බටහිර ස්ත්‍රීවාදයේ ගිලී සිටිමින් ලක්දිව පුරුෂාධිපත්‍ය භීතිකාවක් ඇති කරන NGO කාරියක්
මින් බොහෝ කළකට පෙර අප විසින් ලියන ලද ලිපියකට අනුබද්ධිත කථාවක් අද දිනයේදී ප්‍රහසනයක ස්වරූපයෙන් අසන්නට ලැබිණි… ඇත්ත වශයෙන්ම එවැනි කථාවක් අසන්නට ලැබීමත් පුදුමයකි… ලක්දිව සිට මෙරටට, ඊනියා “ස්ත්‍රීවාදී” සම්මේලනයක් සඳහා පැමිණි, ලක්දිව රාජ්‍ය නොවන සංවිධානයකට අනුබද්ධිත නීතිඥ වරියක්, “ෆොව්සෙට්” සම්මේලනය ඉදිරියේ අපූරු කථාවක් කියා ඇත.. ඇයට අනුව අතීත ලංකාවේ සැමියන් සිය බිරියන්, තමාට අයිති දේපළ වලින් කොටසක් ලෙස සළකා ඇති අතර, ඇයට “ගොයම් වැස්සී” යන නිගරු නාමයෙන් අමතා ඇත… දැන් ලක්දිව කාන්තාවන් ඒ “පුරුෂාධිපත්‍යයෙන්” මිදෙමින් සිටින බවත්, ඔවුන්ගේ සංවිධානය ඊට මඟ පෙන්වන බවත් ඇය කියා ඇත…
ඇත්ත වශයෙන්ම මුන් දන්නා මළ ඉලව්වක් නැත… “ගොයම් වැස්සී” ආමන්ත්‍රණය තුල හෙළ ගොවියා සිය බිරියගෙන් දුටුවේ ශශ්‍රීකත්වය, සෞභාග්‍ය, සහ උතුරා යන මාතෘත්වයයි…ගොයමේ සශ්‍රීකත්වයත්, වැස්සියගේ කිරි සමඟ උතුරා ගලන මාතෘත්වයත් සිය බිරියගෙන් දැකීම නොදන්නා මොවුහු එය නිගරු නාමයක් කොට ලොව හමුවේ තබති.… දෙවනි කරුණ වන්නේ අතීත හෙළයේ “පුරුෂාධිපත්‍යයක්” නොපැවතීමයි… “පුරුෂයාගේ ආධිපත්‍යය” යනු වෛදික දහම් පාර්ශ්විකවත්, ඒබ්‍රහමික යැයි කියන දහම් ( ඉස්ලාම්, ක්‍රිස්තියානි ) පූර්ණවත් හදා වඩා ගත් අවකල්පයකි… අපට තිබුනේ තම ආරක්ෂකයාට සහ බත සපයන්නාට මනා අනොන්‍ය අවබෝධයෙන් යුතුව කරන ගරුත්වය හා කෘතගුණය පෑමකි… එය ඊනියා “ආධිපත්‍යයක්” නොවූ බවට දුටුගැමුණු රජුගේ මාගම් පුර සෙබළියෝ සහ විජයබා රජුගේ සේනාවේ “අදිසි අසිපත් කාරියෝ” සාක්ෂි දරති…
බටහිර “ස්ත්‍රීවාදය” ( ඉංග්‍රීසියෙන් “ෆෙමිනිස්ම්” ලෙස හඳුන්වනු ලබන ) විසඳුම් සොයන්නේ බටහිරයන්ම මවා ගත් ගැටළු වලටය… පැරණි තෙස්තමේන්තුවේ ආදම්ගේ පර්ශු කූඩුවෙන් “ඒවා” සිරුර ලැබීමත්, නව තෙස්තමේන්තුවේ “පුරුෂ” සංකල්පරූපයේ සර්වබලධාරියා සහ ඔහුගේ පුරුෂ පණිවිඩ කරුවන්ද, පුත්‍රයා ( ඉස්ලාමයේ නම් නබි වරුන් ) හරහා පිරිමියාට ගැහැණිය පාලනයට වර දී තිබීම ඔස්සේ ගොඩ නැඟුණු චින්තනය තුළ, පුරුෂයා ස්ත්‍රිය මත “ආධිපත්‍යයක්” රඳවා ගත්තාය..
එහෙත් බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවය තුළ පීඩක ආධිපත්‍යයක් නැත….නූතන බටහිර ස්ත්‍රීවාදයේ මෙන් පුරුෂයා සහ ස්ත්‍රිය ඊනියා “සම තත්වයේ” හිඳුවා තබන්නට තරම් බුදු පියාණෝ අප්‍රායෝගික නොවූ අතර, ඒ වෙනුවට අවබෝධය කැටි “ගරුත්වයක්” සහ ආචාර කරණයක් පුරුදු කළ සේක… දඹදිව සහ බටහිර මෙන්, බුදු සසුන මුල් බැස ගත් ලක්දිව තුළ ස්ත්‍රීන් “අළෙවි” නොවූයේද ( වහළුන් ලෙස, මනාළියන් ලෙස ) , ජාතික අරගලයේදී සිංහ ධේනුන් සේ පෙරට එන ශක්තිමත් ස්ව-විශ්වාසය ඇත්තියන් පහළ වූයේද මේ බෞද්ධ චින්තනය නිසාවෙනි..
පසු කළෙක ආ දකුණු ඉන්දියානු වෛදික ( මහ නුවර යුගයේදී බලවත් වූ ) සහ වික්ටෝරියානු ක්‍රිස්තියානු “සදාචාරයන්ගේ” බලපෑමෙන් එම පද්ධතිය අවුල් වුවද, අතීතය ගැන දන්නෝ, අතීත හෙළ කත විඳි නිදහස මනාව දනිති…බටහිර “ස්ත්‍රී වාදයෙන්” බිහි කරන්නේ, යුතුකම් අමතක කරන ලද, වෙළඳුන්ට විකුණා ගැනීමට පහසු, සහ පහසුවෙන් අළෙවි වන, පරිභෝජනයේ සිර කාරියන් වූ, අනිසි ස්වෝත්තම අහංකාරය නිසා පවුල් කඩා ඉහිරවා ගන්නා යකිණියන්ය….