යාවත්කාලීන වේලාව: 7/26/2012 11:37:33 AM
පැහැර ගෙන යනු ලැබූවන් හා අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය කතාව
දශක තුනකට ආසන්න කාලයක් පුරා අප රට තුල පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර මෙරටට සදාකාලික සාමයක් ගෙන ඒම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ඇතුලු ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකාය විසින් සිදු කරනු ලැබූ මෙහෙය අති විශාලය. 2009 මැයි 18 වැනි දා සමස්ථ ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කරන ලද දිනය උදාවිය. යුද්ධය නිමාවී සාමයේ අරුණළු අප මාතෘභූමිය පුරා පැතිර යන ලදි.
අනතුරුව රජය විසින් යුද්ධය නිසා පළුදුවී තිබූ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලදි. බිම්බෝම්බ අතුරා තිබූ භූමියේ බිම්බෝම්බ ඉවත් කරමින් අවතැන්වූවන් නැවත පදිංචි කරමින් හා යටත්වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරමින් අවුරුදු තුනක පමණ කෙටි කාලයක් තුලදී රටේ ආර්ථික වර්ධනය 9% කින් පමණ ඉහළ නංවා ගැනීම පිණිස සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබ ඇත.
එසේ වුවද රජය විසින් සිදුකරනු ලබන සෑම කටයුත්තක්ම විවේචනයට භාජනය කරමින් එහි ගමන් මග ආපස්සට හැරවීම සඳහා විදෙස් ජනමාධ්‍ය හා විදේශීය සංවිධාන කිහිපයක් වන විටත් නිරන්තර උත්සාහයක යෙදෙමින් සිටිති. ඒ අනුව රජය වෙත එල්ල කර ඇති නවතම චෝදනාව වනුයේ 2011 ඔක්තෝබර් සිට 2012 මාර්තු දක්වා කාලය අතර තුර මෙරට පුද්ගලයින් 56 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.
සංඛ්‍යා පමණක් සෑමවිටම හුවා දක්වන මෙම ජනමාධ්‍යන් හා සංවිධාන එසේ සඳහන් කරන සමහර පුද්ගලයින්ගේ නම් හෝ නිවැරදි දත්තයන් කිසිවක් ඉදිරිපත් කර නැත. ඒ අනුව හුදෙක්ම මෙය රජයට මඩ ගැසීමේ හා අන්තර්ජාතික ප්‍රජාව නොමග යැවීමේ අරමුණින් යුතුව කරනු ලබන චෝදනාවක් බව පෙනීයයි.
ජනමාධ්‍ය විසින් ප්‍රකාශිත මෙම අතුරුදහන්වීම් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 5 ක් යටතේ අපට වර්ග කළ හැක.
ඉහත සඳහන් කළ කණ්ඩායම් අතුරින් :
* අතුරුදහන්වීමෙන් අනතුරුව පොලිසියට හෝ බලධාරී ආයතනයකට වාර්තා කරන ලද සංඛ්‍යාව ගැන සලකා බලන විට මොවුන් අතුරින් 15 දෙනෙකුටම එරෙහිව මිනිමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධාත්මකව කරන ලද අපරාධ පිළිබඳ චෝදනා ඇත. මොවුන් වැඩිදෙනෙකු පාතාල ලෝකයේ ප්‍රබල සාමාජිකයින් බවට පොලිසිය මගින් හෙලිදරව් කරගෙන ඇත. තවද මොවුනට එරෙහිව විවිධ ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල හා ඉහළ උසාවිවල නඩු විභාග වෙමින් පවතී. තවත් අයෙකුට එරෙහිව එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධව ප්‍රබල ලෙස ක්‍රියා කර ඇති බවට චෝදනා විභාග වෙමින් පවතී.
පාතාල ලෝකයේ සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිලිබඳව සැලකීමේදී ඔවුන්ගේ කණ්ඩායම් අතර එකිනෙකා පරයා ඉස්මතුවීම සඳහා නිරන්තර තරගයක් පැවතීම සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව මෙම කණ්ඩායම් එකිනෙකා සමග දැඩි වෛරයකින් පසුවන අතර නිතර නිතර ඔවුන් අතර ඇතිවන ගැටුම්වලදී මෙම කණ්ඩායම්වල සාමාජිකයින් සිය සතුරු කණ්ඩායම් මගින් ඝාතනය වන බව මෑත ඉතිහාසය දෙස විමසිලිමත්ව බලන විට අපට ඉතා පැහැදිලිව දැක ගත හැක. එසේම මොවුනට එල්ලවී ඇති දරුණු අපරාධ චෝදනා හා උසාවිවල පවරා ඇති නඩු පිළිබඳව සැලකීමේදී ඒවා මග හැර සිටීමට අතුරුදන් ක්‍රියා කරමින් ඔවුන්ගේ රහසිගත සැලසුම් ක්‍රියාත්මක කිරීමට තවත් අයෙකු සැඟැව සිටිනවා ද විය හැක.
පෙරකී ආකාරයේ පුද්ගලයින් ගෙන් කීපදෙනෙකු පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගනු ලැබ ඇති ගැන කරුණු දැක්විය හැක.
නුවන් සංජීව නොහොත් “නේවි රුවන්’ 2011 දෙසැම්බර් 03 දින සිට අතුරුදහන් වී ඇති බවට පැමිණිලි කර ඇත. මෙම පුද්ගලයා සංවිධානය වී කරන ලද අපරාධ සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති අයෙකි. මොහුට එරෙහිව වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයේ, අවිස්සාවේල්ල මහාඅධිකරණයේ හා කඩුවෙල මහා අධිකරණයේ ද නඩු කිහිපයක් විභාග වෙමින් පවතින අතර මොහු නීතියට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකි.
ධම්මික ප්‍රදීප් කුමාර යනු මෙසේ අතුරුදහන් වු බවට වාර්තා වී ඇති තවත් පුද්ගලයෙකි. ඔහුද සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ලැබ ඇති අයෙකු වන අතර මිනීමැරුම් දෙකක් සඳහාද සම්බන්ධවූවකු ලෙස සැක කරනු ලැබ ඇත.
මොවුන් සමාජ විරෝධී පුද්ගලයින් වන අතර ඔවුන්ගේ ජීවන රටාව අනුව ජීවත්වන සමාජය තුළින්ම මොවුනට විරුද්ධවාදී කණ්ඩායම් නිරන්තරයෙන්ම බිහිවේ. සමහරවිට මෙම අතුරුදන්වීම් එම සතුරු කණ්ඩායමක ක්‍රියාවක් වීමටද බොහෝදුරට ඉඩකඩ පවතී. කෙසේ වුවද මෙම අතුරුදන්වීම් පිළිබඳව පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
මිනිමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධාත්මකව කරන ලද අපරාධ පිළිබඳ චෝදනා ඇත්තවුන්
එසේවුවද සමහර ත්‍රස්තවාදී හිතවාදී මාධ්‍යන් හා වෙබ් කණ්ඩායම් විසින් මෙවැනි අපරාධකරුවන්ගේ අතුරුදන්වීම් පිළිබඳව වගකීම රජය වෙත පැවරීමට උත්සාහ දරා ඇත. රටක ජීවත්වන පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය වගකිවයුතු ආයතනය වූවත් රටේ සිටින සෑම අපරාධකාරයෙකුගේම වගකීම පිළිබඳව රජයට චෝදනා එල්ල කිරීම කිසිසේත්ම යුක්ති සහගත නැත. මක්නිසාද යත් ඔවුන්ගේ සමාජ විරෝධී චර්යා රටා අනුව තම ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් විසින්ම සලසා ගත යුතු බැවිණි.
* අතුරුදහන් විමෙන් අනතුරුව මළසිරුරු හමුවූ පුද්ගලයින් ගණන 5 දෙනෙකි. මොවුන් සියලුදෙනාම පාහේ සංවිධානය වී කරන ලද අපරාධ සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව චෝදනා ලත් අයයි. එනම් අප රටතුළ ජීවත්වන “සාමාන්‍ය ජනතාව” යන කොටසට අයත් නොවී සමාජ විරෝධී අපරාධ කරන අයවලුන් වීම මොවුන්ගේ විශේෂත්වයයි. මෙම පිරිසද ඔවුන්ගේ සතුරු කණ්ඩායම් අතින් මිය යන්නට ඇතැයි විශ්වාස කරන අතර මෙම මරණයන් පිලිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට මොවුන්ගේ මළසිරුරු සොයාගෙන ඇති බැවින් මොවුන් තවදුරටත් අතුරුදහන් වූවන් ලෙස සැලකීමට නොහැක.
* එසේම මෙම 56 දෙනාගෙන් තවත් 6 දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් හා වෙනත් විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලීසිය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන අතරතුරදි ඔවුන් විසින්ම විවිධාකාරයෙන් සියදිවි නසාගෙන ඇති පුද්ගලයින් වේ. මොවුන් සම්බන්ධයෙන් පවත්නා චෝදනා පිලිබඳ පරීක්ෂණයන්ද තවදුරටත් සිදු කෙරෙන යන අතර මෙම පිරිසද ඉහත සඳහන් අතුරුදන් වුවන්ගේ ලැයිස්තුවලින් ඉවත් කිරිමට ඉහත සංවිධාන හෝ ජනමාධ්‍යන් මේ දක්වා කටයුතු කර නොමැත.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිය දිවි නසාගත්තවුන්
* එසේම අතුරුදන්වීමෙන් අනතුරුව මේ වන විට නැවත හමුවී ඇති සංඛ්‍යාව 10 දෙනෙකි. මොවුන්ගෙන් සමහරෙක් කප්පම් ලබාගැනීම් සඳහාද තවත් අයෙකු සතුරු කණ්ඩායම් විසින් විවිධ කෝන්තර පිරිමසා ගැනීම සඳහාද පැහැරගෙන ගොස් විවිධ හේතූන් මත නැවත මුදාහරින ලද අයවලුන්ය. කෙසේ වෙතත් ඉහත සදහන් කරන කාලය තුළ අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාවට තවදුරටත් මෙම පිරිසද ඇතුලත්වී ඇති අතර මෙම 10 දෙනා තවදුරටත් අතුරුදන් වූවන් ලෙස සැලකීම යුක්ති සහගත නොවේ.
මීට නිදසුන් වශයෙන් 2012 මාර්තු මස 21 වැනි දින බම්බලපිටිය, විශාකා විද්‍යාලය අසලදී අතුරුදහන්වී ඇති කේ.ඩී. දිමන්ති නිසංකා නැමති ශිෂ්‍යාව දිනකට පසුව නැවත හමුවී ඇත. එසේම 2012 පෙබරවාරි මස 27 දින මාවතගමදී අතුරුදහන්වී ඇතැයි සලකනු ලබන එස්.එම්.යූ. කෝසල බණ්ඩාර ඒකනායක නැමැත්තාද නැවත හමුවී ඇති අතර මේ වන විට මොවුන් සිය පවුල්වල සාමාජිකයින් සමග සාමාන්‍ය ජීවිත ගතකරමින් සිටිති. එසේවුවද ඉහත සඳහන් කරන ලද සංවිධානවල නාමලේඛණවලින් මොවුන්ගේ නම් මේ වන විටත් ඉවත් කර නොමැති අතර තවදුරටත් ඔවුන් අතුරුදන් වූවන් සේම සලකනු ලබයි.
* මීට අමතරව තවත් 17 දෙනෙකු සම්බන්ධයෙන් මේ දක්වා පොලීසියට හෝ කිසිදු බලධාරී ආයතනයකට ඔවුන්ගේ අතුරුදහන්වීම් පිලිබඳව කිසිදු පැමිණිල්ලක් ඔවුන්ගේ ඥාතීන් විසින් කර නොමැති අතර විවිධ ජනමාධ්‍ය හා වෙබ් අඩවි මගින් පමණක් ඔවුන් අතුරුදහන් වූවන් සේ හුවා දක්වනු ලබයි. සමහරවිට මෙම පුද්ගලයින්ගේ නිවැරදි නමක් පවා නොදන්නා මෙම සංවිධාන මගින් යම් ස්ථානයක නමක් සඳහන් කරමින් මොවුන් අතරුදන් වූවන් ලෙස සඳහන් කර ඇත. සමහර අවස්ථාවල නම වෙනුවට ‘වැදි තරුණයෙක්’ යන්න පමණක් දක්වා ඇත. මේවා තනිකරම ඔවුන්ගේ ලැයිස්තුගත නම් සංඛ්‍යාව ඉහළ නංවා ඒ තුලින් දශක තුනක පමණ කාලයක් තුළ පැවති දරුණු ත්‍රස්තවාදය පරාජය කර අපට නිදහස හා සාමය අත්කරදී රට සංවර්ධන මාවතක ගමන් කරවමින් සිටින රජය හා ආරක්ෂක අංශ අපහසුතාවයට පත් කිරීමේ අදහසින් කරනු ලබන අසත්‍ය චෝදනාය. මක්නිසාද යමකු අතුරුදහන්වූ විට ඔහුගේ පවුලේ අය හෝ ඥාතීන් විසින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ළඟම ඇති පොලීසියට පැමිණිලි කරනු ලබයි. නමුත් ඉහත සඳහන් කල 17 දෙනා පිළිබඳව එවැනි කිසිදු පැමිණිල්ලක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත. නොයෙක් ත්‍රස්ත හිතවාදී සංවිධාන හා වෙබ් අඩවි මගින් විවිධ පුද්ගලයින් නම් හා විවිධ ස්ථානවල ඈඳමින් අතුරුදන් වූවන් පිළිබඳ පුවත් නිර්මාණය කර ප්‍රචාරය කරනු ලබයි.
ඉහත සඳහන් කරන ලද කරුණුවලට අනුව මෙම අසත්‍ය චෝදනා ලෙස දක්වනු ලබන 17 දෙනා, අතරුදහන්වීමෙන් අනතුරුව නැවත හමුවූ 10 දෙනා, පොලිස් හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිය දිවි නසාගන්නා ලද 6 දෙනා සහ නොයෙක් සතුරු කණ්ඩායම් මගින් අතුරුදහන් කිරීමෙන් අනතුරුව මලසිරුරු සොයාගන්නා ලද 5 දෙනාද මෙකී සංවිධාන හෝ වෙබ් අඩවි මගින් ප්‍රචාරය කරන ලද 56 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් විය යුතුය.
ඒ අනුව 56 න් 38 ක් අඩු කළවිට පිළිතුර 18 කි. මෙකී 18 වනුයේ අතුරුදහන්වීමෙන් අනතුරුව පොලීසියට හෝ බලධාරී ආයතනයකට නිවැරදිව පැමිණිලි කරන ලද සංඛ්‍යාවය. මෙම 18 දෙනා පිළිබදව අප මීට පෙර දක්වන ලද කරුණුවලට අනුව මොවුන්ගෙන් 15 දෙනෙකුම සංවිධානයවී කරන ලද අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම් හා මිනීමැරුම් පිළිබඳ චෝදනාවලින් දෙකකට හෝ ඊට වැඩි ගණනක් සඳහා අත්‍යවශ්‍ය සැකකරුවන්ය.
ඒ අනුව ඉහත සඳහන් කළ ත්‍රස්ත හිතවාදී සංවිධාන මගින් හෝ වෙබ් අඩවි මගින් 2011 ඔක්තෝබර් මස සිට 2012 මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ අතුරුදහන්වී ඇති සාමාන්‍ය පුද්ගලයින්ගේ සංඛ්‍යාව වන්නේ 56 දෙනෙකු නොව 3 දෙනෙකු පමණක් වන බවත් උක්ත පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීමෙන් වැලකි සිටින ලෙසත් මෙයින් අනාවරණය කරමු.