ප්‍රාන්ත පොලිසියක්‌, සෘජුවම විදේශ ආධාර ඇතුළු ඉල්ලීම් 46 ක්‌ දෙමළ සන්ධානයෙන් රජයට අන්තර්පාලන යෝජනාවක්‌!

Spread the News

ප්‍රාන්ත පොලිසියක්‌, සෘජුවම විදේශ ආධාර ඇතුළු ඉල්ලීම් 46 ක්‌
දෙමළ සන්ධානයෙන් රජයට අන්තර්පාලන යෝජනාවක්‌!

කීර්ති වර්ණකුලසූරිය

source link:

උතුර නැගෙනහිර පළාත් සභා ප්‍රාන්ත පොලිස්‌ සේවාවක්‌ ස්‌ථාපිත කිරීම, විදේශ ආධාර සෘජුවම එම පළාත් සඳහා ලබාගැනීමට අවසර ලබාදීම, වරාය, ජල මාර්ග, ඛනිජ සම්පත්, ධීවර කටයුතු, ගුවන්විදුලි සහ රූපවාහිනී සේවා ආරම්භ කිරීමේ බලතල ලබාදීම ඇතුළු කරුණු 46 ක්‌ ද්‍රවිඩ සංවිධානය රජය සමග පවත්වන සාකච්ඡාවලදී යෝජනා කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග මගින් “දිවයින ඉරිදා සංග්‍රහය”ට වාර්තාවේ.


මෙම කරුණු 46 ට උසස්‌ අධ්‍යාපනය, වාරිමාර්ග, ජල සම්පත්, වෙරළ සංරක්‍ෂණ, බලශක්‌ති, ප්‍රවාහන සේවා, මහාමාර්ග, නිවාස හා  ඉදිකිරීම්, සංචාරක ක්‍ෂේත්‍රය, සමුපකාර බැංකු, නාගරික කටයුතු, වාහන බදු, අධිකරණ බදු යන අංශ ද ඇතුළත් වන අතර ඊට අදාළ බලතල ද ලබාදිය යුතු බව ද්‍රවිඩ සන්ධානය විසින් දන්වා තිබේ.

මෙයට අමතරව උතුර නැගෙනහිර සියලුම සම්පත් පාලනය හා කළමනාකරණය ද ජනතාව වෙත පැවරිය යුතු යෑයි ද්‍රවිඩ සන්ධානය විසින් යෝජනා කර ඇත.

එසේම විදේශ ආයෝජන උතුර නැගෙනහිරට සෘජුව ලබාගැනීම සඳහා ද බලය විමධ්‍යගත කළ යුතු බව දැක්‌වෙන යෝජනා එකී කරුණු 46 ට ඇතුළත්වී තිබේ.

ද්‍රවිඩ සන්ධානයේ මෙම යෝජනාවල අරමුණ මන්නාරමේ තෙල් සම්පත හා පුල්මුඩේ ඉල්මනයිට්‌ සම්පත ද ලබාගැනීම යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

කොටි සංවිධානයේ අන්තර්වාර පාලන යෝජනාවලිය හා ද්‍රවිඩ සන්ධාන යෝජනා 46 එක සමානයි. මේ යෝජනා සකස්‌ කර ඇත්තේ මැලේසියාවේ මහාචාර්ය රාමසාමි යෑයි ද මෙම යෝජනා සම්බන්ධව රජයේ ස්‌ථාවරය ඉදිරියේදී දැනුම් දෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 

One thought on “ප්‍රාන්ත පොලිසියක්‌, සෘජුවම විදේශ ආධාර ඇතුළු ඉල්ලීම් 46 ක්‌ දෙමළ සන්ධානයෙන් රජයට අන්තර්පාලන යෝජනාවක්‌!

Comments are closed.