Spread the News

පැරීසියේදී ද්‍රවිඩ මන්ත්‍රීන්ට පහර දීමට තැත් කළේ
ජිනීවා යෝජනාව පිළිබඳවයි

කීර්ති වර්ණකුලසූරිය

පැරීසියේ ලාෂාලේ ප්‍රදේශයේදී ඊළාම් ඩයස්‌පෝරාව ද්‍රවිඩ දේශපාලනඥයන් සිව්දෙනකුට පහර දීමට උත්සාහ කර ඇත්තේ ජිනීවා යෝජනාව ගැන එකී දේශපාලනඥයන් දැරූ උත්සාහයන් පරාජය වීම නිසා යෑයි හෙළිවී ඇත.

මෙම දේශපාලනඥයන්ව පැරීසියට ගෙන්වා ඇත්තේ ලාෂාලේ කඩවීදියේ ඊළාම් ඩයස්‌පෝරාව යෑයි හෙළිවී තිබේ.

අපි අතිවිශාල මුදලක්‌ වැයකර නුඹලාව ජිනීවා වෙත ගෙන්වූවා. නුඹලා ජිනීවා අවන්හලට වී කතාකර කර හිටියා මිස මුකුත් කළේ නැහැ යෑයි ඊළාම් ක්‍රියාකාරීන් විසින් උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුළු පිරිසට පවසා ඇත.

ලාෂාලේ කඩවීදියේ අවන්හලක පැවැති සාකච්ඡාවට තමිල් අරසුකච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා පැමිණ සිටියේ නැත.