ප්‍රසන්න විතානගේ – රෙදි නැතිව ඔබ එන්න

Spread the News

ප්‍රසන්න විතානගේ – රෙදි නැතිව ඔබ එන්න

May 14, 2013 | 50 views

prasanna vithanageඉතාලියේ මිලානෝ නගරයේ පැවති 2013 ආසියා අප්‍රිකා ලතින්ඇමරිකා චිත්‍රපටි සම්මාන උලෙළෙදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රසන්න විතානගේ අධක්ෂණය කළ ‘‘ඔබනැතිව ඔබත්එක්ක‘‘ චිත්‍රපටිය ප්‍රදර්ශනය වුහ. මෙම චිත්‍රපටය නැරඹීම සඳහා ඉතාලි ජාතිකයෝ මෙන්ම ලාංකිකයෝ ද විය.චිත්‍රපටය අවසානයේදී අධක්ෂකවරයාගෙන් චිත්‍රපටයගැන ප්‍රශ්නකිරීමේදි එය එකම ගාලගෝට්ටියක් විය.එයට හේතුව වූයේ චිත්‍රපටයේ දෙබස් දෙකකි.අවසානයේ ලාංකිකයෝ දෙදනෙක් ප්‍රශ්න ඇසිම අතරමගදී ශාලාවෙන් එළියට දමනු ලැබුහ.

කතාව මෙසේය  –  කඳුකර පළාතක, ශ්‍රීලංකා හමුදාවෙන්  ඉවත්වූ පුද්ගලයෙකු පවත්වාගෙන යනු උකස් බඩු කඩයක් වේ.සැරින් සැරේ මෙහි රන් ආභරණ උකස්කිරීම සඳහා පැමිනෙන රූමත් තරුණියකි වේ.තරමක හිතවත් වීමකින් අනතුරුව තරුණයා ඇගේ භාරකරුවෝ හට ඇයව විවාහ කරගැනීම සඳහා විවාහ යෝජනාවක් ගෙන එති. පසුව දෙදෙනගේ කැමැත්ත මත විවාහය සිදුවේ.තරුණයා පැවසුයේ තමාට කාත් කව්රුත් නොමැති බවයි. තරුණිය පැවසුයේ ඇගේ දෙමව්පියන් යුද්ධ සමයේ ඉන්දියාවට පළාගිය බවයි.

සොහොයුරන් දෙදෙනා පාසල්යන බවත් ඔවුන් හමුදාවෙන් ඝාතනය කළ බවත්ය. කාලය ගෙවීයයි,දිනක් තරුණයාගේ මිතුරෙක් ඔවුන්ගේ නිවසට පැමිණේ ,මිතුරාව සුහද පිළිගැනීමෙන් අනතුරුව පසුදින උදයේ මිතුරා තරුණියගේ ස්වාමියා සමග එකට යුද හමුදාවේ සිටි බවත් එහිදී තමාගේජීවිතය බේරාගත්තේ ඇගේ ස්වාමියා බවත් පවසයි. පසුව මිතුරා ඔවුන්ගෙන් සමුගෙන වෙන්වේ.

ශ්‍රී ලංකා හමුදාව ගැන ඇති වෛරයත් ,තම සැමියා තමාට ඇත්ත නොකියා බොරුකීමත් නිසා තරුණිය කම්පාවී ,සැමියාට වෛර කරයි . ඇය ප්‍රකාශකර සිටින්නේ ශ්‍රීලංකා හමුදාව විසින් දෙමළ තරුණියන්ව දූෂණය කැරුණු බවයි. ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ල කෑ බවයි. දෙමළ ජනයාව ඝාතනය කල බවයි.

Oba-Nathuwa-Oba-Enna 1ඇය එසේ කියද්දී තරුණයා (කලින් සොල්දාදුවා) මුනිවත රකී.පසුව දිනක් තමබිරිදට සත්‍ය පවසනවා කියා ඔහු පවසන්නේ තමා හමුදාවෙන් ඉවත්වීමට හේතුව වුයේ තම නිවසට පැමිණි මිතුරා ඇතුළු තිදෙනෙකු ත්‍රිකුණාමල හමුදා කඳවුරේ සේවයේ සිටියදි දෙමළ තරුණියක් ඔවුන් විසින් දූෂණය කර ඝාතනය කල සිද්ධීය  බොරු සාක්කි කියා එම තිදෙනා බේරා ගත් බවත්,ඉන් අතිවු කම්පනය නිසා තමා හමුදාවෙන් ඉවත්වු බවත් ඔහු කියයි. පසුව බිරිඳගේ දෙමව්පියන් සෙවීමට ඉන්දියාවට යෑමට කඩයද විකුණා මුදල් ලබාගෙන සූදානම් වන අතරදී  ඇය ඉහළ මහලේ සිට බිමට පැන සිය දිවි නසා ගනී.

මෙම චිත්‍රපටිය පුරාවටම සියලුම දෙබස් ඉංග්‍රීසියෙන් සහ ඉතාලි භාෂාවෙන් උප සිරැසි සහිතව ප්‍රදර්ශනය විය. චිත්‍රපටිය අවසානයේදී අධ්‍යක්ෂක වරයා නරඹන්නන් ඉදිරියට පැමිණි අතර මුලින්ම නැගීසිටි ලාංකිකයෙක්  අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්නකර සිටියේ, සිංහල හමුදාව පමණක් කළ වැරදි කිරිමෙන් විදේශිය ජනයා රජයේ හමුදාව ගැන පමණක් වැරදි ආකාරයට නොසිතන්නේද යන්න විය. එය හමුදාවට මෙන්ම සිංහල ජනයාටද මහත් අසාධාරණයක් නොවන්නේද යන්න ඔහු ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු වශයෙන් අධ්‍යක්ෂකවරයා මෙසේ පිළිතුරු දුන්නේය.  “ අපි තවම කතාකරන්නේ ලංකාවේ ඇති ජාතිබේදය ගැනය. මෙම චිත්‍රපටය දෙමළ හෝ සිංහල අයට නොව මානව වර්ගයා හා මානව හදවත ගැනයි කථාකරන්නේ. එක මහත්මයෙක් ඇහුවා ඇයි ඔහු(සොල්දාදුවා) කිව්වේ නැත්තේ නුඹලාගේ ජාතියේ අයත් බොහෝ නරකදේවල් කළා කියල. ඇය (දෙමල තරුණිය) දැකපුදේ සමහරවිට සත්‍ය නොවේ.ඔහුත් (සොල්දාදුවා) මේවගේ කිසිදෙයක් කරල නෑ,නමුත් ප්‍රශ්නය වන්නේ මේ චරිත දෙක දෙදෙනාට ආදරය කළත් ඒ දෙදෙනාට නියතයකට එන්න බැහැ.මොකද ඔවුන්ගේ අතීතය ඔවුන් සමග බැඳී එල්ලී ඇති නිසා.මම කථාකරන්නේ ඒගැනයි. ශ්‍රීලංකාව අතීතය අමතක කර සමගි සන්ධානයකට එන්නේනම් ශ්‍රීලංකාවට අනාගතයක් නැත.

ප්‍රශ්නය – නමුත් මෙම චිත්‍රපටයේ ඇත්තේ සත්‍ය නොවෙයි නේද?

චිත්‍රපටි හදන්නෙක් විදයට  ඇයි මම චිත්‍රපටි හදන්නේ හැම වෙලේම සත්‍යය සොයා යන්නට ,සමහරවිට මා සොයන සත්‍ය පුද්ගලයෙකු ගැන නොවන්නට පුළුවන්.නමුත් මට ඔයාලට සහතික වන්නට පුළුවන් මා සොයන්නේ සත්‍යය හැදියාව ගැනයි.

පසුව මුලින් ප්‍රශ්නය ඇසූ ලාංකිකයා සහ තවත් අයෙක් අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශවලට විරුද්ධව දිගින් දිගටම කතා කියද්දී සභාව උණුසුම්විය.විප්ලවකාරී දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් කීවේ මෙය ශ්‍රීලංකාවේ ඇත්ත තත්ත්වය මෙසේ බවයි කියාය.

තවත් අයෙක් කීවේ අධ්‍යක්ෂකවරයා නිදහස් කලාකරුවෙකු බවයි. ඔහුට ඕනෑම දෙයක් කිරීමට අයිතිය අති බවයි.පසුව සිනමාශාලාවේ සේවකයෝ පැමිණ මුලින් ප්‍රශ්නකල සහ විරුද්ධත්වය ප්‍රකාශකල ලාංකීකයන් දෙදෙනා ශාලාවෙන් එළියට කැඳවාගෙන ගියහ.

ඔවුන් එසේ කැඳවාගෙන යන අතරතුර එක් අයෙකු අධ්‍යක්ෂකවරයාට ප්‍රකාශකර සිටියේ තවත් මෙවැනි චිත්‍රපටි නිර්මාණය කරන්න කියාය,එවිට තවතවත් පිටරටවල්වලින් සම්මාන ලබාගත හැකි බවයි.

එළියටදැමූ ලාංකිකයන් දෙදෙනා පාරේ සිට සිනමාශාලාවෙන් පිටවන ඉතාලි ජාතිකයන්ට මෙම චිත්‍රපටියේ අඩුපාඩු, වැරදි ,කොටි ක්‍රියාකාරකම් විස්තර කරදෙනලදි.එක් ඉතාලි ජාතිකයකු පවසාසිටියේ මෙයට පිළිතුරුවශයෙන් චිත්‍රපටි නිපදවිය යුතු බවයි.

with-you-without-you-oba-nathuwa-oba-ekka-01

ලෝක කතෝලික සංගමයෙන් ප්‍රසන්න විතානගේට සම්මානයක්

prasanna vithanage

ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා චිත්‍රපටි සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘ඔබ නැතිව ඔබත් එක්ක‘ චිත්‍රපටිය සිනිස්  සම්මානය හිමිකර ගත්තේය. සංනිවේදනය සඳහා වන ලෝක කතෝලික සංගමය එය  ප්‍රදානය කළේය.