Spread the News

පාසල් සිසුන් උපකාරක පන්ති හරහා
තානායම්වල ලිංගික අඩන්තේට්‌ටම්වලට ලක්‌වෙලා

source:
අම්පාර – ජයරත්න ගෝනපීනුවල

අම්පාර නගරාසන්න පාසල්වල උසස්‌ ශ්‍රේණිවල පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම දුර්වල තත්ත්වයේ ඇතැයි අම්පාර නාගරික මන්ත්‍රී (එ.ජ.නි.ස.) සමන් මොරායස්‌ මහතා නගර සභා මාසික රැස්‌වීමේදී පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ ද කීය. ඉහළ ශ්‍රේණිවල දරුවන් පාසල් පැමිණීමෙන් වැළකී උපකාරක පන්තිවලට යොමුවීමේ ප්‍රවණතාව වැඩිවෙලා. එම දරුවන් ලිංගික අඩන්තේට්‌ටම්වලට ලක්‌වෙලා වැරදි මාර්ගයේ යනවා. සෙනසුරාදා, ඉරිදා දිනවල නගරයේ ලැගුම්හල්වල කාමරයක්‌ ගන්න බැරි තත්ත්වයට පත්වෙලා. පාසල් යුනිෙµdaම් එක්‌ක ළමුන් ලැගුම්හල්වලට යනවා. දෙමාපියන්, විදුහල්පතිවරු මේවා ගැන දන්නේ නැහැ. උපකාරක පන්තිවලට එන ගෑනු ළමයි පොත් ටිකත් අරගෙන යතුරුපැදිවලින් අවන්හල්වලට යනවා. මම සියෑසින් දැක්‌ක දේවල් කියන්නේ. නගර සභාවේ අවසරයකින් තොරව පවත්වාගෙන යන ලැගුම්හල් හතු පිපෙනවා වාගේ ආරම්භ වෙනවා. ත්‍රීවිල් රථ රියෑදුරන්ගේ සහය මෙම ක්‍රියාවන්ට බලපා තිබෙනවා. සමහර ත්‍රීවිල් රථ රියෑදුරන් මෙම කටයුත්තේ නියෑලෙන්නේ තානායමෙන් කොමිස්‌ ලැබෙන නිසයි.

ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්‌පති අම්පාර මූලස්‌ථාන පොලිසියට දන්වා කඩිනමින් ක්‍රියා කළ යුතුයි. නැත්නම් අනාගත පරපුර විනාශ වෙනවා. මෙම ක්‍රියාවන් සඳහා ලැගුම්හල්වල කාමරයකට අයකරන්නේ රු. 500.00 ක මුදලක්‌. මෙයින් ලැගුම්හල් හිමියන් විශාල ආදායමක්‌ උපයා ගන්නවා. ඒ අයට මේවා ගැන හැඟීමක්‌ නෑ. මොනවා කරල හරි මුqදල් උපයනවා.