Spread the News

cardinal

Divaina:

පාස්කු ප‍්‍රහාරයට සෘජුව හා වක‍්‍රව වගකිවයුතු අය සොයා තවදුරටත් වැඩිදුර විමර්ශන කඩිනම්ගතව, කල් නොමරා වහාම ඔවුන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත්, දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිළිබඳ නීතිමය කි‍්‍රයාවලිය කඩිනම්ව හා ශක්තිමත්ව කි‍්‍රයාවට නංවන ලෙසත් තරයේ ඉල්ලා සිටින බව පාස්කු ඉරු දින ප‍්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප‍්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 කොළඹ අගදරගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සහ කොළඹ සහායක රදගුරු මැක්ස්වල් සිල්වා, කොළඹ සහායක රදගුරු ජේ. ඞී. ඇන්තනී, කොළඹ සහායක රදගුරු ඇන්ටන් රංජිත් පියතුමන්ලාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
 
 එම නිවේදනය මෙසේය
 
 පාස්කු ප‍්‍රහාරයෙන්, කතෝලික සහ කිතුනු දේවස්ථානයන්හිදී සහ සංචාරක හෝටල් සහ ලැඟුම්හල් හිදී ඝාතනයට ලක් වූ, සදාකාලිකව ආබාධිත වූ සහ රෝගීව ඔත්පල වූ සිය ගණනක් ජනතාවට සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය ලබා ගැනීමට කොළඔ අගරදගුරු පදවිය දරන පරිශ‍්‍රමය, අප පතන යුක්තිය සහ සාධාරණත්වය ලැබෙන තුරු නොකඩවා ඉදිරියට ගෙන යෑමට තීරණය කර තිබේ. අප ඉල්ලා සිටින සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය කුමක් දැයි පැහැදිලි කිරීම මෙම මාධ්‍ය නිිවේදනයේ අරමුණයි.
 
 මෙම මිලේච්ඡු ප‍්‍රහාරයෙන් විනාශ වූයේද, අගතියට පත් වූයේද කතෝලික සහ කි‍්‍රස්තියානි ජනතාව පමණක් නොවේ. මේ රටේ වෙසෙන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලූ ජාතීන් ද බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කි‍්‍රස්තියානි, සහ කතෝලික ආදී සියලූ ආගම් වලට අයත් ජනතාව ද විදේශිකයෝ ද ඒ අතර වෙති.
 
 මෙය මුළුමහත් ශී‍්‍ර ලංකේය ජාතියටම එල්ල වූ ප‍්‍රහාරයකි. මෙම ප‍්‍රහාරය නිසා මුළු මහත් දේශයටම සිදු වූ ආර්ථික හානිය මෙහිදී අප අමතක නොකරමු. එහෙයින් මෙවැනි ම්ලේච්ඡු ත‍්‍රස්ත කි‍්‍රයාවන් සැලසුම් කරන සහ සිදුකරන, ඒවාට විවිධාකාරයෙන් උදව් උපකාර කරන සහ අනුබල දෙන කිසිවකුට නීතියේ රැුහැනින් මිදී යෑමට කිසිදු ඉඩක් නැති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීම, සාමය ආරක්ෂා කිරීමේ සහ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ වගකීමෙන් බැඳී සිටින සියලූ නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ වගකීම සහ යුතුකම බව දැඩිව ප‍්‍රකාශ කරමු.
 
 එම වගකීම ඉටු නොකිරීම සාපරාධී කි‍්‍රයාවක් බව අපගේ මතයයි. එබැවින් ඒ සඳහා අදාළ නිලධාරීන් සහ බලධාරීන් විසින් වින්දිත සියලූ දෙනාට යුක්තිය ඉටුකිරීමේ වගකීම ඉටුනොකර සිටිය නොහැකි තත්ත්වයට පත්කිරීමට කටයුතු කිරීම සියලූ පුරවැසියන්ගේ වගකීමයි. එම කි‍්‍රයාවලිය ස්වාධීනව කි‍්‍රයාත්මක කිරීම අඩාල කරන කිසිදු ආකාරයක දේශපාලනික බලපෑමක් නොකරන්නැයි, ව්‍යසනයට ගොදුරු වූ සියල්ලන් වෙනුවෙන්, රජයේ මෙන්ම විපක්ෂයේ සියලූ දේශපාලකයන්ගෙන් අපි තරයෙ ඉල්ලා සිටිමු. එසේම නීතිපතිතුමා ඇතුළු අදාළ අංශවල සියලූ නිලධාරීන් ද නොපමාව තම කාර්යභාරය නොවළහා ඉටුකළ යුතු බව ද අපි අවධාරණය කර සිටිමු.
 
 ඒ අනුව,
 
 * මෙම ම්ලේච්ඡු මිනිස් සංහාරයට සෘජුව සහ වක‍්‍රව (සැලසුම්, මූල්‍යමය ආධාර සහ දේශපාලනික රැුකවරණය ලබාදුන්) වගකිව යුතු අය සොයා, තවදුරටත් කළ යුතු වැඩිදුර විමර්ශන කඩිනම්කොට, කල් නොමරා වහාම ඔවුන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස ද, දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳ නීතිමය කි‍්‍රයාවලිය කඩිනම්ව ද ශක්තිමත්ව ද කි‍්‍රයාවට නංවන ලෙස ද අපි තරයේ ඉල්ලා සිටිමු.
 
 * මරාගෙන මැරෙන කණ්ඩායමේ මූලිකත්වය දැරුවා යැයි සැක කෙරෙන සහරාන් හෂීම් නමැත්තා සමඟ උතුරු – නැගෙනහිර යුද සමයේ අවසාන කාලයේ සිට විවිධාකාරයේ ගනුදෙනු සහ සබඳතා පැවැත් වූ සියලූ පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳ පුළුල්ව විමර්ශනය කළ යුතු බව ද අපි අවධාරණය කරමු.
 
 * මෙම ප‍්‍රහාරය පිළිබඳ ප‍්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප‍්‍රහාරය වැළැක්වීමේ වගකීම සිතාමතාම පැහැර හැරියා වූ, පාස්කු කොමිසම් වාර්තාව විසින් නම්කොට, නීතිමය කි‍්‍රයාමාර්ගය ගතයුතු යැයි නිර්දේශකොට ඇති දේශපාලන නායකයන් සහ නිලධාරීන්ට එරෙහිව තරාතිරම් නොබලා, නොපැකිළිව, කඩිනමින් නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි අපි දැඩිව අවධාරණය කරමු.
 
 * ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව පවතින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්පූර්ණයෙන් තහනම් කොට, ඔවුන්ට සම්බන්ධ විදෙස් අනුග‍්‍රාහකයන් හා වෛරය වපුරන දේශකයන් හඳුනාගෙන ඔවුන් මෙරටින් නෙරපාහැරීමට කටයුතු කරන ලෙස සහ ඇතැමුන් විසින් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා වී ඇති විවිධ වර්ගවල අවි ආයුධ අත්අඩංගුවට ගන්නා ලෙස ද අන්තවාදී ත‍්‍රස්තවාදය පෝෂණය කරන මූල්‍යමය ප‍්‍රතිපාදන, චංචල හා නිශ්චල දේපළ කඩිනමින් රාජසන්තක කරන ලෙස ද අපි ඉල්ලා සිටිමු.
 
 අපගේ ඉහත ඉල්ලීම්, පාස්කු ප‍්‍රහාරයට දෙවසරක් සපිරෙන 2021 අපේ‍්‍රල් 21 දිනට පෙර කි‍්‍රයාත්මක කිරීමට හෝ අඩු වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට අදාළ මුල් පියවරවත් ගැනීමට කටයුතු කළයුතු බව අපි තරයේ අවධාරණය කරමු. රටේ සිදුවන සෙසු අපරාධ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් බුද්ධි තොරතුරු සෙවීමට සම්බන්ධ රජයේ ආයතන කඩිනමින් එම අපරාධවල කතුවරුන් සොයා යන තත්ත්වයක් තිබියදී 269 දෙනකු අමු අමුවේ ඝාතනය කළ හා 300ට වැඩි පිරිසක් අබාධිතයන් හා සදහටම ආරෝග්‍ය ශාලාවලට යන්නන් බවට පත්කළ, ඒ මහා විනාශය සිදුකළ අය සොයාගන්නට සහ දඬුවම් දීමට වසර දෙකක් ගතවීත් නොහැකි වීම ඇත්තෙන්ම පුදුමය දනවන ප‍්‍රහේළිකාවකි. මෙයින් එකී ආයතනවල කාර්යක්ෂමතාවට බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් අප තුළ ජනිත වී ඇත. මේ තත්ත්වය තුළ සත්‍යය හෙළිදරව් කරවා ගැනීමට අප ගෙන යන අපගේ විරෝධතා කි‍්‍රයාමාර්ග මීටත් වඩා ශක්තිමත්ව රට පුරා ව්‍යාප්ත කිරීමට අපි අදහස් කරන බව කියා සිටිමු.