Spread the News

 

පොංගු තමිල් අංක 2 යාපනයේ?

source :

* අල්ජසීරාහි ස්‌ටීව් චාඕගේ යාපනය රංගනය

* රජිව් ඝාතකයන්ව එල්ලුවොත් තමිල්නාඩුව
වෙනම රටක්‌ වන බවට වයිකෝ තර්ජනය කරයි

* සිවිල් වැසියන්ව මිනිස්‌ පලිහක්‌ ලෙස යොදාගත්
ත්‍රස්‌තවාදීන් ද යුද අපරාධවලට වගකිව යුතුයි
– නව ඊශ්‍රායල් තානාපති

* ඕස්‌ටේ්‍රලියාවේ එස්‌.බී.එස්‌. ගුවන්විදුලියේ නිහඬවීම

* හොර ගුවන්විදුලි මධ්‍යස්‌ථානවලට ට්‍රාන්ස්‌මීටර් සැපයුවේ කවුද?

* නවදිල්ලියේ ද්‍රවිඩ සමුළුව අසාර්ථක වේ

* ස්‌වයංපාලනය ලබාදෙන්නැයි ද්‍රවිඩ කොංග්‍රසය
ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි

* කොටි පරාජය කළ නොහැකි යෑයි පැවසූ
ව්‍යාජ යුද මහාචාර්ය කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ
සිසුන්ට ද පාඩම් උගන්වයි

* එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ගෙන් තොරතුරු විමසීම සඳහා
රොබට්‌ බ්ලේක්‌ යළි මෙරටට පැමිණේ

* ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකින් ද්‍රවිඩ සිවිල් වැසියන්
මැරෙනතුරු කැනඩා කොටි ජාලය බලා සිටී

* ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුමින් මානව හිමිකම්
උල්ලංඝනය කළ ඉන්දියාව ශ්‍රී ලංකාව මානව හිමිකම්
උල්ලංඝනය කළ බව කියමින් පරීක්‍ෂණ ඉල්ලයි

අපි හය මසක්‌ තිස්‌සේ සාකච්ඡා කළා. නමුත් ප්‍රතිඵලයක්‌ නැහැ.
මේ නිසා විකල්ප ක්‍රමවේදයක්‌ දියත් කරනවා
– ආර්. සම්බන්දන් ද්‍රවිඩ සන්ධාන නායක

මේ විකල්ප ක්‍රමවේදය යනු
බලවත් සිවිල් අරගලයක්‌ ගොඩනැඟීමයි – කොටි වෙබ් අඩවිය


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නච්චිකුඩා නාවික හමුදා කඳවුර ආරම්භ කළ අවස්‌ථාවයි මේ

ඕස්‌ටේ්‍රලියානු ගුවන් හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු වූ ගුණරත්න ද විදේශ හමුදා අභ්‍යාස සඳහා මෙරටට පැමිණ සිටි අයුරු.


ස්‌විට්‌සර්ලන්තයේ යළිත් කොටි රංගනය

ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් පසුගිය සෙනසුරාදා යාපනයේදී ප්‍රාදේශීය සභාවලට අලුතින් පත්වූ දේශපාලකයන්ව අමතනු ලැබීය.

“රජය සමග සාකච්ඡා කළත් ලැබුන ප්‍රතිඵලයක්‌ නැතැයි ද තවදුරටත් බලා සිටිය නොහැකි බවත් ඔහු එහිදී පැවසීය. සම්බන්දන් රජයෙන් ඉල්ලා සිටියේ ෂයිලොක්‌ නමැති යුදෙව්වා මෙන් මස්‌ රාත්තලමය. ඒ පොලිස්‌, ඉඩම් බලතල ඇතුළු උතුර නැගෙනහිර සියලුම පාලනයයි. මේ බලතලවලට අමතරව මුදල් බලතල ද උතුරේ සියලුම සම්පත්වල හිමිකම ද දිය යුතුය. එහෙත් රජය මෙවන් බලතල නොදෙන බව තේරුම් ගත් ද්‍රවිඩ සන්ධාන නායකයා විකල්ප ක්‍රමවේදයක්‌ දියත් කරන බව පවසා ඇත.

වන්නිය නියෝජනය කරන ෂිවශක්‌ති ආනන්දන් නමැත්තා මේ විකල්ප ක්‍රමවේදය ලෙස බලවත් සිවිල් අරගලයක්‌ මෙහෙය වන්නැයි කියා සිටින බව නෝර්වේ කොටි වෙබ් අඩවියේ සඳහන් විය.


අල් ජසීරාහි ස්‌ටීව් චාඕගේ “කොටි හඬ”

සම්බන්දන්ගේ මේ ප්‍රකාශයට පැය 24 කට පෙර යාපනයේ සිටි අල් ජසීරා රූපවාහිනියේ නියෝජිත ස්‌ටීව් චාඕ ප්‍රකාශයක්‌ කරමින් යුද හමුදාවේ බලපෑම් සම්බන්ධයෙන් ද්‍රවිඩයන්ගේ ක්‍රෝධය එල්ලවී ඇතැයි කියා සිටියේය. (Tamil anger at Army’s influence) ස්‌ටීව් චාඕ එතනින් නතර වූයේ නැත. තමා සමග පැයක්‌ ගත කරන ලෙස හමුදා සෙබළුන් ද්‍රවිඩ කාන්තාවන්ට පවසන බවද ඔහු සඳහන් කළේය. එසේම හමුදා නිලධාරීන්ගේ අතවරවලට ලක්‌වූ කාන්තාවන්ව තමන්ට හමුවූ බවද හෙතෙම තවදුරටත් පළ කළේය.

කටාර් රාජ්‍යයේ සිට විසුරුවා හරින අල්ජසීරා රූපවාහිනිය නියෝජනය කරන ස්‌ටීව් චාඕට එවන් කාන්තාවන් හරියටම හමුවූයේ කෙසේද යන්න පුදුමයක්‌ නොවේද? ඒ සමගම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු ශ්‍රී කූගන්ගේ ස්‌විස්‌ වෙබ් අඩවිය පුවතක්‌ විකාශනය කරමින් ද්‍රවිඩ වීරයා වූ ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරේ නිවස හමුදාව විසින් විනාශ කර ඇතැයි පළ කළේය.

මේ අතර පසුගිය සඳුදා (22 දා) රාත්‍රි කඩු, මුගුරු ගත් විශාල පිරිසක්‌ යාපනයේ නවන්තුරෙයි හමුදා කඳවුරට කඩාවැදීමට දැරූ උත්සාහයක්‌ ව්‍යාර්ථ කෙරිණි. ගී්‍රස්‌ යකුන් කීප දෙනකු එම කඳවුරට ඇතුළු වූ බව කියමින් මෙම කලහකාරීන් පිරිස නවන්තුරේ කඳවුරට කඩාවැදීමට උත්සාහ කළේ 2002 දියත් වූ පොංගු තමිල් ක්‍රමවේදයටය.

2002 අප්‍රේල් 18 වැනිදාත්, 2003 ජුනි 27 වැනිදා සහ 2005 සැප්තැම්බර් 30 වැනිදා දියත් වූ මේ පොංගු තමිල් ක්‍රමවේදය වූයේ උතුරින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීමය. (Withdraw all army Camps) මෙහි පසුබිමේ සිටියේ ද්‍රවිඩ සන්ධානයයි. පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසකට එකවරම කඩු, මුගුරු ලැබීම තුළින් සනාථ වූයේ නවන්තුරේ කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීම සැලසුම් සහගතව දියත් වූ බවයි.

මේ අන්දමට මන්නාරමේ පේසාලෙයි නාවික කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට ද්‍රවිඩයන් පිරිසක්‌ උත්සාහ දරා තිබිණි. යාපනයේදී සාවද්‍ය ගී්‍රස්‌ යකුන් මුවාවෙන් පොංගුතමිල් ක්‍රමයට හමුදා කඳවුරට පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධියේදී 102 ක්‌ අත්අඩංගුවට ගැනුණි. මොවුන්ව මුදාහරින ලෙස ඉල්ලමින් සැකකරුවන්ගේ ඥතීහු යාපනයේ මානව හිමිකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්‌ පැවැත්වුවත් පොලිසිය එම ඉල්ලීම ඉටු කළේ නැත. කලහකාරී ලෙස හැසිරෙමින් හමුදා දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ එකී පිරිස බන්ධනාගාරගත කෙරිණි. මේ සිද්ධීන් සැලවීමත් සමග ද්‍රවිඩ දේශපාලකයන් දෙදෙනෙක්‌ ද සැකකරුවන්ගේ ඥතීන් හමුවී තිබේ. නවන්තුරේ හමුදා කඳවුරට එල්ල කිරීමට ගිය ප්‍රහාරය ව්‍යාර්ථවීමත් සමග පසුගිය අඟහරුවාදා අලුයම කොටි නිල වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකා හමුදාව යාපනය තුළ භීෂණය පතුරුවන බවට තවත් සාවද්‍ය පුවතක්‌ විකාශනය කෙරිණි. මේ අතර නැගෙනහිර සිදුවීම් සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා සහ මුස්‌ලිම් ආගමික නායකයන් අතර සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ආරක්‍ෂක ලේකම්වරයා තමා වෙත ලත් තොරතුරු හෙළි කළේය. ඉන් කියෑවුණේ ඌරු මස්‌ අනුභව නොකරන කාන්තාවන්ගේ ලේ ලබාගැනීමට ගී්‍රස්‌ යකුන් කටයුතු කරන බවත් එම ලේ ගන්නේ ජනාධිපතිට පූජාවක්‌ පැවැත්වීමට බවටත් තොරතුරු ප්‍රචාරය වූ බවයි.

මේ සිද්ධිය සත්‍යයක්‌ නම් තමා ලේ දීමට සූදානම් යෑයි ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේය. එසේම ගී්‍රස්‌ යකුන් දුටුගැමුණු රජුගේ කඩුව සොයන බවට ද තවත් ප්‍රචාරයකින් කියෑවිණි. මෙයට ප්‍රතිචාර දැක්‌වූ ආරක්‍ෂක ලේකම්වරයා නැගෙනහිර ප්‍රදේශය වෙත දුටුගැමුණු රජු ගිය බවට ඉතිහාසයේ නැතැයි පවසා ඇත. “හමුදා කඳවුරු වැටලීමට ඉඩදිය නොහැකිය. එය බරපතළ වැරැද්දක්‌. එවිට සෙබළුන් ප්‍රතිචාර දක්‌වනවා”යෑයි ආරක්‍ෂක ලේකම්වරයා පළ කළේය.

නීති විරෝධී කණ්‌ඩායම්වලට දිය හැකි උපරිම දඬුවම් දෙනවා. දූෂ්‍යමාන ආරංචිවලට රැවටී ආරක්‍ෂක හමුදා කඳවුරුවලට පහරදීමෙන් වළකින්න කියා ඔබලා ජනතාවට පවසන්න යෑයි ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් මුස්‌ලිම් ආගමික නායකයන්ට කියා සිටියේය. එහෙත් නාවික සහ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම පසුපස සැඟවුණු වැඩපිළිවෙළක්‌ ඇති බව සනාථවේ. මෙයට කලකට පෙර නාවික ඒකකයක්‌ ඔලුවිල් වරායේ ස්‌ථානගත කිරීමට සූදානම් වෙද්දී මූලධර්මවාදීහු ඊට එරෙහි වූහ. කින්නියා නාවික කඳවුරට ගල් ගැසූ පිරිස එම කඳවුර ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේ ජනතාව වෙනුවෙන්ද? කින්නියා පිහිටා ඇත්තේ ත්‍රිකුණාමල වරාය කේන්ද්‍රස්‌ථාන කරගෙනය. මේ කඳවුර ඉවත් කළහොත් හිටපු ත්‍රස්‌තයන්ට යළි ඒකරාශීවීමේ මඟ පෑදේ. එසේම පසුගිය කාලය තුළ මෙරට ප්‍රදේශ රැසක අන්තවාදීන්ගේ හොර ගුවන්විදුලි මධ්‍යස්‌ථාන රැසක්‌ ක්‍රියාත්මක විය. මේ එම ගුවන්විදුලි සේවාවන්ය. පුත්තලම් එෆ්.එම්., නිව් මූන් එෆ්.එම්., කාතන්කුඩි එෆ්.එම්., කල්පිටිය එෆ්.එම්., කල්කුඩා එෆ්.එම්., නිව් රයිස්‌ එෆ්.එම්., කල්මුනෙයි එෆ්.එම්., බේරුවල එෆ්.එම්.

මෙලෙස නැගෙනහිර පවත්වාගෙන ගිය එක්‌ හොර ගුවන්විදුලි සේවාවක්‌ පොලිසිය වැටලූ අවස්‌ථාවේ එය පවත්වාගෙන ගිය තැනැත්තා පැවසුවේ තමා රජයේ ගුවන්විදුලියේ නියෝජිතයකු බවය. එහෙත් පොලිසිය ඒ ගැන සැකකර තවදුරටත් විමර්ශනය කිරීමේදී ඔහු අම්පාර වාර්තාකරු බවත් හෙළි විය. මොහු සතුව තිබී අල්ලා ගත් ට්‍රාන්ස්‌මීටර් යන්ත්‍රය ඇතුළු උපාංග රුපියල් මිලියන 10 ක්‌ වටිනා බවත් සපයා ඇත්තේ මැදපෙරදිග රටකින් බවත් අනාවරණය විය. පුත්තලමේ සිද්ධිය ද සාවද්‍ය ගී්‍රස්‌ යකාට මුවාවී සිදුවූවකි. එහිදී මුස්‌ලිම් කලහකාරීන් නිරායුධ පොලිස්‌ භටයකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කළහ. යම් ලෙසකින් සිංහල ගම්වාසීන් අතින් මෙවන් දෙයක්‌ සිවූවා නම් මූලධර්මවාදීන් රඟ දක්‌වන නාටකය පැහැදිලිය.

බණ්‌ඩාර නමැති මේ පොලිස්‌ භටයා ඝාතනයවීම ගැන කිසිම මුස්‌ලිම් සංවිධානයක්‌ සමාව ඇයද සිටියේ නැත. එහෙත් රහස්‌ පොලිසිය එකී ප්‍රදේශයට ගොස්‌ ඝාතනයට සම්බන්ධ විසි දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. මේ සතියේ ආරක්‍ෂක කරළිය තුළ මෙවන් තොරතුරු හෙළිවෙද්දී රත්මලානේ කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේදී සමුළුවක්‌ පැවැත්විණි. මේ සමුළුව ඇමතුවේ කොටි ත්‍රස්‌තවාදය ජයගත නොහැකි යෑයි (War cant be won) ප්‍රසිද්ධියේ පැවසූ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ව්‍යාජ යුද විශේෂඥයායි. කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන සිසුන් මේ තැනැත්තාගේ පසුබිම නොදනී. “එන්.ජී.ඕ. උපදේශක කාර්යාංශයක්‌ මෙන්ම කොටි ප්‍රචාරයට මුහුණදිය හැකි ඩයස්‌පෝරා කාර්යාංශයක්‌ පිහිටුවිය යුතු”යෑයි කියමින් ඔහු දේශනයක්‌ පැවැත්වීය.

ජනතාව රැවටිය හැක්‌කේ එක්‌ වතාවක්‌ පමණි යෑයි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා වරක්‌ කියා සිටියේය. එහෙත් අද මෙරට සිදුවන්නේ කුමක්‌ද? ඒ යුද්ධය උග්‍රව පවතින අවස්‌ථාවේ රටේවත් නොසිටි මෙවන් ව්‍යාජ ත්‍රස්‌ත මර්දන ඔස්‌තාර්ලා ආරක්‍ෂක අංශ රැවටීමයි. ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ රුද්‍රකුමාරන්ව මෙරටට ගෙන්වන ලෙසත් කොටින්ව නිදහස්‌ කරන්න යෑයි පැවසුවේත් මොහුයි. මේ අතර මෙරට එන්.ජී.ඕ. ප්‍රධානීන් මෙරට දේශපාලනයට සහ ආරක්‍ෂාවට මැදිහත්වී ඇති බව තවදුරටත් සනාථ විය. ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා නතර නොවන්නාක්‌ මෙන් එන්.ජී.ඕ. ප්‍රධානීන් ද උතුර නැගෙනහිර වෙනම රටක්‌ කිරීමට උත්සාහ කරති.

උතුරට බලය විමධ්‍යගත කිරීමක්‌ අවශ්‍ය නැතැයි ආරක්‍ෂක ලේකම්වරයා පසුගියදා ඉන්දීය රූපවාහිනි සේවාවන් අමතා පවසා තිබිණි. මෙයට ප්‍රතිචාර දැක්‌වූයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති එන්.ජී.ඕ. සංවිධානයේ ප්‍රධානියායි. රජය ද්‍රවිඩ හා මුස්‌ලිම් දේශපාලන නියෝජනයට බරපතළ අභියෝගයක්‌ යෑයි ඔහු දන්වා ඇත. මේ අතර 2010 ත්‍රස්‌තවාදය මැයෙන් වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙලෙස දක්‌වා තිබේ. “කොටි සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් තවදුරටත් අවි ආයුධ මිලයට ගන්නා අතර ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඊට අරමුදල් සපයයි. කොටි සංවිධානය පරාජයවීමෙන් පසු ඉන්දියාවේ සිටින කොටි ක්‍රියාකාරීහු නැවත ඒකරාශීවීමට උත්සාහ කරති. තමිල්නාඩුවේ දුම්රිය ප්‍රහාරයට සම්බන්ධ වූයේත් කොටි ක්‍රියාකාරීන්ය. මේ වසරේ මාර්තු මස කොටින්ට අරමුදල් එකතු කිරීමට උත්සාහ කළ ද්‍රවිඩ සංක්‍රමණිකයන් හය දෙනෙක්‌ අත්අඩංගුවට ගැනුණි.

කැනඩා කොටි ජාලයේ ප්‍රධානතම සගයකු වූ එන්.ඩී.වී. පක්‍ෂයේ ජැක්‌ ලේටන් ද මේ සතියේදී අභාවප්‍රාප්ත විය.

වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා හෙතෙම දැඩි ලෙස උත්සාහ කළේය. කැනඩා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්‌ ද ගෙන ආවේය. ජැක්‌ ලේටන්ගේ හදිසි වියෝව ගැන ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත් ගැරී ආනන්දසංගරී ඇතුළු කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය ද වැලපිනි. මේ පසුබිම මැද චැනල් 4 සාවද්‍ය වීඩියෝ පටය නවසීලන්තයේ පාර්ලිමේන්තුව තුළ ද ප්‍රදර්ශනය විය. එරට ගී්‍රන් පක්‍ෂයේ කෙයින් ලොනේ සහ ලේබර් පක්‍ෂයේ මාර්සන් ස්‌ට්‍රීම් යන මන්ත්‍රීවරුන් මෙම චිත්‍රපටය තිරගත කිරීමට සහාය වී ඇත. මේ අතර නවදිල්ලියේ පැවැති ද්‍රවිඩ පක්‍ෂ සමුළුව තීරණයකින් තොරව නිමා විය. මෙම සමුළුවේදී ද්‍රවිඩ කොන්ග්‍රසය නියෝජනය කළ ගෙ-න්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ කඡේන්ද්‍රන් සෙල්වරාජාට ශ්‍රී ලංකාව තුළ ස්‌වයංපාලනය ඇති කර රට දෙකඩ කිරීමට අවශ්‍ය වුවත් එම යෝජනාව අසාර්ථක විය. ඊ.පී.ඩී.පී. නායක දේවානන්ද සහ පිල්ලෙයාන් මේ සමුළුවට සහභාගි වී නැත. මෙලෙස විටින් විට ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ ඇති කිරීමට ඇතැම් දේශපාලනඥයන් උත්සාහ කරන අවස්‌ථාවේ ලන්ඩනයේ කොටි රූකඩය වූ බී.බී.සී. සේවාව විසින් උතුරේ විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුවන බව ප්‍රචාරය කර ඇත. (Mass arrest following attack on military Camp)

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ලන්ඩන් සිට ලිවර්පුල් දක්‌වා වෙළඳසල් ගිනි තබමින් කොල්ලකැ පිරිස්‌ විශාල ලෙස අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය ක්‍රියා නොකළේ ද යන්නයි. මේ පසුබිම මැද රජිව් ගාන්ධි ඝාතකයන් තිදෙනකු මරණ දඬුවමින් බේරා ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය ක්‍රියා නොකළේ ද යන්නයි. මේ පසුබිම මැද රජිව් ගාන්ධි ඝාතකයන් තිදෙනකු මරණ දඬුවමින් බේරා ගැනීමට තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ නායක වයිකෝ දැඩි උත්සාහයක යෙදී ඇතැයි වාර්තා විය. “රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ ශාන්තන් මුරුගන් සහ පෙරසිරිවාලන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් තමිල්නාඩුව වෙනම රටක්‌ බවට පත්වෙනවා”යෑයි වයිකෝ තවදුරටත් පවසා ඇත.

ඕස්‌ටේ්‍රලියාවේ ඒ.බී.සී. රූපවාහිනී සේවාව විසින් චැනල් 4 වීඩියෝ පටය විකාශනය කරමින් කොටින්ට ඒකපාක්‍ෂිකව ප්‍රචාරයක්‌ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්වූ විරෝධතාව ගැන ඕස්‌ටේ්‍රලියාවේ එස්‌.බී.එස්‌. සිංහල ගුවන්විදුලිය විසින් කිසිදු ප්‍රකාශයක්‌ නොකළේ මන්ද යන්න මවිතයට කරුණක්‌ වී ඇත.

ඕස්‌ටේ්‍රලියානු කොටි ත්‍රස්‌තයන් ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශසහගත ප්‍රචාර දියත් කරද්දී මේ ගවන්විදුලිය මුනිවත රැක්‌කා යෑයි ඕස්‌ටේ්‍රලියාවේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් පවසති. මේ ගුවන්විදුලි සේවාවේ ක්‍රියා කලාපය මෙරට බලධාරීන්ට ද වාර්තා විය. ශ්‍රී ලංකාව සඳහා වූ නව ඊශ්‍රායල් තානාපති ඇලොන් උෂ්විස්‌ මේ සතියේදී ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. “ත්‍රස්‌තවාදීන් සිවිල් වැසියන්ව මිනිස්‌ පලිහක්‌ ලෙස යොදා ගන්නේ නම් ඔවුන් ද යුද අපරාධ සඳහා වගකිවයුතු”යෑයි හෙතෙම කියා සිටියේය.

කිසිම වාතාවරණයක්‌ යටතේ විදේශ මැදිහත්වීම් අපි පිළිගන්නේ නැහැ”යෑයි නව ඊශ්‍රායල් තානාපතිවරයා පළ කළේය. මේ අන්දමේ තොරතුරු හෙළිවෙද්දී කින්නියා නාවික කඳවුරට ගල් ගැසීමේ සිද්ධිය හා ඊට අදාළ සිදුවීම් ගැන පසුගිය ආරක්‍ෂක විශේෂාංගයෙන් අන්තවාදී මුස්‌ලිම් සංවිධාන ගැන අපි හෙළි කළ තොරතුරු මෙරට අංක එකේ එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකුගේ උදහසට ලක්‌වී ඇත. මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා වෙනින් කවුරුත් නොව මෙයට වසර කීපයකට පෙර නැගෙනහිරට ගොස්‌ කරිකාලන් නමැති ත්‍රස්‌තයා හමුවී සාකච්ඡා කළ තැනැත්තායි.

මේ අතර නවදිල්ලි ද්‍රවිඩ සමුළුව අසාර්ථකවීම නිසා කනගාටුවට පත් ද්‍රවිඩ කොංග්‍රසය නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් ද්‍රවිඩයන්ගේ ආරක්‍ෂාව සඳහා ස්‌වයංපාලනය අවශ්‍ය බවත් එය ලබාදෙන ලෙස ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් දන්වා ඇත. මේ වාතාවරණය මැද ත්‍රිකුණාමල මන්ත්‍රීවරයකු වූ තව්පික්‌ කින්නියේ සිටින අතිරේක හමුදා භටයන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ කුමක්‌ සඳහාද?

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ලබන සතියේදී මෙරටට පැමිණේ. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වන්නේ “ගී්‍රස්‌ යකා” පිළිබඳ හා උතුරේදී හමුදා කඳවුරකට ප්‍රහාර දුන් ද්‍රවිඩයන් අත්අඩංගුවට ගැනීම ගැන විමසීමටත්ය. බ්ලේක්‌ ශ්‍රී ලංකාවේදී දේශපාලන ක්‍රියාකාරීන්, එන්.ජී.ඕ. ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල සිසුන් ද හමුවී සාකච්ඡා පවත්වනු ඇතැයි වාර්තාවේ. හය වැනි වතාවටත් මෙරටට පැමිණෙන බ්ලේක්‌ ෙද්‍රdaහියාගේ අරමුණ ශ්‍රී ලංකාව යුද අපරාධකරු බවට පත් කිරීම බව පැහැදිලිය. මේ අතර ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා එරට පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකා රජය හදිසි නීතිය ඉවත් කළ යුතු බවත් ද්‍රවිඩයන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශනය කළ යුතු බවත් පවසා ඇත.

මෙය ඉන්දීය ආධිපත්‍යය ශ්‍රී ලංකාවට යොමුවීම බ්ලේක්‌ගේ පැමිණීම හා ඉන්දීය ප්‍රකාශය අතර දැඩි සබඳකමක්‌ ඇතැයි මින් සනාථ නොවන්නේද? මෙයට වසර ගණනකට පෙර ඉන්දීය හමුදාව සික්‌ රන්දෙවොල ත්‍රස්‌තයන්ගෙන් මුදා ගැනීමට ඔපරේෂන් බ්ලූස්‌ටාර් මෙහෙයුම දියත් කළේය. එහිදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය විය. ඉන්දීය සාම හමුදාව වැල්වැටිතුරේ සමූල ඝාතනයට සම්බන්ධ විණි. මේ ගැන පරීක්‍ෂණ පැවැත්වුණේද? මේ තත්ත්වය මැද කැනඩා කොටි ජාලය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකින් ද්‍රවිඩ සිවිල් වැසියන් මියයන්නේ කවදාද යන්න පුන පුනා බලා සිටින බව හෙළිවී ඇත. එවන් සිද්ධියක්‌ අපේක්‍ෂා කරමින් දැවැන්ත විරෝධතාවක්‌ සඳහා අඩිතාලම සකස්‌ කර ඇත. (Ground work) ඊට අවශ්‍ය බැනර් හා විරෝධතා පුවරු ද සූදානම් වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සතියේදී නච්චිකුඩාහි නාවික කඳවරක්‌ ස්‌ථානගත කළේය. මන්නාරම් – පුනරීන් මාර්ගයේ පිහිටි මේ කඳවුර අතිශයින්ම උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකි. කොටි මෙයට වසර කීපයකට පෙර ලයන් එයාර් ගුවන් යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කළේ මෙම ස්‌ථානයේ සිටය.

කීර්ති වර්ණකුලසූරිය