Spread the News

ප්‍රභාකරන්ට දේශපාලන ඥනයක්‌ තිබුණේ නෑ
නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්
කල්මුනේ
source:
ද්‍රවිඩයන් කළ වැරදි ගැන නොසිතා දේශපාලනය කරන්න බෑ. එයට ද්‍රවිඩ ජාතික සංධානය සූදානම් නෑ. ප්‍රභාකරන්ට පවා දේශපාලන ඥනයක්‌ තිබුණේ නෑ. තිබුණා නම් ඉන්දු – ලංකා ගිවිසුම පිළිගන්නවා” යෑයි නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතා පැවසීය.

තුරයි නීලාමනේ සිත්නි විනායගර් පාසල විවෘත කිරීමේ උළෙලට පෙරේදා (22 දා) ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.

කොටි සංවිධානයේ විනාශයට හේතුව ඉන්දියාවේ අගමැති ඝාතනය කිරීම හා කොටි සංවිධානය දෙකඩ වීමයි. ඉන්දු – ලංකා ගිවිසුමට එදා එකඟ වූයේ නම් පෙඩරල් ක්‍රමයට වඩා වැඩි යමක්‌ ලබා ගැනීමට අවස්‌ථාව තිබුණා. එය ඉටුකිරීමට ප්‍රභාකරන්ට නොහැකි වුණා. ද්‍රවිඩ ජාතික සන්ධානය කරන්නේ පුහු පක්‍ෂ දේශපාලනයක්‌. ඔවුනට ද්‍රවිඩ ජනතාවගේ යහපත ගැන හැඟීමක්‌ නැතැයි පැවසුවේය.