Spread the News

(Photo: REUTERS / Zoubeir Souissi)
A rebel fighter carrying a weapon is seen at his position outside the Bir-Ayyad gate near the city of Zintan in the western mountains, 120 km (75 miles) southwest of the capital Tripoli, July 23, 2011.

බටහිර රටවල සහාය මත ගඩාපි පහ කිරීම source:
ගඩාපි බලයෙන් පහ කිරීම සඳහා “නේටෝ” සංවිධානය කටයුතු කළා
– නෝර්වේ විදේශ ඇමැති ජෝනාස්‌ ස්‌ටෝරේ

2010 ජනවාරි මස ලිබියාවේ නායකයාව සිටි කර්නල් ගඩාපි පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්‌ ගෙන එමින් බටහිර තෙල් සමාගම්වලට ලිබියාවෙන් ඇදෙන ඩොලර් බිලියන 500 ක ලාභය නතර කිරීම සඳහා තෙල් ජනසතු කළ යුතු යෑයි කියා සිටියේය. එහෙත් ලිබියානු රජයේ සිටි බටහිර ඒජන්තවරු එම යෝජනාව ප්‍රමාද කරනු ලැබීය. ෂෙල්, එසෝ, එන්සස, බී.පී., කැල්ටෙක්‌ස්‌ වැනි බහුජාතික සමාගම්වල ප්‍රධානීහු ගඩාපිගේ මේ යෝජනාවෙන් කුපිත වූහ. ගඩාපිව බලයෙන් පහකරන්නැයි යන කුමන්ත්‍රණය ආරම්භ වූයේ ඉන් පසුවය.

ඒ අනුව ලිබියානු කැරැලිකරුවන් කණ්‌ඩායමක්‌ ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් එළියට පැමිණියහ. මේ පසුබිම මැද මර්මේඩ් සන්රයිස්‌ නමැති රහස්‌ මෙහෙයුම දියත් විය.

නේටෝ බළකාය විසින් 1127 වතාවක්‌ම ගඩාපිගේ කේන්ද්‍රස්‌ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. නෝර්වේ ගුවන් යානා කොතරම් බෝම්බ දැමුවාද කිවහොත් බෝම්බ ගබඩාවේ බෝම්බ නැතිවන තුරු බෝම්බ දැමූහ.

මෙයට සමගාමීව ගඩාපිගේ තෙල් මුදල් තහනම් කළ බ්‍රිතාන්‍යය එම අති විශාල මුදල් සම්භාරය කැරැලිකරුවන්ට ලබා දුන්නේය. ලන්ඩන් නුවර ලිබියානු තානාපති කාර්යාලය ද කැරැලිකරුවන් වෙත පවරනු ලැබිණි.

සිය අවසාන ප්‍රයත්නය ලෙස ලිබියානු රූපවාහිනි මූලස්‌ථානයට ද බෝම්බ දැමීමට නේටෝ බළකාය ක්‍රියා කළේය.

එම බෝම්බ ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් තිදෙනකු මියගොස්‌ විස්‌සක්‌ තුවාල ලැබීය. එහෙත් කිසිම මාධ්‍ය සංවිධානයකින් ඊට එරෙහිව හඬ නැඟුවේ නැත.

මේ හැර බ්‍රිතාන්‍ය එස්‌.ඒ.එස්‌. බළකාය හා ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය ලිබියානු කැරැලිකරුවන්ට අවශ්‍ය සියලු දේ සපයනු ලැබීය.

ප්‍රංශය ලිබියානු කැරැලිකරුවන්ට අවි ආයුධ සැපයූ බව මුල්වරට හෙළි කළේය.

නේටෝ සංවිධානයේ සහාය මැද ලිsබියානු කැරැලිකරුවන් ටි්‍රපොලි නගරය අල්ලා ගැනීමත් සමගම වඩාත් ප්‍රීතියට පත්වූයේ ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ය.

ගඩාපිගේ ඇදවැටීමත් සමග එතෙක්‌ බලවත් ලිබියානු නායකයා යෑයි බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් ගඩාපි සම්බන්ධව කළ හැඳින්වීම මොහොතකින් වෙනස්‌ විය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් පසුගිය 23 වැනිදා සිට ගඩාපිව හඳුන්වනු ලැබුවේ “සැඟවුණ මීයකු” ලෙසිනි. ලිබියානු නායකයාව බලයෙන් පහකිරීම සඳහා බටහිර රටවල් දියත් කළ නින්දිත කුමන්ත්‍රණයෙන් තවදුරටත් සනාථ වූයේ ජනතාව ගඩාපිට එරෙහිව නැඟී සිටීමට දැක්‌වෙන ප්‍රකාශය අසත්‍යවීමයි.

සිවිල් වැසියන් අත බර අවි හා වෙනත් ආයුධ තිබෙන්නේ කෙසේදැයි රුසියානු මාධ්‍ය විසින් ප්‍රශ්න කෙරුණි. ආරංචි මාර්ග දක්‌වන අන්දමට ටි්‍රපොලි නගරයේ ඇතිවූ සටන්වලින් 1300 ක්‌ මියගොස්‌ 50,000 ක්‌ තුවාල ලබා ඇත.

වසර 42 ක්‌ තිස්‌සේ ලිබියාව පාලනය කළ ගඩාපි ඇදවැටුණේ ඔහුගේ විශේෂ බළකාය අවසාන මොහොතේ කළ පාවාදීම නිසා යෑයි නෝර්වේ මාධ්‍ය විසින් හෙළි කෙරුණි.

ගඩාපිගේ විශේෂ බළකා ප්‍රධානියා සහ කැරැලිකරුවන් අතර පැවැති රහස්‌ ගිවිසුමක්‌ නිසා ටි්‍රපොලි නගරය වෙත පැමිණි කැරැලිකරුවන් හමුවේ යටත් වී ඇත.

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත වෙත එක්‌ තානාපති නිලධාරියකු පවසා ඇත්තේ කැරැලිකරුවන් ළඟ නේටෝ සංවිධානයේ දුරකථන අංක පවා ඇති බවයි.

මින් පැහැදිලි වන්නේ නේටෝ උපදෙස්‌ මත ටි්‍රපොලි අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් වූ බවයි. මේ මෙහෙයුම මත ටි්‍රපොලි අගනුවර කැරැලිකරුවන් විසින් රහස්‌ කඳවුරු ස්‌ථානගත කර තිබුණි. මේ කඳවුරු හා නේටෝ බළකාය අතර පණිවුඩ හුවමාරුව සිදු වේ.

එසේම මෙකී කඳවුරු වෙත මුහුදින් ආයුධ ගෙනැවිත් තිබූ බව නෝර්වේ මාධ්‍ය විසින් තවදුරටත් හෙළිකරනු ලැබීය.

ඔපරේෂන් මර්මේඩ් සන්රයිස්‌ යටතේ පසුගිය බ්‍රහස්‌පතින්දා සහ සිකුරාදා නේටෝ බළකාය විසින් ටි්‍රපොලි නගරයට ප්‍රහාර එල්ල කර ඇත. ඒ සටනට සෙනසුරාදා දහවල් ටි්‍රපොලි නගරයේ මුස්‌ලිම් දේවස්‌ථානවලින් ප්‍රකාශයක්‌ නිකුත් කරමින් නිවාසවලින් එළියට පැමිණ සටන් කරන්නැයි දක්‌වා තිබේ.

මුස්‌ලිම් දේවස්‌ථානවල ශබ්ද විකාශනවලින් විකාශය වූ එම ප්‍රකාශය රහස්‌ සංඥවක්‌ වේ. ඉන් ටි්‍රපොලි නගරයේ කැරැලිකරුවන්ගේ රහස්‌ කඳවුරුවලට කියා සිටියේ අවි ආයුධ රැගෙන පහරදෙන ලෙසය.

ඒ සමගම කලින් සැලසුම් කරගත් පරිදි දැඩි ලෙස සන්නද්ධ වූ කැරැලිකරුවන් 200 ක්‌ මුහුදින් ටි්‍රපොලි නගරයට ඇතුල් වූහ.

මේ කැරැලිකරුවන් පිරිස ටි්‍රපොලි වෙත ඇතුළු වන ස්‌ථානයේ පිහිටි හමුදා කඳවුරුවල සෙබළුන් නිරායුධ කර අවි ගබඩාවල තිබූ අවි පැහැරගත්හ. මෙලෙස ටි්‍රපොලි නගරයේ ස්‌ථාන කිපයකින් පැමිණි කැරැලිකරුවන් නිසා ගඩාපිගේ සෙබළුන්ට සිදු වූයේ පෙරමුණු කීපයක සටන් කිරීමටය.

නෝර්වීජියානු මාධ්‍ය විසින් ටි්‍රපොලි නගරය අල්ලා ගැනීමේ රහස හෙළිකිරීමත් සමග තවත් වාර්තාවකින් කියා සිටියේ නෝර්වේ හමුදා උපදේශකයන් දස දෙනෙක්‌ද ලිබියාවේ ස්‌ථානගතව සිටින බවයි.

මේ ලිබියානු කැරැලිකරුවෝ ලිබියානු රූපවාහිනී සේවාවද අල්ලා ගත්හ. එම රූපවාහිනිය අල්ලා ගැනීමට පැය කීපයකට පෙර රූපවාහිනී නිවේදිකාවක්‌ පැවසුවේ අවසාන මොහොත දක්‌වා සටන් කරන බවයි.

මේ අතර නේටෝ සංවිධානයේ හිටපු ප්‍රධානියා වූ වෙස්‌ලි ක්‌ලාක්‌ ප්‍රකාශයක්‌ කරමින් විදේශ යුද උපදේශකවරුන් ලිබියාවේ රැඳී සිටිමින් කැරැලිකරුවන්ට තොරතුරු සැපයු බව හෙළි කළේය.

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතද ඊට සමාන ප්‍රකාශයක්‌ කරමින් බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ තවත් රටවල් කීපයක විශේෂ බළකායන් විසින් කැරැලිකරුවන් පුහුණු කිරීමට ක්‍රියා කළ බව අනාවරණය කර ඇත.

එසේම නේටෝ බලකාය විසින් කැරැලිකරුවන්ට සහාය පිණිස ටි්‍රපොලි නගරයේ ස්‌ථාන 48 කට ප්‍රහාර එල්ලකර තිබේ. ගඩාපිගේ පුත් සහිප් අලිව කැරැලිකරුවන් විසින් අල්ලාගත් බව පැවසුවත් ඔහු ටි්‍රපොලි අගනුවරට පැමිණ ප්‍රකාශයක්‌ කර ඇත.

මේ අතර විපක්‌ෂය විසින් පිහිටුවා ගත් කවුන්සිලයේ නායක අබ්දෙල් වලිද් පවසන්නේ ගඩාපිව අල්ලාගැනීමෙන් ලිබියාව ජය ලබන බවයි.

මේ පසුබිම මැද බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පවසා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඇති ස්‌ටර්ලින් පවුම් බිලියන 20 ක ලිබියානු මුදල් සහ ජර්මනියේ ඇති ඩොලර් බිලියන 7 ක මුදල් නිදහස්‌ කරන බවයි.

මින් සනාථ වන්නේ බටහිර බලවේග කැරැලිකරුවන්ට සහාය වීමයි. මෙයට මාස දෙකකට පෙර ලිබියානු නායකයාගේ දියණිය බෙල්ජියම් අධිකරණය ඉදිරියේ නේටෝ සංවිධානයට එරෙහිව නඩු පවරමින් නේටෝ ප්‍රහාර නිසා තම ඥතීන් මියගිය බව පැවසුවාය. එතෙක්‌ මෙතෙක්‌ එම නඩුව විභාගයට ගැනුණේ නැත.

ස්‌වාධීන යයි පවසන බටහිර රටවල අධිකරණයේ ස්‌වභාවය මින් සනාථ නොවන්නේද? ගඩාපි මෙයට වසර කීපයකට පෙර බ්‍රිතාන්‍යයේ අගමැති ටෝනි බ්ලෙයාර්, ප්‍රංශ නායක සනරොස්‌නි සමගද සබඳකම් පවත්වනු ලැබීය.

එහෙත් එකවරම ගඩාපි ප්‍රජාතන්ත්‍ර විරෝධියකු බවට පත්විය. ඊට හේතුව වූයේ විදෙස්‌ තෙල් සමාගම්වල ලාභය බටහිර රටවලට යැමට නොදී ලිබියාවේ රඳවා ගැනීමට ඔහු ගෙන ආ යෝජනාවයි.

කීර්ති වර්ණකුලසූරිය