ද්‍රවිඩ දේශපාලන නායකයන් හැසිරෙන්නේ පොලිස් හා ඉඩම් බලතල නොමැතිව ඔවුන්ට දේශපාලනයක් නොමැති ලෙසිනි. එයද වරදකි. වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයා බිහිකළ පොලිස් හමුදාව ඉදිරියේ වත්මන් ද්‍රවිඩ දේශපාලන සාමාජිකත්වය, උතුරු-නැගෙනහිර සියලු ජනකොටස් මුහුණ දුන් කර්කශ අත්දැකීම් ඔවුන්ට අමතකව ඇතිසේයි. එහෙයින්ම, සම්මුතියකින් තොරව පොලිස් බලතල ක්‍රියාත්මක කළහොත් ගැටලු ඇතිවීමටද හැකිය යන්න අමතක නොකළ යුතුය. එහෙත්, මේවාට අසංවේදීව ඔවුහුද ජයලලිතා මහ ඇමැතිනියගේ පිහිටාධාරයෙන් පොලිස් බලතල සඳහා කෑමොරදෙති.
පළාත් සභා මධ්‍යයෙන් පොලිස් බලතල ඉල්ලීම
බස්‌නාහාර පළාත් සභාවේ දී 1994-01-06 දා මහ ඇමැතිනි චන්ද්‍රිකා කුමාරතුංග බස්‌නාහිරට පොලිස් බලතල දෙනමෙන් යෝජනා කළාය. එවකට උතුරු නැගෙනහිර යුදපිටියකි. එහෙත් 1990 අංක 1 දරන පොලිස් කොමිෂන් පනතේ බලතල ජනාධිපතිතුමා මගින් ක්‍රියාත්මක කරවා ගැනීමට එතුමියට අවශ්‍ය වීය. ඉන් වඩාත් ප්‍රජාතාන්ත්‍රිකව, නීතිය හා සාමය පාලනයක් සිදුවෙතැයි එතුමිය සිතීය. (1994-01-06 දින පළාත් සභා වාර්තාව පිටු අංක 13) එකල, වත්මන් ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, µSලික්‌ස් පෙරේරා වැනි පළාත් සභා මන්ත්‍රීවරු පොලිස් බලතල පළාත් සභාවලට ලබාගැනීමට සාධනීය ඉල්ලීමක් ඉදිරිපත් කළහ.
සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිතුමන් පළාත් පොලිස් කොමිසමේ සංයුතිය හා කාර්යභාරය ගෙනහැර දක්‌වමින් පැවසුවේ එය මහ බියක් ඇති නොකරගත යුතු “පත්වීම්, මාරුකිරීම් සහ විනය කටයුතු” කරන ආයතනයක් බවය. (වාර්තා පිටු 42). මෙම තර්ක සාධනීය නම් වීරවංශ – රණවක ඇමැතිතුමන්ටත්, රතන හිමිට හා ආරක්‍ෂක බලධාරීන්ටත් පළාත් පොලිස් කොමිසම ගැන “මහා භයක් ඇතිකර ගැනීමට” අනවශ්‍ය ඇයි දැයි සංහිඳියාව නාමයෙන් පැහැදිළිකිරීම නොවටනේද?
1994 දී µSලික්‌ස් පෙරේරා පළාත් සභා මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ පොලිසිය හමුදාවක් නොවන බවය. අදද එය එසේම හෙයින් පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීමට එතුමාට නිර්දේශ කළ හැකිද? අද ත්‍රස්‌තවාදය අතුගා හමුදා බලය අධික තරවී, ආරක්‍ෂාව ගැන තරගයක් නොමැති පසුබිමකදී එය වඩාත් උචිත සත්‍යයකි. බස්‌නාහිර පළාතේ පොලිස් බලතල හරියට ක්‍රියාත්මක කිරීම තර්කාන්විතව සිතුවොත් රටේ සාමය උදාකරන ක්‍රමෝපායක් ලෙස එදා එතුමා තර්ක කළේය. (වාර්තාව පිටු 48). එහෙත්, රජය වචනයෙන් පමණක් නොව ආදර්ශයෙන්ම සංහිඳියාවට මඟ හෙළිපෙහෙළිකර විවේචකයන්ට පිළිතුරු නොදෙන්නේ ඇයිදැයි අද එතුමා රජයෙන් ප්‍රශ්න නොකරයි.
රණවක, වීරවංශ ඇමැතිවරු, රතන හිමි, ආරක්‍ෂක ලේකම් ආදීහු, කුමාරතුංග ජනාධිපතිතුමිය සමඟ පොලිස් බලතල ඉල්ලූ කණ්‌ඩායමේ නොවූහ. එහෙයින් ඔව්හු ස්‌ථාවර බන්ධනයන්ගෙන් මිදුනු, කාලීන විරෝධයකාරකයෝය. එහෙත්, පළාත් සභා විවාදයේදී යෝජනාවට පක්‍ෂව කරුණු දැක්‌වූ මන්ත්‍රීවරුන්ට ඉන් ගැලවීමට නොහැකිය.
එජාපයේ ස්‌ථාවරය
බස්‌නාහිර පළාත් සභාවේ දී ටයිටස් විමලසිරි එජාප පළාත් සභා මන්ත්‍රීතුමා පැවසූයේ විදේශීය ඇතැම් කොටස් ශ්‍රී ලංකාවේ ඇතැම් අයගේ මාර්ගයෙන් ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්වලට උදව් දෙන බවත්, මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් උතුරේ ප්‍රභාකරන් ශක්‌තිමත් කිරීමට කොන්ත්‍රාත්තුවක් භාරගෙන තිබේදැයි සැක බවය. (වාර්තාව පිටු 28)
අද, රණවක හා වීරවංශ ඇමැතිවරුන්, අතුරලියේ රතන හිමියන්, බොහෝ මාධ්‍යවේදීන් පොලිස් බලතල බෙදාගැනීමේ භයානක තත්ත්වය උලුප්පා දැක්‌වීමේදීද “විදේශීය කොටස්” “ත්‍රස්‌තවාදයට උපකාරීවීම”, “විදේශීය බලපෑම්”, “විදේශීය ක්‍රියාකාරීත්වය”, “කුමන්ත්‍රණය කිරීම”, “කොටි කොන්ත්‍රාත්තු” වැනි වදන් භාවිතකරන්නේ එදා විමලසිරි මන්ත්‍රීතුමා ගිය මග යමිනි.
විමලසිරි මන්ත්‍රීතුමන් එදා සිහිපත් කළේ, පාර්ලිමේන්තුවේ දී පොලිස් කොමිෂන් පනත විවාදයේදී ශ්‍රීලනිපයේ නායකකාරකාදීන් ඊට විරුද්ධ වූ බවත්, මේ පනත තුළ රටේ ඒකීය භාවය අහෝසිවන හෙයින්, විශේෂයෙන්ම මේ පොලිස් බලතල පළාත් සභාවට නොදිය යුතු බවය. (වාර්තාව පිටු 27) මහින්ද සමරසිංහ මන්ත්‍රීතුමාද එස්. එල්. ගුණසේකර හා ධර්මසිරි සේනානායක මන්ත්‍රීවරුන් ගේ නම් සඳහන් කරමින් එසේම තර්ක කළේය. (වාර්තාව පිටු 51, 53)
ඒ අනුව බැලුවොත් ශ්‍රීලනිප පාක්‍ෂිකයන් පොලිස් බලතල බෙදාදීමට විරුද්ධවීම තාර්කිකය. එහෙත්, ගැටලුවනම් ප්‍රභාකරන් සමඟ මාර යුද්ධයක් පැවතුනු යුගයක පොලිස් බලතල ඉල්ලූ පක්‍ෂයක්, ප්‍රභාකරන් හා ඔහුගේ සංවිධානය සමූල ඝාතනය කර ඇති අවධියක ඊට විරුද්ධ වීමය. නව දේශපාලනික, සාමාජික හා ආරක්‍ෂක වාතාවරණය අනුව ඔවුන් සංහිඳියාව සඳහා තම ස්‌ථාවරයන් වෙනස් නොකළ යුතුද?
එජාපය 13 ව්‍යවස්‌ථාව එළිදැක්‌වීය. එහෙත් පොලිස් බලතල ගැන වැඩිපුර ප්‍රසිද්ධ ප්‍රකාශ අපට නොඇසේ. කෙසේ වුවත්, කලින් එජාප නියෝජිතයන් වූ සමහරුන්ට පිල් මාරුව නිසාම පැරණි ස්‌ථාවරයේ සිටින්නට හැකිය. 1994 දී විපක්‍ෂයේ පළාත් සභා ප්‍රධාන සංවිධායක මහින්ද සමරසිංහ කීවේ මෙම පනත ක්‍රියාත්මක කිරීමට විරුද්ධ නැති බව හා ඒ සඳහා මේ නිසි කාලය නොවන බවයි (වාර්තාව පිටු 50). අද වුවද අවශ්‍ය නම් එසේ කියා ඔහුට ‘ජාම් බේරාගෙන’ වීරවංශ – රණවක – රතන හිමි පාර්ශවයට හේත්තු විය හැකිය. එසේ නැත්නම්, පනත ක්‍රියාත්මක කිරීමට සුදුසු වෙලාව එළඹ ඇතැයි කියා අනිත් පිලට එකතුවියද හැකිය.
මෙම ඉල්ලීම උතුරු මැදින්ද අනතුරුව ඉදිරිපත් වීය. විෙ-තුංග ජනාධිපතිතුමන් එවිට ක්‍රියා කළේද පොලිස් බලතල බෙදා නොදෙන ස්‌ථාවරයක සිටය. එතුමාගේ අනුකූලතාවය දේශපාලන ප්‍රභේදයෙන් තොරව පොලිස් බලතලදීමට ජනාධිපතිවරුන් මැලිවන බව ඔප්පුකරයි.
නිර්භීත ඇමැතිවරු
තීරණාත්මකව බලය බෙදා ගැනීම පිළිබඳ සෘජු අදහස් ප්‍රකාශ කරන ඩිව් ගුණසේකර, රාජිත සේනාරත්න, රෙජිනෝල්ඩ් කුරේ වැනි ඇමැතිවරුන් අතළොස්‌සක් සිටියද, අවසන් තීරණයක් ගන්නා විටෙක ඔවුන් කොතෙක් දුරට සෘජුභාවය රැකගනිත් දැයි සංකා පහළ වෙන්නේ මහ ඇමැති, ආණ්‌ඩුකාරවරුන් මෙන්ම ඔවුන්ද විධායක දේශපාලන බලාධිකාරය ඉදිරියේ දුබලවිය හැකි හෙයිනි.
අගමැති මෝදි ආගමනය හා රඹුක්‌වැල්ල ඇමැතිතුමන්ගේ අදහස්
ජුනි 6 දින ‘ද අයිලන්ඩ්’ පුවත්පතට අනුව කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමැතිතුමන් පවසා ඇත්තේ “දීමට නොහැක්‌කේ ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටින පරිදි පොලිස් බලතලය. මාර්ග නීති හා පරිපාලනයට අවශ්‍ය අනික් බලතල බෙදා දිය හැකිය,” ද්‍රවිඩ සන්ධානයට ඉල්ලා සිටිය හැක්‌කේ ව්‍යාවස්‌ථාපිත බලය පමණි. ඒ බලතල අඩුවැඩි කිරීමට ව්‍යවස්‌ථාව වෙනස් කිරීමට ඇති 2/3 බලය රජය සතුය. එම බලය යොදා නොගැනීම හා මෙවැනි ප්‍රකාශ කිරීම යථා කාලයේදී පොලිස් බලතල යම් මට්‌ටමකට පළාත් සභාවලට බෙදාදීමට රජයේ වක්‍ර අභිලාෂය හැංගි හොරා හෝ උලුප්පා දක්‌වයිද?
අගමැති මෝදි පත්වීමත් සමඟම 13 ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නව උනන්දුවක් ඉන්දියාවෙන් ඉදිරිපත් වේ. ‘ද අයිලන්ඩ්’ පුවත්පත (ජුනි 6) ඇමැති රඹුක්‌වැල්ල උපුටමින් කීවේ “මතභේදකාරී තත්ත්වය වී ඇත්තේ උතුරු පළාතේ මහඇමැති විසින් පොලිස් කොමසාරිස්‌වරයකු පත්කළ යුතුයි, ද්‍රවිඩ සන්ධානය කරන ඉල්ලීම” යෑයිද, එයට ආරක්‍ෂක හේතු නිසා ඉඩදිය නොහැකි බවත්ය.
‘පොලිස් කොමසාරිස්‌වරයකු පත්කිරීමේ’ ඉල්ලීමක් ලදහොත් වහාම එය ප්‍රතික්‍ෂේප කළ හැකියá කළ යුතුය. එවන් තනතුරක් 13 ව්‍යවස්‌ථා සංශෝධනයේ නොමැති හෙයිනි. ඊට ආරක්‍ෂක හේතු ගා ගන්නේ කුමකටද? රඹුක්‌වැල්ල ඇමැතිතුමන් බබෙකු මෙන් නොපවත්නා තනතුරක් සඳහන් කරමින්, චණ්‌ඩියකු මෙන් සතරමුල්ල පනින සේය· ආරක්‍ෂාව පිළිබඳ බිය හුවාදැක්‌වීම මෙකල ඕනෑම ගැටලුවකින් පැනයැමේ ලෙහෙසිම මාර්ගය බව රඹුක්‌වැල්ල ඇමැතිතුමන් දනී. එතුමා මෙහිදී අදහස් කළේ උතුරේ නියෝජ්‍ය පොලිස්‌පති පත් කිරීම නම් ද්‍රවිඩ සන්ධානයට සිහිපත් කළ යුත්තේ 13 ව්‍යවස්‌ථාවේ පරිශිෂ්ට ෂ හා 6 ඡේදය පරිදි පත්කිරීම කෙරෙන බවය. පත්වීමේ බලධාරීත්වයේ අවසාන තීරකයා ජනාධිපතිතුමන්ය. එසේ හෙයින් ඇමැතිතුමාට වූ මේ සිහින බිය කුමක්‌ද?
මෝදිතුමන් බලයට පත්වීම සමඟ අද ධනාත්මක සංසිද්ධියක් වී ඇත්තේ වාමාංශික පක්‍ෂ (විශේෂයෙන්ම කොමියුනිස්‌ට් පක්‍ෂය) ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට පැවරිය යුතුය යන ස්‌ථාවරයේ විවෘතව සිටීමය. එහෙත් ජාතික නිදහස් පෙරමුණත්, හෙළ උරුමයත්, ආරක්‍ෂක අංශත් ඊට එරෙහිය. මැදිහත් තීරණයකට එළඹීමට රජයට සිදුවීම වැළැක්‌විය නොහෙතැයි උපකල්පනය කිරීමට සුදුසු පරිසරයක් මින් නොපැනනැගේද?
ඔස්‌ටින් ප්‍රනාන්දු