Spread the News

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න කියන්නේ අරගලය ආරම්භයේ දී නොදත් බොහෝ දේ පසුව දැනගත්, තමා රැවටුණ බව වටහා ගැනීම තුළින් තමා ළඟ ඇති ධර්මතාවයන් සමාජයයේ නැති බව විශේෂයෙන්ම තමා සමග අරගලයට අවතීර්ණ වූ අනෙක් සාමාජිකයන් බහුතරය තුළත් එකියන ධර්මතා නොමැතිබව තේරුම් යාම නිසා ඇතිවුණු ඉච්ඡාභංගත්වය විසින් දිවි නසා ගැනීමට තීරණය කළ පළමුවෙනි පුද්ගලයා නොවන්නා සේම අවසාන පුද්ගලයා ද නොවන්නේය.

ඒ අතින් බැලූවිට මෙය දිවි නසා ගැනීමකට වඩා ඝාතනයක්. එසේත් නැතිනම් අදෘශ්‍යමාන බලවේගයේ මිනිස් බිල්ලක්.

මේ කියන තත්වය සමාජ විද්‍යාත්මකව හඳුනා ගැනීම සඳහා
ප්‍රංශ සමාජ විද්‍යාඥ
Emile Durkheim ගේ
Le Suicide නැමැති ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය කියවන්න.

Anomie (normlessness) පරිච්ඡේදයේ මේ තත්වය ඉතා ගැඹුරින් අධ්‍යනය කර ඇත.

– එඩ්වර්ඩ් –

19.04.2023

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න ගේ අවසන් ලිපිය

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න ගේ අවසන් ලිපිය

29 හැවිරිදි මොහු ඖෂධ වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

දිවි නසා ගැනීමට පැයකට පමණ උඩදි වට්ස්ඇප් හරහා දිවි නසාගන්නා බවට සටහනක්ද සිය මිතුරන්ට එවා තිබූ බව පොලිසිය කියයි.