April 22, 2022 12:55 pm | Source Lanka Lead News
පාස්කු ප්‍රහාරකයින්ට දඬුවම් ලබාදිය හැක්කේ තමාගේ පමණක් බවට ජාතික ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසූ විට එම සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර අදහස් දක්වමින්,
“ජනතා විමුක්ති පෙරමුණ දැන් සර්ව ආගමික එන් ජී ඕ එකක් බවට පත් වෙලා.එම පක්ෂය තුල නිරාගමිකයෝ,බෙදුම්වාදීන්,ආගමික අන්තවාදීන් ආදී සියලු ජාතියේ කණ්ඩායම් වලට ඉඩ තිබෙනවා.පාස්කු ප්‍රහාරයට වග කිව යුතු සහ ඊට මුදල් යෙදවූ ප්‍රභලතම පුද්ගලයෙකු වූ ඊබ්‍රාහිම්ට ඔවුන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් පිළිගන්වන්නේ ඒ නව ප්‍රතිපත්තිය යටතේයි. ඔවුන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව වචනයක්වත් කතා කරන්නේ නැහැ.අඩු ගණනේ ඉස්ලාම් අන්තවාදයට හේතුවන සාධක සමාජයෙන් ඉවත් කිරීම සඳහා ඔවුන්ද දායක වූ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියා ඔවුන් ඉල්ලන්නේ නැහැ