ප්‍රඥවන්තයන් නැති ශාසනයෙන් ඵලක් නැත
එච්.ඇම්.ජී. කුඩාබණ්‌ඩා source:
මිනිසාගේ පැවැත්ම සඳහා ආගම දහම අවශ්‍යය. ආගම දහම මනස තුළ ගොඩනඟා ගැනීමෙන් සදාචාර සම්පන්න මිනිසුන්ගෙන් යුතු සමාජයක් නිර්මාණය වේ. මිනිසා මිථ්‍යාවෙන් ගෙඩනඟා ගත් නොයෙකුත් ආගම් අදෘශ්‍යමාන බලවේගයන් මුල්කර ගෙන ගොඩනඟා ගත් ආගම්ය. තම මනස තුළ මවාගත් ශක්‌තිය හා බය නිසා ආගම් මෙහෙයවන්නන් ඉදිරියෙන් බැගෑපත් සංවරශීලී පුද්ගලයෝ වූවෝය. නීතිරීති වලින් බැඳුණු ඔවුහු මෙහෙයවන්නන්ගේ අණසකට යටත් වූවෝය. සියලු දේ දෙවියන්ගේ මැවීමක් බවත්, ඒ දෙවියන් සර්ව බලධාරියකු සේ සලකා යාගහෝම පැවැත්වීමටත් තමාගේ ජීවිතයේ ඇතිවන නොයෙකුත් ප්‍රශ්න තමා මනසින් නිර්මාණය කරගත් දෙවියන්ට ඉදිරිපත් කර සහනයක් බලාපොරොත්තු වූවෝය. තමාට ලැබෙන සෑම සම්පතක්‌ම සතුටක්‌ම දෙවියන් තමාට ලබාදෙන ත්‍යාගයක් බව ඔවුහු සිතුවෝය.
තවත් මිනිස්‌සු තමා ලබා ඇති ජීවිතයෙන් තෘප්තිමත් නොවී මරණින් පසු ජීවිතය සැපවත් කර ගැනීම සඳහා නොයෙකුත් පුද පූජා පින් දහම්, භාවනා ක්‍රම කරමින් ප්‍රාර්ථනා කළෝය. තමාගේ ලෝකයට පරිබාහිර සැප සම්පත් ඇති දිව්‍යලෝක වල උත්පත්තිය ලැබීමට ප්‍රාර්ථනා කළෝය. තමාගේ ලෝකයට වඩා නරක නපුරු ලෝක අපායන් සේ සලකා පවට බිය වූවෝය. මිනිසා මේ ගැන පුළුල්ව සිතුවත් සතුන්ට මේවා අදාළ වන්නේ නැත. තමා ලබා ගත් ජීවිතය තෘප්තිමත්ව ගත කිරීමට සතුන්ට හැකියාව ඇත.
බුදුදහම ආගමක් නොවන්නේ. ලෝකයේ පවතින යථාර්ථය පෙන්වාදීම හා ඒවායින් ගැලවීමේ මාර්ගයක් බුදුන් වහන්සේ දේශනා කර ඇති නිසාය. එය උතුම් වූ දර්ශනයකි. එය මෙහෙයවීම සඳහා අධිකාරියක් නායකත්වයක් අවශ්‍ය වන්නේ නැත. විවෘත මනසකින් ලෝකය දෙස බලා ලෝකය තේරුම් ගැනීම තමා විසින්ම කළ යුත්තකි. උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය මුල් තැන ගත යුතුය. ඒ ධර්මය තමා තුළිsන්ම දැකගත යුතු ධර්මයකි. ධර්මය දැක තවත් කෙනකු=ට ඒ මාර්ගය පෙන්වා දිය හැකිය.
අපි සැවොම අන්ධයෝ වන්නෙමු. අපට මාර්ගය පෙන්වන අයත් අන්ධයෝය. අන්ධ නියමුවාගේ සැරැයටිය අනුගමනය කරන අන්ධයෝ අල්වාගෙන ගමනක් යයි. අන්ධයන්ගෙන් සැදුණු රවුමක සැවොම කැරකි කැරකී සිටී. ගමනේ කෙළවරක් නැත. ගිය ගමනකුත් නැත.
නියමුවන් කරන වරද අනුගාමිකයෝද කරති. තමාගේ ජීවිතයේ ප්‍රශ්න තවත් කෙනකුට බාර දී ඔහු සහනයක් බලාපොරොත්තු වීම අනුවණ ක්‍රියාවකි. ඔහුද ප්‍රශ්නවලින් පිරුණු අයෙකි. තවත් කෙනෙක් අනුගමනය කිරීමෙන් අනුකරණය කිරීමෙන් මෙම ප්‍රශ්න නිරාකරණය නොවේ. අපි නිතර රැවටීමට භාජනය වන්නෙමු. තවත් කෙනෙක්‌ගේ හැඟුම්බර මිහිරි දේශනවලින් ගයන ගීතිකාවලින් නිතර අප රැවටීමට භාජන වේ. නිරවුල් මනසකින් හැඟුම්වලට වහල් නොවී මේ දේවල් ගැන සිතිය යුතුය. බුදුදහම මේ දැන් ප්‍රතිඵල ලබාගත යුතු ධර්මයකි. හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවා දැමීම පසෙක තබා මේ සත්‍ය ධර්මය දැකීමට උත්සාහ කළ යුතුය. ප්‍රාර්ථනා කිරීම පසුවට කල් තැබීමකි. තමා විසින්ම තමාගේ මරණය හෙළි පෙහෙළි කර ගත යුතුය. සත්‍ය ධර්මය දේශනා කරන උත්තමයකුට කළ හැක්‌කේ මාර්ගය පෙන්වාදීම පමණකි.
මෙය සරළ උදාහරණයකින් පෙන්වාදිය හැකිය.
කෙනෙකුට ඇඟිල්ල දික් කර යමක් පෙන්නුවා යෑයි සිතමු. ඒ දෙස නොබලා පෙන්වන ඇඟිල්ල දෙස බලා සිටීමෙන් හෝ පෙන්වන පුද්ගලයා ගැන බැලීමෙන් හෝ වැඩක් වන්නේ නැත.
භාවනාව යහපත් ක්‍රියාවකි. තම මනස තුළ හික්‌මීමක් ඇති කර ගැනීමට එය මනා පිටිවහලක් වේ. ලෞකික ධ්‍යාන ලබාගෙන ධ්‍යානලාභියකු සේ ජීවිතය ගත කළ හැකිය. නමුත් ඒ මගින් උත්පත්තිය, මරණය නැති උතුම් වූ නිර්වාණ මාර්ගයට ළඟාවීමට නොහැක. භාවනානුයෝගියා එක අරමුණක සිත පිහිටුවා මේ සඳහා උත්සාහයක යෙදෙයි. එහෙත් ඔහු සිටින්නේ භව චක්‍රයේමය. ඔහු එහිම ඉදිප එහිම මිය යයි. තම අරමුණේම ඉපිද අරමුණේම සිත පවත්වා ගැනීමට උත්සාහයක යෙදෙයි.
මෙය සරළ උදාහරණයකින් පෙන්වාදිය හැක.
දැල්වූ පහනක් බාහිර සුළංවල බලපෑමෙන් ඒකාකාරීව නොපවතී. දැල්ල නිතර ඒ මේ අතට සෙලවේ. බාහිර ආවරණයකින් එම දැල්ල නොසැලී ඒකාකාරීව තබාගත හැකිය. භාවනානුයෝගියාගේ සිතත් මෙවැනිමය. මෙහි දැකිය යුතු සත්‍යයක් ඇත. පහනේ දැල්ල ඒකාකාරීව පෙනුණත් මොහොතක් පාසා අලුත් දැල්ලක් එයට එකතු වේ. එයින් දැල්වූ දැල්ල විනාශ වී ඉහළට ගමන් කරයි. පරණ දැල්ල විනාශවී අලුත් දැල්ලක් ඇති වූවා සේම භාවනායෝගියාගේ උත්පත්තිය, මරණයද එලෙස සිදු වේ. ඒ නිසා ඔහුට උත්පත්තියෙන් මරණයෙන් ගැලවීමට නොහැකි වන්නේය.
සඡ්Cධායනා කරමින් ස්‌තෝත්‍ර කියමින් යාඥ කරමින් පුද පූජා කරමින අප කරන්නේ අන්ධයන්ගේ කාර්යයයි. ආගමික සංකේත, වටිනා වස්‌තූන්ය. ඒවා අප ආරක්‌ෂා කරගත යුතුය. ඒවා ඉදිරියේ අප හික්‌මීමට පත්වේ. උත්පත්තිය මරණය ජයගන්නට බලාපොරොත්තු වන පුද්ගලයා අන්ධානුකරණයෙන් ඒවා දෙස නොබලයි.
දන්දීම හොඳ ක්‍රියාවකි. දන්දීමෙන් දුන් ප්‍රමාණයට වඩා කීප ගුණයක් බලාපොරොත්තු වන්නේ නම් එය උපාදායකි. අප මනසින් මගේය කියා අල්වාගෙන සිටින දේ අතහැරීම දානයකි. යාචකයකුට මුදලක්‌දී පිනක් බලාපොරොත්තු වන්නේ නම් එය කුහක කමකි. එය දිය යුත්තේ ඔහුගේ අවශ්‍යතාව සඳහා පමණි.
සීලය අන රැකිය යුතුය. තවත් කෙනකු අප සීලයේ පිහිටුවයි නම් එය දෘෂ්ටියෙන් යුතු සීලයකි. අද අප සමාජය තුළ නිතර සීලය සමාදන් වේ. එසේ නම් සිල් කඩ වීම බහුලව සිදුවන්නේ කුමක් නිසාද? දෘෂ්ටියෙන් තොර සීලය හදවතින් කරන ක්‍රියාවකි. සමාජ ධර්මයන් වශයෙන් සිදුහත් බෝසතාණෝ මෙලොවට බිහිවූ කාලයේදී සමාජය තුළ සීලය පැවතුණි. බුදුන් වහන්සේ ද ඒ සමාජ ධර්ම අගය කළ සේක. බුදුදහම හේතු ඵල දහමකි. සතෙක් පුද්ගලයෙක් යනුවෙන් අප ගොඩනඟා ගත් සංයෝජනයක අප දකින ඇසෙන සියලුම දේ දෘෂ්ටිගතය. අප ගන්නා සීලයද දෘෂ්ටියෙන් යුතුය. දෘෂ්ටියෙන් තොර සීලයෙන් මේ උතුම් දර්ශනයට පත්වීමට හැකිය. ආර්ය මාර්ගයේ දෘෂ්ටියක් නැත. ආර්ය මාර්ගයට පිවිසි පුද්ගලයා හදවතින්ම සීලය ආරක්‌ෂා කරයි.
පෙහෙවස් සමාදන් වීම භාවනා කිරීම නොයෙකුත් පුද පූජා පැවැත්වීම වැනි ක්‍රියාවලින් සමාජය ආගමික නැඹුරුවක් ගනී. ආගමක් දහමක් නැති සමාජය නොහික්‌මුණු සමාජයකි. සදාචාර සම්පන්න සමාජයක් තුළ ආගමික සංවාද නිතර ඇතිවේ. මේ ආගමික සංවාද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මිනිසුන් තුළ ගොඩනැඟේ. බුද්ධිමත් මිනිසුන් බිහිවන්නේ මෙවැනි සමාජයකය.
විවෘත මනසකින් මේ සම්බන්ධයෙන් විමර්ශනයේ සිටින නුවණැති අයට සත්‍ය කුමක්‌දැයි නිගමනය කර ගැනීමට හැකිය. නිරවුල් මනසකින් තමා තුළ ක්‍රියාත්මක භව චක්‍රය දැකීමට ඔහුට හැකියාවක් ඇත. පැණි භාජනයකට වැටුණු ඇඹලයකු සේ එය අත් නොහැර එහිම මියයැමට අපට සිදුවී තිබේ. ආගමික කටයුතුවල යෙදෙන පුද්ගලයා නිතර තම ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ආගමික කටයුතු ඉටු කරයි. මග පෙන්වා දෙන්නෝද එය අනුමත කරමින් සිටිති.
මිනිස් ජීවිතයක් ලැබීම ඉතා දුර්ලභ අවස්‌ථාවකි. මිනිසකුගේ රූපය ගෙන මෙලොවට බිහිවන සමහරු සතුන් සේ ජීවත්වේ. ඒ මිනිස් දිවියේ වටිනාකම නොදැනය. මිනිසෙක් වී මෙලොවට බිහිවන පුද්ගලයාට උතුම් වූ නිර්වාණය අත්කර ගැනීමට හැකියාව තිබේ. තමා ලැබු මිනිස් දිවියෙන් නිසි ප්‍රයෝජන නොගෙන සතුන් සේ ජීවත්වීම අභාග්‍යයකි.
බුද්ධ ධර්මය සෘජු මාර්ගයකි. එය පැටලුණු නූල් බෝලයක් සේ අවුල් සහගතව මිනිසුන්ට ඉදිරිපත් කිරීමෙන් ඵලක් නැත. සසර පුරා පියාසර කරමින් මේ ධර්මය නොදැක දිගින් දිගට අපි පැමිණියෙමු. අමා පල ඇති රුකක් පා මුල අප රැඳී සිටින්නෙමු. ඒ සත්‍ය ධර්මය ලෝකයේ පහළවී ඇති කාලයයි. අමා පල නෙළීමට අප තුළ විද්‍යාව නමැති තුඩ තිබිය යුතුය. විද්‍යාව නමැති තුඩෙන් අමා පල නෙළීමෙන් ප්‍රඥ ලෝකය ලබාගත යුතුය.
බුද්ධ ශාසනය පවතින්නේ ප්‍රඥවන්තයන් මෙලොව පහළ වීමෙනි. ප්‍රඥවන්තයන් නැති ශාසනය වල් බිහිවූ විලක් බඳුය. මාර්ග ඵලවලට පත්වූ උත්තමයන් විලක පිපුණු නෙලුම් මල් සේ විල අලංකාරයෙන් අලංකාර බවට පත් වේ. මේ ධර්මය මෝඩයන්ට ග්‍රහණය කර ගැනීමට අපහසුය. මෙය ප්‍රඥවන්තයන්ට පමණක් දැකිය හැකි ධර්මයකි.