පිල්ලෙයාන්ගේ රහස්‌ ස්‌විස්‌ සංචාරය සහ ආදිවාසි කතා….

Spread the News

පිල්ලෙයාන්ගේ රහස්‌ ස්‌විස්‌ සංචාරය ගැන තතු හෙළි වෙයි

කීර්ති වර්ණකුලසූරිය source:

නැගෙනහිර මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ අබිරහස්‌ ස්‌විට්‌සර්ලන්ත සංචාරයක්‌ ගැන රජය වෙත අනාවරණය වී ඇත.

පිල්ලෙයාන් ස්‌විට්‌සර්ලන්තයට ගොස්‌ හමුවූ පාර්ශ්වයන් ගැනද දැන් තොරතුරු ලැබී තිබේ. මේ සංචාරයෙන් පසු ඔහු සිය කලින් පැවැති ස්‌ථාවරය වෙනස්‌ කර නැගෙනහිර පළාත් සභාවට පොලිස්‌ හා ඉඩම් බලතල ඉල්ලා ඇත.

එසේම ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා කිරීම සඳහා ඔහු ඉදිරිපත් වී ඇත්තේද මෙකී සංචාරයෙන් පසු යෑයි රජය වෙත තොරතුරු ලැබී තිබේ.

 

‘පිල්ලෙයාන්’ ආදිවාසියෙක්ලු !

2011 සැප්තැම්බර් 07 වෙනි බදාදා, 09:17 Sri Lanka Mirror Editor
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

source:

නැගෙනහිර ප‍්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සිය උප්පැන්න සහතිකයේ සහ ජාතික හැඳුනුම්පතේ ඇති ‘දෙමළ’ ජාතිකත්වය වෙනස් කිරීම සඳහා ඉල්ලූම් කර ඇති බව ‘සි නිවුස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය දිනවල පැවති දඹානේ වරිග මහගෙදර (ආදිවාසී මධ්‍යස්ථානය) පිහිටුවීමත්  සමඟ දඹානේ ආදිවාසී ජනයා තම සම්භවයන් සහිත ජන කොට්ඨාශ සොයමින් වාකරේ ප‍්‍රදේශයේ කර ඇති ගවේශණවලදී  ආදිවාසීන්ගෙන් පැවත එන 35,000ක පමණ පිරිසකගේ තොරතුරු අණාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පසුගියදා දඹානේදී වන්නිලැත්තෝ සමඟ පැවති සාකච්ඡවකදී පිල්ලෙයාන් මහතා  විසින් තමන් දෙමළ ජාතිකයෙක් නොව ආදිවාසියෙක් ලෙස පිළිගෙන ඇතැයි ද එම වෙබ් අඩවියේ සදහන්වේ.

මේ අනුව තම ආදිවාසී ජාතිකත්වයට අදාලව පිල්ලෙයාන් මහතා විසින් උප්පැන්න සහතිකය සහ ජාතික  හැඳුනුම්පතේ අවශ්‍ය වෙනස් කම් සිදු කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද එම වාර්තාවේ සදහන්වේ.