ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ සභාපති ශ්‍රී ලංකා පරිපාලන සෙවා සංගමය (1991-94)
පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි තවමත් එංගලන්තයේ යටත් විජිතයක් බවද එලිපිටම පිලිගැනීමක්ද ඉන් ප්‍රකාශවෙයි.
(රටක හා ජාතියක නිදහස යනු කුමක්දැයි නොදන්නා එසේම එහි අභිමානය නොදන්නා පිරිස් විසින් එය පාලනය කරණු ලබනවිට සිදුවන විපරීතකම් තවමත් වෙනස් නොවී ඇති බැවින්, ඔවුන් උඩ බලාගෙන කෙළගසාගැනීම දැන්වත් නතර කිරීම සදහා වසර 2021 පෙබරවාරි 4 දා පැවති නිදහස් දිනය වෙනුවෙන් 3 වෙනි දා මවිසින් පලකරනලද අදහස් නැවතත් ඒ අයුරින්ම මෙහි ප්‍රකාශ කරමී)
මා එසේ පවසනුයේ 1948 තබා අදවන තුරුත් මේ රටට හෝ ජාතියට කිසිදු නිදහසක් ලැබී නැති නිසාය. ඊනියා නිදසක්1948 දී අපට ලබුනායයි කිවද රටේ හා භූමියේ පරම නිදහස, පාලන නිදහස, බසේ නිදහස, සංස්කෘතියේ නිදහස, ආර්ථික නිදහස, සිතීමේ හෝ ආකල්පවල නිදහස ආදි නිදහස් රටකට තිබියයුතු වැදගත් කිසිවක් තවම අපට ලැබී නැත.
මට පෙනෙන ආකාරයට 1948 පෙබරවාරි 4 දා සිදුවුයේ 1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉංග්‍රීසි බල අධිකාරීයට ලංකාව හෝ හොඳින් තබාගැනීම වාසිදායක බව සිතු සුද්දන් විසින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකරවා ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් අතට මෙහි පාලන බලය දී තෝන් ලණුව තමන් අතේ ම තබාගෙන යාම සදහා අග්නිදිග ආසියාවේ සුදුසුම රට ලංකාව බව බව ඔවුන් කල්පනාකල බැවින් යයි මට සිතේ.
ඒ ඉන්දියාව නැති උනත් අග්නිදිග ආසියාවේ තම අධිරාජ්‍යයේ අනාගත වැදගත් කටයුතු කරගැනීම සදහා ශ්‍රී ලංකාව උපාය මර්ගික වශයෙන් තබාගතයුතු බව ඔවුන් උපකල්පනය කල බැවිනි. ගෝලිය වශයෙන් එහි පිහිටීම මෙන්ම තමන්ට අවනත බෙදා වෙන්කල මානසික වශයෙන් බුද්ධිශෝධනය කල පාලක පැලැන්තියක් එහි සිටින බව ඔවුන් මැනවින් දැනසිටියාට සැක නැත. ඇත්ත වශයෙන්ම් ඔවුන් රටින් පිටවී ගියද ඔවුන් සිටි පුටුවේ වාඩිවි ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන පිරිසක් ඒ වනවිටත් ඔවුන් විසින් මෙහි නිර්මාණය කොට තිබින. හමින් කලු වුවද සුද්දන්ටත් වඩා හොදින් ඔවුන්ගේ කටයුතු මොවුන් සිදු කරන බව දිවැසින් මෙන් දැක ඇත. අදටත් මේ රටේ ක්‍රියත්මකවන දේශපාලනය දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ බව මැනවින් පැහැදිළි වේ.
සෝල්බරී ව්‍යවස්ථාව කපටි ජෙනින් විසින් නිර්මාණය කලේ එකී වැඩපිලිවෙල ක්‍රියාත්මක කරගැනීමේ තෝන්ලණුව වශයෙනි . අපේ මෝඩ දේශපාලකයින් එය ධාතු කරන්ඩුවක් මෙන් පිලිගත් බව පෙනේ. එහි අන්තර්ගතය දෙස විමසිල්ලෙන් බලන ඔනෑම බුද්ධිමත් කෙනෙකුට කපටි සුද්දන්ගේ එම යටි අරමුණ පැහැදිළිවම දැකගත හැක. ඔවුන්ගේම වෙස්මින්ස්ටර් පාර්ලිමේන්තු කැබිනෙට් ආණ්ඩුක්‍රමය, නිලතල ධූරාවළිය, අභියාචන කෙලවර ප්‍රිවිකෞන්සලේ තබාගත් අධිකරණ යාන්ත්‍රණය, රාජ්‍ය පාලනක්‍රමය, පාලන භාෂාව, ආණ්ඩුකාරයා පත්කිරීමේ බලය, විදේශ ගිවිසුම්වලට එළඹීමේ බලතල, යුද්ධය ප්‍රකාශ කිරීමේ බලය රැජිනගේ අතේ තබා ගැනීමට අමතරව 45 වන වගන්තිය යටතේ විධායක බලයද එන්ගලන්තයේ මහ රැජිනගේ/රජුගේ අතම තබාගැ නීම මෙන්ම කටුනායක, ත්‍රිකුණාමල ගුවන් කඳවුරද ඔවුන් අතම තබාගැනීම සහ පොදුරාජ්‍ය මන්ඩලය නැමැති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජිකයකු වශයෙන් රඳවාගැනීම, මේ රට තුල ජාතීන් කීපයක් සිටින බව ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශකොට 29 වන වගන්තියෙන් ලංකා ඉතිහාසයේ පළමු වතාවට කිසිම දවසක මෙහි නොසිටි සුළු ජාතීන් නම් අමුතුම සතුන් ජාතියක් ඇතිකොට, ඒ අනුව 1832 මේ රට බෙදා පාලනය කිරීම සදහා ඔවුන් රට බෙදු පලාත් පදනම් කරගෙන සිංහල දෙමල හා මුස්ලිම් ආදී වශයෙන් ජනකොටස් බෙදා රට අවුල්කිරීම සහ සිංහලයින්ද සතුරු කන්ඩායම්වලට බෙදීමට පක්ෂ දේශපාලන ක්‍රමයද නමැති සමාජ හූනියමද හන්දුන්වා දෙමින් සෝල්බරී ව්‍යවස්ථාව නම්වූ මලතොණ්ඩුව අපේ ගෙලේ එල්ලා එය මාරුවෙන් මාරුවට දක්කා මේ රට විනාශකිරිමට අවශ්‍ය සියළු විධිවිධාන යොදා ජාතියක පන්සකූලය දීමට පමණක් ඉතිරිකොටය, ඔවුන් මින් පිටව ගියේ.
මීට අමතරවව මේ රට සදාකාලිකව අස්ථාවර කිරීම සදහා ඔවුන්ගේ ව්‍යාපාර සහ වතු අධිරාජ්‍යයෙහි වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 12 කට වැඩි බ්‍රිතාන්‍ය පුරවැසියන් ද මෙහි අතරමන්කොට යාමෙන් මේ රටේ අනාගත දේශපාලන, ආර්ථික,සාමාජික හා සංස්කෘතික වශයෙන් මහා ගිනිකන්දක් නිර්මාණයකොට යාමටද සුද්දා අමතක කලේ නැත. 1948 පසුවී 74 වසරක් ගතව ඇතත් රටක් වශයෙන් ජාතියක් වශයෙන් අප තවමත් හිරවී සිටින්නේ ඒ අධිරාජ්‍යවාදී මාරාන්තික මළපුඩුවේම නොවේද.
1948 සුද්දන් මේ රටින් පිටවී ගියත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඍජුව කෙරෙන විවිධ බලපෑම් වලට අමතරව ඊනියා ජාත්‍යන්තර සංවිධාන හරහාද ඔවුන් විසින් කරණුලබන තර්ජන ගර්ජන දෙස බැලීමෙන්ද අප තවමත් ඔවුන්ගේ යටත් විජිතයක් යන මානසිකත්වයෙන් කටයුතු කරන බව ඉතා පහැදිලිය. එපමණක්ද නොව මේ රටේ නිදහස් දිනය පැවැත්වෙන දවස පවා ඔවුන් අපට නියමකොටදී ගොස් ඇත.
පෙබරවාරි 4 ජෙනින්ගේ බිරිදගේ උපන්දිනය යයිද කියවේ. කොටින්ම කීවොත් අපි තවමත් සිතන්නේද කන්නේ බොන්නෙද, අන්දින්නේ පලදින්නේද සුද්දන්මෙන්මය. ඊනියා නිදහස ලැබී වසර 74ක් ගියත් මේ රටේ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ නම් ස්ථානනාම, නගර නාම අතුරුපාරක පවා නම් තවමත් සුද්දන්ගේ නම්මය.
විෂේශයෙන්ම කොලඹ නගරය මන්මාවත් චත්‍රරස‍්‍ර වල නම් දෙස බලන්විට එය ලන්ඩන් නගරයේම කොටසක්දැයි සිතේ. එපමණක් නොව මේ රටේ සිංහලයින් දහස් ගනන් වධ බන්ධනදී මරා දැමූ බ්‍රවුන්රිග්,ටොරින්ටන්, මැක් ඩොවල් වැන්නවුන්ගේ නම්ද අපේ සිංහලයින් තවමත් ගෞරවයෙන් සලකති. මේ රටට තවමත් කිසිදු නිදහසක් ලැබී නැතිබව මා ප්‍රකාශ කරණුයේ මේ ආදී හේතූන් නිසාය.
අප ලබා ඇති නිදහසේ නියම තත්වය එසේ වුවද වසරක් පාසා පෙබරවාරි 4 දා නිදහස සැමරීමට යයි කියා ජාතික ධනය කෝටි ගණනින් මෙන්ම රටේ සංවර්ධනය ඵලදායක අන්දමින් යෙදියයුතු වටිනා මිනිස් සම්පතද නාස්ති කරමින් 74 වන වරටත් අපේ රටේ දේශපාලකයින් මේ පවත්වන්නේ කාට ලැබුණු නිදහසක් අරභයාදැයි මම අසමි.
මගේ අදහසේ හැටියට 1948 නිදහස ලැබුනායයි කියන්ට අපට ඉතිරිව ඇත්තේ ”නමෝ නමෝ මාතා සින්දුව” පමණි. එයද 2015 සිට දෙමළෙන්ද ගැයින…
1815 දී ජාතියට අහිමිවූ අපේ ජාතික කොඩියද 48 දී නැවත් සදාකාලික ලෙස පවත්නා විදියට යළි යළි බල ගන්නවා ස්ථිර කොට නොඒසවූ නිසා අපට ජාතියක් වශයෙන් කොඩියක්ද නැත.
ඒ වෙනුවට දැනට ඇත්තේ 1953 දී පටිදෙකක් ගසා දේශපාලකයින් හදාගත් බහුජාතික රෙදි කැබෙල්ලක් වූ අප්‍රබංශ නිර්මාණයකි.
මේ අතර යාන්තමින් වසර 24 කට පසු හෝ 1972 දී සිරිමා බන්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් බවට පත්කොට,බ්‍රිතාන්‍ය ග්‍රහණයෙන් අධිකරණයද නිදහස්කොට,සුද්දන්සතු වතු, තෙල් සමාගම් ආදිය ජනසතුකොට එක්තරා අන්දමක ස්වාධීන බවක් රටතුල ඇතිකලාය.
ඒ අනුව ඇත්ත වසයෙන්ම මේ රටට දේශපාලන නිදහස ලබාගත්තේ 1972 මැයි මස 22 දායයි කිවයූතුය. එමනිසා මේ රටේ නිදහසේ මාතාව වසයෙන් උපහාර කලයුත්තේ ඇයට යයි මම සිතමි. එහෙත් අපේ දේශපාලකයින්ගේ කුහක කමේ මහත කොපමනදැයි කිවහොත් අද දක්වාම රටේ සුදුසු තැනක ඇයගේ පිළිරුවක්වත් පිහිටුවා නැත. මා හිතන අන්දමට 1948 ලබා නොගත්, එසේම 48 දී නොලැඹුණු නිදහසක් සිහිකිරීම සදහා ගොඩනැගූ ඊනියා නිදහස් මන්දිරයද දැන්වත් ජනරජයක් බවට පත්වූ දිනය සිහිකිරීම සදහා ජනරජ මන්දිරය වසයෙන් නම්කල යුතුය. ඒ අනුව එම චතුරස්‍රයද ජනරජ චතුරස‍්‍රය වසයෙන් නම්කල යුතුයයි මම යෝජනා කරමි. මේ රටේ නියම නිදහසේ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ පිලිරුව සෑදිය යුත්තේද එහිමය.
නිදහසට පසුවදනක්
පුංචි කාලයේ අපට කියා දී තිබුනේ ලංකාවට නිදහස ලැබුනේ 1948 පෙබරවාරි 4 දා කියලා . ඔහොම සුරන්ගනා කථා කියා අප රවටන්ට පුලුවන්කම ඒ කාලේ තිබුණා. නමුත් හය හතර තේරෙනකොට අපට තේරුනා 48 මේ රටට හා ජනතාවට සැබැ නිදහසක් නොලැබුණු බව. පාසැලේදීත් එහෙම එකක් 48 ලැබුනා කියා උගැන්නුවා. ප්‍රජාචාර පොත්පත්වලත් තිබුනා. වසරක් පාසා පත්තරවලත් මහත් උජාරුවට අතිරේක දැම්මා. වසරක් පාසා ඒ සදහා මහජන මුදල් කෝටිගනන් වැයකොට කලින් කල බලයට ආපු දේශපාලකයින්ගේ පුහු උජාරුව පෙන්වීමට මහජනමුදල් කෝටි ගනන් වැය කරමින් ගෝල්පේස් එක පැත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, රථ පෙලපාලි. ගුවන් සන්දර්ශන, පාසැල් ලමුන් සියදහස් ගානක් කට්ට අව්වේ වේලා පෙලපාලියේ ගෙන යමින් වසරක් පාසා අපේ රටේ දේශපාලකයින් කරන මෙ ජාතික ධන විනාශය මෙන්ම සේතාම්බර පඨසලු නාඩගමක් බව තේරුනේ ලොකු මහත්වී රට තොට ගැන අවබෝධයක් ඇති උනාට පස්සේය.. මම මේ ගැන පළමුවරට ලියන්ට පත්ටන්ගත්තේ 1998 දිවයිනේ නිදහස් දින අතිරේකයෙන්ය .
එවකට දිවයින පුවත්පතේ ප්‍රධාන කතෘවරයා වු මගේ මිත්‍ර උපාලී තෙන්නකෝන් මට ඇරයුමක් කලා ඒ වසරේ නිදහස් දින පුවත්පත් අතිරේකයට ලිපියක් ලියන්ට කියල. ඒ අනුව යැවූ ලිපියෙන් කරුණු දෙකක් මට කියන්ට ඔනෑකලා. පලමු කරුණ 1948 මේ රටට කිසිම නිදහසක් ලැබුනේ හෝ ලබාගත්තේ නැති බව.
දෙවැන්න ජී.ඇල්, පීරිස්, ජයම්පති වික්ක්‍රමරත්න සුසන්යෝගයෙන් හදපු චන්ද්‍රිකාගේ, රට කොටින්ට පාවාදීමේ දේශපාලන පැකේජය (ජේ ආර් පොට්ටනිය වශයෙන් නම්කල) ආදීනව පෙන්වා එය පරාජය කලයුතු.බවය. මගේ යොජනාවක් අනුව එවකට අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්වූ පලීපාන ශ්‍රී චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් සහ රටේ ජාති හිතෂී උගතුන් 50 ක් පමණ අස්ගිරියේ චන්දානන්ද ශාලාවට ගෙන්වා සාකච්චාකොට මවිසින් සංස්කරණය කරනලද පොට්ටනිය පැරෙදවීමට මුලිකවූ ලිපියෙන් හුවා දැක්වුවේ රට හා ජාතිය පාවාදීමක් සිදුවන බැවින් මේ අභිනව පොට්ටේනිය වහාම ඉල්ලා අස්කරගන්නා මෙන් ජනාධිපතිවරියට දැන්වූ ලිපිය ඇතුල්කිරීම.
එම ලිපිය දිවයින පත්තරයේ පලවීමෙන් පසු එය කියවූ කොලඹ වෝඩ් පෙදෙසේ වෛද්‍යවරයෙකු වන ජයන්ත ගුණරත්න ජයතිලක මහතා මට දුරකථනයෙන් කථාකොට එම ලිපිය පොතක් වසයෙන් මුද්‍රණයකලා. ඒ අනුව පොත් 1000 ක් මුද්‍රණයකොට මට 900 එව්වා. මා ඒ වනවිට ජාතික ඒකාබද්ධ කමිටුවේ මහනුවර සාඛාවේ සභාපති.
මා පලමු වතාවට 1948 දී මේ රටට හෝ මහජනතාවට කිසිදු නිදහසක් නොලැබුණු බව ප්‍රකාශකලේ එම ලිපියෙනි.
එදා සිට මේ දක්වා මට ලැබුණු හැම අවස්ථාවකදීම තවත් කරුණු ද එක් කොට මා මේ ගැන ලියා ඇත. විවිධ අවස්ථාවල රැස්වීම්වලදී කථාකොට ඇත. එහෙත් කිසිම රජයකට මා කියන පණිිවිඩය තෙරුම් ගැනීමට අද දක්වාම පුලුවන්වී නැත. අපේ රටේ ජාතිකත්වය අදුනන,ඇත්ත තේරුම් ගන්ට හැකි එසේම ජනමතයට කන්දෙන දේශපාලකයින් නැතිබව එයින්ම පැහැදිළිවේ.
1948 වන විට ආසියාවේම ජපානයට පමණක් දෙවැනි වූ දියුණුම ආර්ථිකය තිබුණු මේ රට වර්තමානයේ ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වන තත්වයට ඇද වැටීම ගැන මේ අනුව අපි කිසිසේත්ම පුදුම විය යුතු නැත.
මෙවැනි අතිශයින්ම සෝචනීය තත්වයක් තිබියදී, මිනිසු සිය දහස් ගනන් මියයද්දී,මුලු රටම සාගතයකින් පෙලෙද්දී,අහස උසට බඩුමිල නගිද්දී මේ වසරේත් 74 වන වරටත් මේ ප්‍රෝඩාව සහ රජ විහිළු සන්දර්ශනය පැවැත්වීමට යලිත් සුදානම් වීමෙන්ම දසක දෙකකුත් වසර තුනක්ම තිස්සේ මා කියන, ලියන මේ කථාව දේශපාලන බීරි අලින්ගේ කන්වලට ඇසුණු බවක් නම් මට නොපෙනේ.
මේ වසරේත් ඉනියා නිදහස් උත්සවය පැවැත්වීම්මට දැන් ලහි ලහියේ රජය කටයුතුකරන බව ඇසේ. මේ ලිපිය පලවන විට සමහරවිටත් ඒ සේතාම්බර පටසලු සන්දර්ශනයහමා රවී තිබිය හැක. එහෙත් මාගේ මේ තනි සටන කවදාහෝ දිනන බව මට ස්ථිර වසයෙන්ම විශ්වාසය . එබැවින් එය දිනන තුරු හෝ මා මැරෙනතුරු හෝ මගේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සහ ශාසනය වෙනුවෙන් මම දිගටම හුදකලාවම හෝ ඒකචාරි සින්හයකු මෙන් මෙම සටන ගෙනයමි
මෙම ලිපිය අවසන් කිරීම සන්දහා අවසාන වසයෙන් මේ ඇස්නැති, කන් නැති හිතන්ට ඔලුවක් නැති, එසේම ගඳ සුවඳ නොදැනෙන දේශපාලකයින් සියලුදෙනාගෙන්ම පහත සදහන් ප්‍රශ්න කීපය මම අසමි.
විදේශ ආධිපත්‍යකින් කිසියම් රටකට නිදහස ලබෙනවා කියන්නේ මොකක්ද?.
1948 දී ලැබුනායයි කියන නිදහස එසේම එදා සිට මෙදා දක්වා ජාතියේ අපමණ ධනස්කන්ධයක් වැයකොට මහත් උජාරුවෙන් සමරණ ජාතික නිදහස තියෙන්නේ කොහේද?, එය ලැබී ඇත්තේ කාටද.මාරුවෙන් මාරුවට දේශපාලනය කරන අයට පමනක් නොවේද?.
වසර 2500 කට වැඩි ඉතිහාසයක් තිබී 1815 දී අපට අහිමිවූ ,1815 දි සුද්දාට භාරදෙනකොට සිංහලේ රාජධානිය සතුව තිබුණු, සෝල්බරී ව්‍යවස්ථාවෙන්ම මුස්ලිම් මිනිසුන්ට භාරදුන් මාලදිවයින් ඇතුලු සිංහලේ රාජධානිය 1948 දී අපට ආපසු ලැබුනාද?.
1815 පැවති රටේ නම වූ සිංහලේ කියන නමවත් (සුද්දා සින්හලයින්ගේ රට යන අරුතෙන් එය සිලොන් කී) ආපසු 1948 දී ලබාගත්තාද?.
1815 මේ රටේ රාජ්‍ය භාෂාව වූ සිංහල භාෂාව අදවනතුරුත් මේ රටේ රාජ්‍ය භාෂාව, පාලන හා අධිකරන භාෂාව වශයෙන් ස්ථාපිත වුනාද?.
රාජ්‍ය ආගම වූ බුද්ධාගමට නිසිතැන ලබුනාද?.
1815 සුද්දට භාරදුන් ලක් පොලවේ නිරවුල් භුක්තිය 48 දී ලබාගත්තාද, අදවනතුරුත් නැති බව ඔබ දන්නවාද?.
1815 වනතුරු රටේ ජාතිය වසයෙන් හැදින්වූ සිංහල ජාතිය යන නමවත් 48 දී ලබාගත්තාද?.
ඉතිහාසයේ වරින් වර පැමිණි සහ සුද්දන් ඔවුන්ගේ වතුවල සහ ව්‍යාපාරවල වැඩට ඉන්දියාවෙන් ගෙනා සුද්දන්ගේ වහල්ලු මේ රටෙන් සුද්ද්දන් යනවිට ආපසු ගෙනියන්ට කියා බලකොට සිංහලයාගේ ජන්ම භූමිය නිදහස් කරගත්තාද?.
සුද්දාගේ පාලනය සදාලිකවම තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාම සදහා අයිවෝ ජෙනින් විසින්, මේ රට බෙදා පාලනය කිරිම, දෙමල සහ මුසල්මානු සුලුජන කොටස් 29 වන වගන්තියෙන් බලවත්කොට සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය මේ රටින් තුරන් කිරීමේ මරඋගුල වශයෙන් සකස්කල සෝල්බරී විවස්ථාව අනුවම එන්ගලන්තයේ සුද්දන්ගේ නියොජිතයින් වන කලු සුද්දන් විසින්ම තවදුරටත්මේ රට පාලනය කරන බව ඔබ දන්නවාද?. ඒ මරඋගුඋලෙන් ගැලවී මේ රටේ පාලනයට පදනම වියයුතු රටට ගැලපෙන රටේ 2500 ශිෂ්ටාචාරයේ පදනම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තාමත් හදගත්තේ නැති බව ඔබ දන්නවාද.?
ඉන්දියාව තම ව්‍යවස්ථාව හදන්ට පටන්ගත්තේ 1935. ඒක භාර කලේ ශ්‍රේඨෂ්ඨ භාරත පුත්‍රයෙකු වූ ඇම්බෙඩ්කාර්ට බව ඔබලා දන්නවාද?.
අපගේ දෙශයට හා සංස්කෘතියට ආවේනික වු ශිෂ්ටාචාරය මත පදනම්වූ නීති ක්‍රමයක හා පාලන ක්‍රමයක අවශ්‍යතාවය ගැන ඔබ සිහිනෙන් හෝ සිතා තියෙනවාද?.
1948 ඊනියා නිදහස ලැබී වසර 74 ක් ගතවීත් 2500 පුරා මේ රටේ ශිෂ්ටාචාරයේ ගොඩනැගූ, ඉන්දීය සහ බටහිර ආක්‍රමනිකයින්ගෙන් සිය ජීවිත පුදා රට ජාතිය බේරාගත් භූමිපුත්‍රයින්වු උඩරට සාඩම්බර ගැමියන්ගේ අහිමිවූ උරුමයන් හා අයිතිවාසිකම් ආපසු ලබා ගත්තාද?. විශේෂයෙන්ම එවකට උඩරට රාජධානියේ සිංහල මිනිසුන්ගේ ඉඩ ද කඩම් ආපසු ලබා දුන්නාද?.අද ඒ ඉඩම් සියල්ල ඉන්දීය වතු කම්කරුවන්ට සින්නක්කර කරදී හමාර බව ඔබ දන්නවාද?.
ඊනියා නිදහසින් පසු 74 වසරක් ගතව ඇතත් ස්වාධීන, ස්වෛරි හා සැබෑ නිදහස් රටක් ඔබලා මේ පොලව මත ස්ථාපිත කරගත්තාද?.
1948 දී නිදහසක් ලැබුණානම් 1961 දි රජයට විරුද්ධව ලියනගේ ඇතුලු කන්ඩායම කළ කුමන්තරණය සහ 1971 දී ජා. වි.පෙ කැරැල්ලද රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කරනලද කුමන්ත්‍රණ වශයෙන් හැදින්වුයේ ඇයි?. 1948 දී නිදහස ලබා තිබුණානම් 62 රාජ්ය විරොධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සලයෙන් නිදහස් කලේ කොහොමද?.
1947 දී ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබාගත් භාරතය 1951 දී ජනරජයක් වශයෙන් ප්‍රකාශ කලානම් 1972 දී බන්ඩාරනායක මැතිනිය කරනතුරු වසර 24 ක් තිස්සේ කිසිවෙකු එය නොකලේ ඇයි?.
1977 දී බලයට පත්වූ ජේ ආර් මැයි 22 ජනරජ දිනය අවලංගු කොට නැවතත් පෙබරවාරි 4 නිදහස සැමැරීම ඇරැඹීය.
නිදහස් පක්ශයේ පියා වූ බන්ඩාරනායකගේ අතිජාත දුවනිය වූ චන්ද්‍රිකා 1994 දී බලයට පත් වුවද බටහිර ගැති සෝබෝන් මානසික ඇයද නැවතත් පෙබ 4 ම නිදහස් දිනය පැවැත්වීය. ඉන්පසු බලයට පැමිණි ශ්‍රී ලංකා පක්ශයේ බලකණුව වූ මහින්ද රාජපක්ෂද පෙබරවාරි 4 ම කිසිදාක නූපන් දරුවාගේ උපන් දිනය පැවැත්වීම දිගටම කලේය. යහපාලන රජයේ රනිල් -සිරිසේන යුගලයද එයම කලහ. ඉන්පසු යලිත් බලයට පත් වූ ශ්‍රී ලන්කා රාජපක්ෂලාද පෙබරවාරි 4 ටම පෙම්බැදි බව අදටත් පෙනේ. කිසිදාක අපට නොලැබුණු ඒ නිදහස පෙබරවාරි 4 ම පැවැත්වීම කොතරම් නම් අවාසනාවන්තද?. පෙබරවාරි 4 ජෙන්නින්ස්ගේ බිරින්දගේ උපන්දිනය බවවත් අපේ දේශපාලකයින් දන්නවාද?
වැටත් නියරත් යන දෙකම ගොයම් කානම් කාට කියමු ද ඒ අමාරුව. පරගැති බහුජාතික සහ බහුආගමික එ.ජා,ප. එසේ කිරීම ගැන අපි මවිත නොවෙමු 1972 දී පලමු වතාවට ජාතීයට නිදහස ලබාදුන් ජාතියේ නිදහසේ සැබෑ මාතාවවූ බන්ඩාරනායක මැතිනියගේ තුරුළේ හැදුණු වැඩුණු අයම මේ අයුරින් ඒ උතුම් ලක් මාතාව, නූතන විහාරමහාදේවිය පාවා දීම අපටනම් කිසි ලෙසකින් අනුමත කල නොහැක. සිංහල ජාතිය මෙවැනි නිවට නියාලු, ගඳ සුවඳ නොදැනෙන කෘතගුන නොදන්නා පරගැති දැයක් වූයේ කෙසේදැයි මටනම් කිසිසේත්ම අදහාගත නොහැක.
බන්ඩාරනායක ඝාතනයෙන් පසු මැතිනිය පනදුන් ශ්‍රී ලන්කා නිදහස් පක්සයේ තිඹිරිගෙයින්ම උපන් එසේම ඒ තොටිල්ලේම හැදුනු වැඩුණු උදවියම ඇය විසින් ජාතියට දායාදකළ මැයි 22 ජනරජ දිනය අවලංගු කොට පරගැති එ.ජා.ප. යේ ඕනෑ එපාකම් සපුරමින් විළිලජ්ජා නැතිව සුද්දියකුගේ උපන් දිනය සැමරීමට සිංහල ජාතියේ ජාතික අහිමානය මේ අන්දමින් විනාශකරමින් අපගේ මේ උදාර ජාතිය පවාදීම අපි කෙසේනම් ඉවසා සිටිමුද?.
සිංහල ජාතියේ නමින් මෝරිටිස් දිවයිනේදී පර සුද්දන්ගේ සිරකරුවකු වශයෙන් 1829 දී අවසන් හුස්ම හෙලූ ඇහෙලේපොල වීර මහ අධිකාරම් තුමනි ”සැරයටියක ආධාරයෙන් නැමීගෙන මෝරිටිස් පොලෝමත ඇවිදිමින් ඔබතුමා සෙවූ ඔබේත් අපේත් රටේ හා ජාතියෙත් 1815 දි ජාතියක් වශයෙන් අපට අහිමිවූ ඒ සැබෑ නිදහස ලක්පොලොව සිසාරා සොයමින් අදත් අපි හඬමින්, වැළපෙමින් ඇවිදිමු”….
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර