Spread the News

බණ්‌ඩාරනායක නාමය රටෙන් මකන්න රාජපක්‍ෂලට බැහැ
සමීක්‍ෂණ වාර්තාවලිනුත් අපේ ජයග්‍රහණය තහවුරු වෙලා
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන

රාජපක්‍ෂගේ පාලනයට එරෙහිව පක්‍ෂ රැසක්‌ එකතු වෙලා
– චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග

වෛරී දේශපාලනය නිසා මම අවුරුදු දෙකක්‌
පොල් සම්බෝලයි බතුයි කෑවා
– සරත් ෆොන්සේකා

හොරකම් කරන්න බැරි පාලනයක්‌ හැදිය යුතුයි
– මාදුළුවාවේ සෝභිත හිමි

කුෂාන් සුබසිංහ, වේයන්ගොඩ සිරිමෙවන් පතිරණ, පස්‌යාල සුගන්ධිකා බණ්‌ඩාර, නාවලපිටිය එස්‌. ලෙස්‌ලි ටියුඩර් සිල්වා, නුවරඑළිය – ඩග්ලස්‌ නානායක්‌කාර

රාජපක්‍ෂලාට වඩා තවමත් ශ්‍රේෂ්ඨ යෑයි ලොව පිළිගන්නා බණ්‌ඩාරණායක නාමය මේ රටෙන් මකන්න මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට කවදාවත් හැකි වෙන්නේ නැතැයි විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා, (21 වැනිදා) අත්තනගල්ල, හගුරන්කෙත, වලපනේ, නුවරඑළිය, හැටන් සහ යටියන්තොටදී පැවැති ජනහමුවලදී ප්‍රකාශ කළේය.

එක්‌වෙමු වෙනසක්‌ කරමු යන තේමාව යටතේ පැවැති මෙම ජන හමුවලට විශාල ජනකායක්‌ එක්‌ව සිටිනු දක්‌නට ලැබිණි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දීලා ජනහමු ගණනාවක මා ජනතාව ඇමතුවා ඒත් මට අද මෙහිදී කරන්න වෙන්නේ වෙනස්‌ම කතාවක්‌. ශ්‍රීලනිපයේ නිජභූමිය බදු අත්තනගල්ලට අද මා පැමිණ තිබෙන්නේ වසර 14 ක්‌ ශ්‍රීලනිපයේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් පසුවයි. බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය, බණ්‌ඩාරනායක දර්ශනය අද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ නැහැ. ශ්‍රීලනිප දර්ශනය මේ ආණ්‌ඩුවේ නැහැ. 2005 දී මහින්ද රාජපක්‍ෂ බලයට පත්වී ශ්‍රීලනිප ලේකම්වරයා ලෙස මට මුලින්ම අණ ලැබුණේ ආණ්‌ඩුවේ උත්සව කටයුතු වලදී බණ්‌ඩාරනායක මහත්මයා සහ මැතිනිය ගැන විශේෂ ගුණ සමරු සටහන් නොතබන ලෙසයි. සාමාන්‍ය නායකයන් ලෙස පමණක්‌ ඔවුන්ව ආණ්‌ඩුවේ උත්සවවලදී මතක්‌ කරන ලෙසටයි.

ශ්‍රීලනිප මූලස්‌ථානය ඉදිකිරීමේදී එහි සමරු ඵලකයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම නොතිබුණා කියලා එම සමරු ඵලකය විනාශ කිරීමට එවකට අගමැතිව සිටි ඔහු කටයුතු කළා. සැප්තැම්බර් 26 වැනිදාට බණ්‌ඩාරනායක සැමරුමට එන්න ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට අවසර නැහැ. බණ්‌ඩාරනායකලාට ආදාරේ වුණාට ඒ අයට එන්න තහනම්. තාරුණ්‍යයට හෙටක්‌ යනු පට්‌ට පල් බොරුවක්‌. ශ්‍රීලනිපය දුර්වල කරන්න කළ හැකි හැම දෙයක්‌ම කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළා. බණ්‌ඩාරනායක නමට වඩා ඉහළින් ඉන්න මහින්ද රාජපක්‍ෂලාට ඕනෑ වුණා. බණ්‌ඩාරනායක නමට මහින්ද රාජපක්‍ෂ බයයි. මේ රටේ නොවේ ලෝකයේ කොහේවත් බණ්‌ඩාරණායක නම මකන්න මහින්ද රාජපක්‍ෂට බැහැ. ලෝකයේ විවිධ රටවලට අපි ගියහම ඒ රටවලින් අහන්නේ බණ්‌ඩාරනායකලා ගැන මිසක්‌ මහින්ද රාජපක්‍ෂලා ගැන නොවේ. මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිපයට කළ විනාශය ගැන හෙට වෙනකම් වුවත් මට කතා කරන්න පුළුවන්.

2005 දී සුන්දර මනුෂ්‍යයෙක්‌ ලෙස හිතාගෙන අපි මහින්ද රාජපක්‍ෂට මේ රටේ බලය අරගෙන දුන්නා. මහ රාජාණෝ යෑයි හතර වටින් ආමන්ත්‍රණය වන විට ඇත්තටම රජෙක්‌ වුණා නම් හොඳයි කියලා එයාට හිතෙන්න ඇති. ඒ රජ පවුල විසින් අද රට පාලනය කිරීම නිසා රටේ අස්‌ථාවරභාවයක්‌ ඇති වෙලා තිබෙනවා පාර්ලිමේන්තුව, රාජ්‍ය නිලධාරීන්, උගතුන්, විනිශ්චයකාරවරුන් මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ විනාශ කර තියෙනවා. පොලිසිය, රාජ්‍ය සේවය අද විනාශ වෙලා. මේ හෙට උපදින දරුවන් වෙනුවෙන් අස්‌ථාවර නොවූ ස්‌ථාවර රටක්‌ ඇති කිරීමට අපි මේ පාලනය තුරන් කරමු.

ආණ්‌ඩුව සංවර්ධන කටයුතු කරනවා කියමින් රට සූරා ගෙන කනවා. ව්‍යාපෘතියකට වැය කළ යුතු මුදලට වඩා තුනෙන් දෙකක ප්‍රමාණයක්‌ අනුමත කරන ලෙසට ඉංජිනේරුවරුන්ට ව්‍යාපෘති නිලධාරීන්ට උපදෙස්‌ දී තිබෙනවා.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කිසිම ඇස්‌තමේන්තුවක්‌ කාටවත් පෙන්වන්නේ නැහැ. රාජ්‍ය බැංකු අද බංකොළොත් කරලා. පාරවල් හදන්න විදේශ ණය නැති වුණ ගමන් බැංකුවලින් සල්ලි ගන්නවා. මේ රටේ අශිලාචාර කම වැපුරුවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. බොරු චෝදනා පත්‍රයක්‌ හදලා අගවිනිසුරුවරිය ඉවත් කළා විතරක්‌ නොවේ රටේ උතුම් මාතෘත්වයටත් නිග්‍රහ කළා.

සේනානායක මහතාගේ සිට හිටපු ජනාධිපතිනිය වන තෙක්‌ම රට පාලනය කළ නායකයින් මේ රටේ ජනාධිපති මන්දිර අරලියගහ මන්දිර අති සුඛෝපභෝගි ලෙස නවීකරණය කළේ නැහැ. මහින්ද රාජපක්‍ෂ කෝටි සිය දහස්‌ ගණනක්‌ වියදම් කරලා ඒ මන්aදිර ප්‍රතිසංස්‌කරණය කළා විතරක්‌ නොවේ රටේ හතර දිග්භාගයේම තවත් ජනාධිපති මන්දිර, ප්‍රාන්ත රාජ මාළිගා ලෙස අලුතින් ඉදි කළා. තමාගේ සෞඛ්‍ය ඇමැතිට අමාත්‍යාංශයේ වැඩ හරියට කර ගන්න බැරි වුණාලු. මට තියා වෙන කිසිම ඇමැතිවරයෙකුට තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යාමට මේ ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නැහැ. අමාත්‍යාංශ ලේකම් කෙනෙක්‌ ජනාධිපති පත් කරනවා. එසේ පත් කරලා ඇමැතිගේ බලතල නැති කරනවා. අවසානයේ ජනාධිපතිගේ ඕනෑ එපාකම් අමාත්‍යංශ ලේකම් මාර්ගයෙන් ඉටු කර ගන්නවා. ඇමැතියා නිකමෙක්‌ කරන ඒකාධිපති පාලනයක්‌ තමයි අද රටේ රජයන්නේ.

ඩෙංගු මදුරු මර්දනය වෙනුවෙන් අපි කළ කිසි යෝජනාවකට මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වුණේ නැහැ. ඔබ යූඑන්පී වේවා, ශ්‍රීලනිප වේවා හෘද සාක්‍ෂියෙන් විමසන්න ඡන්ද පොළට ගොස්‌ රට රකිනවාද? පවුලක්‌ රකිනවාද කියලා. අධික දූෂිත පාලනයකට, ඒකාධිපති පාලනයකට, කැමැති කෙනෙකුට බුලත් කොළයට කතිරය ගහන්න පුළුවන්. හැබැයි බහුතර ජන මතය අද අපේ පැත්තට ලැබී තිබෙනවා. සමීක්‍ෂණ වාර්තා වලිනුත් ඒ බව සනාථ වෙලා තිබෙනවා.

තමන් පරාදයි කියලා මහින්ද රාජපක්‍ෂ මහතා දැනටම දන්නවා. ඒ නිසා දැන් නොයෙක්‌ ප්‍රචාර යවනවා. කිසිම ඡන්ද දූෂණයක්‌ මංකොල්ල කෑමක්‌ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එජාපය තමන්ගේ ඉතිහාසයේ කවදාවත් නොවූ විරු තරමේ කැපකිරීමක්‌ පරිත්‍යාගයක්‌ මෙවර සිදු කර තිබෙනවා. මේ වගේ මැතිවරණ ව්‍යාපාරයකදී මෙතරම් ප්‍රබල සහ සමූහයකින් යුත් පක්‍ෂයක්‌ ගොඩනැගුණේ නැහැ. අපේ පක්‍ෂවල නායකයින් වන රනිල් වික්‍රමසිංහ මහතා, චන්ද්‍රිකා මැතිනිය ෙµdන්සේකා මහතා, කවදාවත් එල්ටීටීයට යට වෙන්නේ නැහැ.

දුප්පත් ජනතාවගේ දුගී බව නැති කර සමෘද්ධිමත් ජනතාවක්‌ බිහි කිරීම අපේ ආණ්‌ඩුවේ ප්‍රමුඛ අරමුණයි. රාජ්‍ය සේවය ශක්‌තිමත් කර නීතියේ ආධිපත්‍යය ශක්‌තිමත් කර දැහැමි ප්‍රජාතන්ත්‍රවාදී යහපත් රටක්‌ අපේ ආණ්‌ඩුව යටතේ ඇති කරනවා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය – බණ්‌ඩාරනායක මහතා මේ අත්තනගල්ලේ ජනතාව සමග කොතරම් සමීපව සිටියද කියන එක මට තවමත් මතකයි. මගේ පියාගේ නෑදැයෝ වුණේ මේ අත්තනගල්ල ජනතාවයි. ඒ වගේම අපේ දේශපාලනයේ උල්පත වුණේ අත්තනගල්ලයි. 1994 දී මා ලැබූ ජයග්‍රහණයත් සමග ඇති කරගත් පන්නරය නිසා තමයි තවමත් අවුරුදු 20 ක්‌ පුරා ශ්‍රීලනිප රජයක්‌ මේ රටේ තිබෙන්නේ. අවුරුදු 9 ක්‌ දේශපාලනයෙන් ඉවත්ව සිටි මා නැවතත් දේශපාලනයට පිවිසුනේ ඇයි කියලා ඔබට ප්‍රශ්නයක්‌ වන්නට ඇති. මහින්ද රාජපක්‍ෂට මගේ ආණ්‌ඩුව යටතේ අගමැතිධුරය පිරිනැමුවේ එවකට පක්‍ෂයෙන් ඔහුට එරෙහිව නොයෙක්‌ චෝදනා එල්ල වෙද්දියි. ඒත් එදා අගමැති කරවූ මහින්ද රාජපක්‍ෂගේ මේ පාලනය යටතේ රට අඳුරු යුගයකට ඇද දැමුවා විතරක්‌ නොවෙයි බණ්‌ඩාරනායකවරුන්වත් පක්‍ෂයෙන් නෙරපුවා. රාජපක්‍ෂගේ ඒ නපුරු දුර්දාන්ත පාලනයට එරෙහිව ශ්‍රීලනිපයයි එජාපයයි තවත් පක්‍ෂ අද එකට එකතු වී තිබෙනවා.

සඟ, වෙද, ගුරු ගොවි, කම්කරු යන පංචමහ බලවේග වලින් සමන්විතව ගොඩනැගුණු අපේ පක්‍ෂ නායකයින් කවදාවත් හොරු, තක්‌කඩි වුණේ නැහැ. අපි ජනතාවගේ ඉඩම් කොල්ල කෑවේ නැහැ. අපේ ඉඩම් ජනතාවට පූජා කළ ඉතිහාසයක්‌ තමයි අපිට තිබෙන්නේ. ඒ ශ්‍රීලනිපයේ ආභාෂයයි. කැපවීම් හා පරිත්‍යාගයයි. ඒත් අද මේ ආණ්‌ඩුවේ හොරු, කුඩුකාරයෝ බල්ටි ගහනවා. අපේ පක්‍ෂයටත්, ආණ්‌ඩුවටත් මේ අත්වෙලා තිබෙන ඉරණම මොකක්‌ද? කුඩුකාරයන්ගේ, හොරුන්ගේ තෝතැන්නක්‌ බවට පත් වෙලා තිබෙන ශ්‍රීලනිපය නිර්මල පිවිතුරු එකක්‌ කිරීමේ වගකීම අද ඔබ හමුවේ තිබෙනවා. එජාපය සහ එජාපාක්‍ෂිකයන් සමග අද ආණ්‌ඩුවට එරෙහිව අපි ඓතිහාසික සන්ධිස්‌ථානයකට පැමිණ තිබෙනවා. ඉතිහාසයේ අපි අතරත් යම් යම් ගැටලු පැවතුණා. අද ඒවා අමතක කර එකට එකතු වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා මහතා – වත්මන් රජයේ දෙදරීමක්‌, නායයැමත් ඇති වී තිබෙනවා. හංසයාගේ ආගමනය නිසා රටේ පාලකයා සලිත වෙලා. මෛත්‍රීපාල මහතා මේ රටේ නායකත්වයට පත් වීමට හැම අතින්ම ඉතා සුදුසු චරිතයක්‌ බව කියන්න පුළුවන්. මැර දාමරික දේශපාලනය අද මේ රටේ සංස්‌කෘතියේ අංගයක්‌ වී තිබෙනවා. එය නතර කිරීමට මෛත්‍රීපාල මහතා අපට පොරොන්දු වුණා. වෛරී දේශපාලනය නිසා අවුරුදු දෙකක්‌ මට පොල් සම්බෝලයි බතුයි කන්න සිදු වුණා. වෛරී දේශපාලනයෙන් අපව විනාශ කිරීමට හැදුවත් ඒක ඉටු කර ගන්න වත්මන් පාලකයාට නොහැකි වුqණා. මෛත්‍රී මහතා වෛරී දේශපාලනය බැහැර කරනවා. අල්ලස පගාව දුරු කරන බවට ඔහු අපට පොරොන්දු වුණා.

මාදුළුවාවේ සෝභිත හිමි – අපි හැම දෙනාම ජාති, ආගම් පක්‍ෂ භේද කුලමල අමතක කර සාධාරණය, යුක්‌තිය සහ නීතිය යන කරුණු පෙරදැරි කොටගෙන අලුත් රටක්‌ නව යුගයක්‌ ඇති කිරීමට එකතු වී තිබෙනවා. තවත් හමුදාපතිවරයකුට යුද්ධය ඉතිරි නොකරනවා යන වීරෝදාර ප්‍රකාශයත් සමග තමයි යුද හමුදාපති ලෙස සරත් ෙµdන්සේකා මහතා වැඩ භාර ගත්තේ. ඒ විදිහටම ෙµdන්සේකා මහතා යුද්ධය ජය ගත්තා. විශ්‍රාම ගත්තා. පසුව එතුමා ජනාධිපති අපේක්‍ෂක සටනට ඉදිරිපත් වුණා. අවසානයේ ඒ යුද වීරයාව, ෙµdන්aසේකා මහතාව මරණයට ගෙන යන සතෙක්‌ ලෙස ඇදගෙන ගියා. එයාලම ඔහුට විරුද්ධව නඩු ඇහැව්වා. ඔහුට ජම්පර් අන්දවලා බලු කූඩුවට දමන්න තරම් කුරිරු වෛරී ලෙස ආණ්‌ඩුව කටයුතු කළා. ෙµdන්සේකා මහතා වෙනුවෙන් තරුණ හාමුදුරුවරු 100 ක්‌ හිරේ යන්න සූදානම් බව අපි රජයට කිව්වා. ඒත් රජය ඒවා ඇහැව්වේ නැහැ. යුද වීරයාව සිර කිරීම අප සැමට ඉතා සංවේගීජනක දසුනක්‌ වුණා. අපි කලකිරුණා. අගවිනිසුරුවරියව ඒ තනතුරෙන් ඉවත් කළා 2/3 බලය පාවිච්චි කර විධායකට අත්තනෝමතික බලතල එකතු කර ගත්තා. පොලිස්‌ සේවය, ඡන්ද කොමසාරිස්‌ගේ බලතල විධායකයේ අණසකට යට වුණා. මැතිවරණය කරන්නේ මැතිවරණ නීතිවලට යටත්ව නොවේ. සාධාරණ මැතිවරණයක්‌ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා – අත්තනගල්ල බණ්‌ඩාරනායක උරුමයක්‌. මේ නිට්‌ටඹුව ක්‍රීඩාංගණයේ මහ වර්ෂාව මධ්‍යයේ අද මෙතන ජනතාව රැස්‌වෙලා ඉන්නවා. හැබැයි පානදුරේ පැවති ජනාධිපතිගේ රැලියට බස්‌ 692 කින් සෙනඟ ගෙනාවත් මහරජාණෝ රැස්‌වීමට එනකොට 1000 ක්‌ වත් හිටියේ නැහැ. වැස්‌සට බයේ ගිහිල්ලා. ආණ්‌ඩුවෙයි අපෙයි වෙනස ඒකයි. මහින්ද රාජපක්‍ෂ රජය අද තීන්දු ගන්නේ බලයයි, ධනයයි මුලට දමලයි. ඒත් මහින්ද චින්තනයේ තිබුණේ එහෙම නොවෙයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මේ වෙලාවේ ඡන්දයකට නොයන ලෙස මෛත්‍රීපාල මහතා ලිපියකින් දැන්වුවා. ජනාධිපතිතුමා ඒවා ගණන් නොගෙන ඡන්දයකට ගියා. මෛත්‍රීපාල මහතා හා මා ඇතුළු තවත් 12 දෙනෙක්‌ ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සා.

හිටපු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහතා – බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති නිසා ගොවි දරුවන්ට රටේ ඉහළ තැන්වලට යැමට අවස්‌ථාව ලැබුණා. ඒත් වත්මන් ආණ්‌ඩුවේ හිටි කාලයේදී අපිට මැක්‌කොත් එක්‌ක තමයි නැගිටින්න වුණේ. කැසිනෝ පනතට අත ඔසවන්න තරම් අපි අවාසනාවන්ත වුණා. බණ්‌ඩාරනායක මහතාත් එම මැතිනියත් මහින්ද රාජපක්‍ෂට සැලකුවේ දරුවෙක්‌ වගේ. ඒත් ඒ රාජපක්‍ෂ බණ්‌ඩාරනායකලාගේ ඔළුවට අත සේදුවා. මේවා අපිට දරාගන්න පුළුවන් වුණේ නැහැ. කාපු බතේ පහරන උන් එක්‌ක අපිට තවත් ඉන්න බැරි වුණා. මේ මව්බිම තවදුරටත් විනාශ කරද්දී සියනෑ කෝරළයේ, බණ්‌ඩාරනායක ප්‍රතිපත්ති ගරු කළ අපිට ඒ ආණ්‌ඩුවේ ඉන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා – බණ්‌ඩාරනායක පවුලයි රණතුංග පවුලයි අතර බොහෝ කලක පටන් පැවති සමීප සම්බන්ධතාව තවමත් නොනැසී පවතිනවා. ක්‍රිකට්‌ වලින් ඉවත් වෙලා සිටියදී මාව දේශපාලනයට කැඳවා ගත්තේ චJද්‍රිකා මහත්මියයි. අනුර බණ්‌ඩාරනායක මහතා යටතේ එහිදී මට නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ හිමි වුණා. 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතාව බලයට ගේන්න අපි පසුව කටයුතු කළත් මගෙයි චන්ද්‍රිකා මහත්මියගෙයි අතර තිබුණු සම්බන්ධතාව එලෙසම පැවතුණා. කාගේවත් බලපෑම්වලට යට නොවුණු මා සෑම සතියකදීම වාගේ ඇයව මුණගැසුණා. ආණ්‌ඩුවේ කටයුතු ඉවසාගෙන ඉන්න බැරි තත්ත්වයක්‌ තුළ, මා ඉන් ඉවත් වුණා. අවසානයේ මේ දුර්දාන්ත පාලනය රටෙන් තුරන් කිරීමට චJද්‍රිකා මහත්මිය පෙරමුණ ගැනීම ඔබ අප ලැබූ ජයග්‍රහණයක්‌. එසේම එජාපය මෙහිදී විශාල කැපවීමක්‌ කර තිබෙනවා. ඒ වගේම එජාපයේ ජනතාවට මේ මැතිවරණයේදී විශාල උනන්දුවක්‌ ඇති වී තිබෙනවා වෙනසක්‌ කිරීමට. නිදාගෙන සිටි එජාප පාක්‍ෂිකයන් මේ පිබිදීමත් සමඟ අද මීටර් 100 තරගයට සූදානම් වෙලා වගේ හැසිරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි – ජනාධිපතිතුමා සුරක්‌ෂිත හෙටක්‌ හදන්නේ මේ රට වෙනුවෙන් නොවේ. එයාගේ පවුල පෝෂණය කිරීමටයි. ඒත් අපි මෛත්‍රී යුගයක්‌ ඇති කරන්නේ සමස්‌ත රටටම යහපතක්‌ උදාකර ගැනීමේ අරමුණෙනුයි. බණ්‌ඩාරනායක මහතා දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ. හොරකම් කළේ නැහැ. සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියටත් කවුරුවත් හොරෙක්‌ කිව්වේ නැහැ. ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලනය යටතේ යම් යම් අඩුපාඩු සිදු වුණත් එතුමාටවත් කවුරුවත් හොරෙක්‌ කිව්වේ නැහැ. ඒත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මේ පාලනය යටතේ හොරකම රජයලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා – මම ආණ්‌ඩුවට යනවා කියලා හැම තැනම පළවෙනවා. මට නිකම්ම ප්‍රසිද්ධියක්‌ ලබා දෙනවා. හැබැයි මම කියන්න කැමතියි. අවුරුදු 35 ක්‌ එජාපයේ සිටි මම කවදාවත් මේ ආණ්‌ඩුවට එකතු වෙන්නේ නැහැ.