Wed. Jan 22nd, 2025
Image BY Vatican News
Spread the News

පාස්කු ප්‍රහාරයට රදගුරු සම්මේලනය සහභාගි නොවී සිටියා නම්, යුක්තියක් සාධාරණත්වයක් ඉල්ලා වසර ගණනාවක් දිග්ගැස්සුණු අරගලයක් සඳහා පල්ලිය මේතරම් වළිකන්න අවශ්‍ය වන්නේ නැහැ. අඩු වශයෙන් ප්‍රහාරය සිදුවුණු දා කාදිනල් ඇතුළු පූජකයින් නිවෙස් තුළ රැඳී සිට සිදුවන්නේ කුමක්දැයි බලා නොසිට උදෙන්ම බැතිමතුන්ව වහ වහා පල්ලි වලින් ඉවත් කර ගනු ලැබුවේ නම්, මේ අමිහිරි කතිකාව වර්තමාන දේශපාලනයේ “වැදගත්ම” මාතෘකාව වන්නේ නැත.

වතිකානුවේ දුෂ්ඨ දේශපාලනය දිළිඳු හා දියුණු වෙන්න උත්සාහ කරන රටවල දේශපාලනයට කාන්දු වුණු විට සිද්ධවන්නේ මෙයයි කියලා හේතුඵලවාදීව අපට තේරුම් ගන්න පුළුවන්. මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියන එක තේරුම් ගන්න බැරි ළදරු මනසකට පමණයි.

සාමය හා සමාදානය සඳහා ශ්‍රී ලංකාව වැනි රටකට බුදු දහම හා හින්දු ආගම හොඳටම ප්‍රමාණවත්.

බහුතරය බෞද්ධ හා හින්දු ජනතාවක් වාසය කරන රටවල් වල 10% කට වඩා අඩු ප්‍රතිශතයක් ඇති ආගම් තමන්ගේ කටයුතු පල්ලි වලට හා දේවස්ථාන වලට පමණක් සීමා කරගත්තේ නම් මෙවැනි වින්නැහි සිදුවන්නේ නැහැ.

1915 ගම්පොළදී සිදුවුණු ඉස්ලාම් මුස්ලිම්වරුන් හා සිංහල බෞද්ධයින් අතර ඇතිවුණු ගැටුම ආගමික උන්මාදය හා අමනෝඥකම මත සිදුවුණු අවාසනාවන්ත සිද්ධියක්.

පල්ලිය ඇතුලේ යාඥා කරමින් සිටි ඉස්ලාම් බැතිමතුන්ට පාරේ ගමන් කළ බෞද්ධ පෙරහැරකට විරුද්ධ වීමට තරම්හේතු සාධක කිසිවක් සමාජය තුළ දක්නට ලැබුණේ නැහැ.

ජනතාව බෙදා වෙන් කර පාලනය කළ යටත් විජිත පාලකයින් මෙවැනි අවුලක් තුළින් ඔවුන්ට ලැබෙන වාසිය එළිපිටම නෙළා ගත්තේ සිංහල බෞද්ධ නායකයින් කිහිප දෙනෙක් වෙඩි තබා මරා දැමීමෙන් හා තවත් පිරිසක් දඟගෙයි ලෑමෙන්.
අප දන්නා තරමින් එකම ඉස්ලාම් භක්තිකයෙක්වත් බ්‍රිතාන්‍ය පාලකයන්ගේ උදහසට ලක් වූයේ නැහැ. සැලසුම් සහගත කුමන්ත්‍රණවල ඇති න්‍යාය පත්‍රවල ඇත්තේ තමන්ට අභියෝගයක් විය හැකි බලවත් කණ්ඩායම විනාශ කිරීමයි.

1971දී රටට අවංකවම ආදරය කළ තරුණ පිරිස් මූලික අරමුණෙන් ඉවතට ගෙන එවකට පාලන බලයේ සිටි බණ්ඩාරනායක මැතිනියව මරා දමා ප්‍රතිවිප්ලවීය කණ්ඩායමකට රාජ්‍ය බලය ලබාදීම එම ඊනියා අරගලයේ මුඛ්‍ය පරමාර්ථය වුණා.

88-89 දී සිදුවූයේ බළකාමයෙන් මත්ව සිටි ආර් ප්‍රේමදාස නම් ජාති බ්‍රෂ්ටයාට බලය ලබාදීම සඳහා නොමග යවන ලද තරුණ පිරිසක් ඊට සම්බන්ධ කර සමස්ත කුමන්ත්‍රණයම ප්‍රතිවිප්ලවීය ක්‍රියාදාමයකට පරිවර්තනය කිරීමයි.

2019 පාස්කු ඉරිදා දින අහිංසක කතෝලික බැතිමතුන්ට විරුද්ධව බෞද්ධයින් හෝ ඉස්ලාම් භක්තිකයින් ආගමික උන්මාදයක් නිසා එම ම්ලේච්ඡ ප්‍රහාරය දියත් කරන ලද්දේයයි කිසිම විමර්ශනයක සඳහන්වී නැහැ. එසේනම් එය කළේ කවුරුන් විසින්ද?

තමන් ගෝඨාභය රාජපක්ෂව බලයට පත් කරන බව වහසි බස් දෙඩූ කාදිනල් මැල්කම් රංජිත්, එම බාරය ඔප්පු කිරීමට කතෝලික බැතිමතුන්ගේ ලේ වලින් බිළි පූජාවක් කළ බව යමෙක් චෝදනා කළහොත්, එය බොරු බව ඔප්පු කිරීමට කාදිනල් ප්‍රමුඛ කොළඹ රදගුරු සම්මේලනයට හැකියාවක් තිබිය යුතුයි. නමුත් මේ දක්වාත් එය සිදු නොවීමෙන් වැටහෙන්නේ වින්දිතයින් හොරාගේ අම්මගෙන් පේන අහන්න යෑමෙන් සිදුකරගත් විනාශයක් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ අරමුණු සහ ඊට පාදක වූ හේතු ගැන නොසොයා ඒ පිළිබඳව කරන පරීක්ෂණ ඕපාදූප තත්ත්වයට පත් කළේ කතෝලික පල්ලියයි.

සිද්ධියට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදීන් වර්තමානයේ බලයේ සිටින npp/jvp දේශපාලන කණ්ඩායමට මූල්‍යමය හා චර්යා ධාර්මිකව දායකත්වය දෙන පවුලකට සම්බන්ධ බව දැන දැනත්, ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ පියවර නොගැනීමේ හේතුව නිසා මේ විනාශය සිදුවුණු බව වසර 5ක් තිස්සේ පුන පුනා කීමෙන් රදගුරු සම්මේලනය කාලකන්ණි සතුටක් විඳින්න උත්සාහ කිරීම යේසුස් වහන්සේගේ ශුද්ධවූ නාමයටත් කරන දැවැන්ත හානියක්.

” ආඳා යවලා වළ් පත අතට ගත්තා සේ” කියා වසර 600 කට පමණ ඉහතදී සද්ධර්මරත්නාවලීකතෘ ධර්මසේන හිමියන් පැවසූයේ අදටත් ගැලපෙන ලෙසටයි.

වළ්පත කෙසේ වෙතත් අලුතෙන් තේරී පත්වුනු ජනාධිපති අනුර කුමාර දිසානායකට
ගැලවෙන්න බැරිවෙන අන්දමින්ම කොටි වළිගයක් ඔහුව බලයට පත් කළ කතෝලික පල්ලිය විසින්ම, තරයේම අල්ලාගෙන සිටීමට
සලස්වා ඇත.

දුකට හා පීඩනයට පත්ව සිටි ජනතාවට අවශ්‍ය වුණේ ජීවන බර අඩු කර ගැනීමටයි. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමටයි.

එසේ නැතුව කාදිනල්ගේ යටිකූට්ටු වැඩපිළිවෙල නැමැති වෘක ක්ෂුධාව පිනවීමට නොවන බව සකළ ලංකාවාසීන්ම දැඩි ලෙස සිත්හි ධාරණය කරගත යුතුයි.

එසේ නොවුනහොත් මොවුන් සියලු දෙනාටම වසර පහක් ගෙවෙනතුරුත් කන්න සිදුවන්නේ
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේ කඩදාසි කොළයි.

පිදුරුකා පුරුදු අයට නම් එය කිසිදාක ප්‍රශ්නයක් නොවනු ඇත.

-තෙවැනි ඇස- සංවාදයට විවෘතයි
23.10.2024

2022 ගාලු මුවදොර ප්‍රහසනය

Protected by Security by CleanTalk