Sun. Jan 19th, 2025
Spread the News

 පොලිසියෙන් අලුත් කුඩුවක් 

තිලෝවගට සෙත සෑදු ඒ අමා මහා ශාන්ති නායකයාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී 2600 වසක් වන මෙම මොහොතේ එම උතුම්වූ සම්බුද්ධ ජයන්තිය බැති සිතින් සැමරිමටත් ආමිස හා ප්‍රතිපත්ති පුජාවෙන් බුදුරජුන් පිදිමටත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන ඒකකය මධ්‍යම දිසාව (බටහිර ) විසින් කටයුතු කර තිබුණි. ගරු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් තම කාර්බහුල ජීවිතය ද  පසෙකලා ඉතා අලංකාරවත් අන්දමෙන් රත්න මාලි ගාථා රත්නය පහන් කූඩුවක් සේ නිර්මාණය කර තිබුණි. එම පහන් කූඩුව නැරඹු විශාල පිරිසකගේ අදහස වුයේ මෙවන් ආකාරයේ කූඩුවක් නැරඹු ප්‍රථම අවස්ථාව මෙය බවය. මහානුවර පොලිසිය විසින් සිදු කෙරු මෙම සමාජ සත්කර්යය  බෞද්ධ අබෞද්ධ සැමගේ පැසසුමට ලක්විය.
කෝකිල බණ්ඩාර සහා පාලිත ආරියරත්න
ජාතික බෞද්ධ බලවේගය

Protected by Security by CleanTalk