Spread the News

Link:

baticolocampus

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා පැවසුවේ එම ආයතනයට උපාධි පිරිනැමීම සඳහා අනුමැතිය ලබාදී නොමැති බවයි.
 
 ‘බැටිකලෝ කැම්පස්’ ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින බවත්, ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළවත් දක්නට නොමැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
 
 පසුගිය වසර තුළ විශ්වවිද්‍යාල සඳහා 30,000ක් බඳවාගෙන තිබෙන බවත් මෙම වසරේ 41,500ක් දෙනා බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීවේය.
 
 ‘බැටිකලෝ කැම්පස්’ ආයතනය සම්බන්ධව විකල්ප 02ක් පවතින බවත්, පළමු විකල්පය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස එය පවත්වාගෙන යෑම බවත් ඔහු පැවසීය.
 
 අනෙක් විකල්පය එම ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යෑම බව ද හෙතෙම සඳහන් කළේය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් 100ක් බඳවාගෙන තිබීම සුබවාදී බව පැවසූ ඇමැතිවරයා එම විශ්වවිද්‍යාලය සඳහා පහසුකම් ලබා දීම ඉතා වැදගත් බව ද සඳහන් කළේය.
 
 අකිත පෙරේරා,  රනිල් ධර්මසේන