑ ඔහු කුමන පරපුරකට අයත්ද කියා. කුමන පරපුරකට අයත් වුණත් ලංකාවේ මනුෂ්‍යයෙක් ලංකාවේම ඉපදුනු තවත් මනුෂ්‍යයෙකුට කතා කරන ආකාරය ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් “හැරවුම් ලක්ෂයක්” විය හැකි වුවත් මා එය දකින්නේ ගමේ විහාරස්ථානයට යාම සඳහා ගෙදරින් පිටත් වුණු තාත්තා කෙනෙක් පන්සලට නොගොස් හන්දියෙන් දකුණට හැරී (හැරවුම් ලක්ෂය) තැබෑරුම දෙසට පා නැගූ බවයි.

පන්සල විසින් ලබාදෙන ආධ්‍යාත්මික සුවය “ආත්මීය සුවයකට” හරවන්න ගල් හෝ පොල් බෝතලයකට හැකිනම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර හෝ රට පුරාම හැම හන්දියක් ගානේම බාර් මත්පැන්හල් සහ තැබෑරුම් විවෘත කරන්නේනම් අලුත් පරම්පරාව හඳුන්වා දීමට බලාපොරොත්තු වුණු වෙනස එය නොවේ යැයි කියන්න නිදහසක් පමණක් නොව අයිතියක්ද නැති බව හද පතුළේ සැඟවුණු වේදනාවකින් කියනු කැමැත්තෙමි.

අවසාන විග්‍රහයේදී මේ කියන වෙනස “අඬන්න ඉන්න එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා” වගේ යයි කියන්න හැකි නිදහසවත් මත්පැන් වලට හෝ දුරාචාරයට ගොදුරු නොවුණු අප වැනි පුද්ගලයින්ට හිමි විය යුතු බව දැඩි අධිෂ්ඨානයකින් පවසනු කැමැත්තෙමි.

කාලය ඔරලෝසු මගින් පමණක් නිර්ණය කරන සමාජයක කාලය යනු ස්වභාවධර්මය විසින් කිසිම ලෝභකමකින් තොරව අප වෙත තිළිණ කර ඇති ජීවිතය බව මෙනෙහි කළ හැකි ශාන්ත වූ වටාපිටාවක් මානව සමාජයට තවදුරටත් සිහිනයක් නොවේවා කියා පතමි.

-තෙවැනි ඇස-
12.10.2024